ගෙවුනු දවස මාර්තු 05 – ආනන්ද නාලන්ද සටන ජය පරාජයෙන් තොරයි

934

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ඉසිපතනය හමුවේ තර්ස්ටන් ජය ගනී

Isipathana v Thurstanමෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සලකුණක් තබා ඇති පාසල් දෙකක් ලෙස හැඳින්විය හැකි කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර එක්දින ක්‍රිකට් තරගය ඊයේ (05) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක විය.

මීට දින කිහිපයකට පෙර විද්‍යාල දෙක අතර පැවති 54 වැනි සහෝදරයින්ගේ ටෙස්ට් ක්‍රිකට් සටනේ දී ජයග්‍රහණය ආසන්නයට පැමිණිය ද කාලය ඊට හරස් වීම නිසා බලාපොරොත්තු කඩ කර ගත් තර්ස්ටන් විද්‍යාලය අද දිනයේ දී තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සමත් විය. ඒ ප්‍රතිවාදී ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 164ක වාර්තාගත ජයක් ලබා ගනිමිනි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 367 (පන්දුවාර 50): චරණ නානායක්කාර 83, ඉමේෂ් විරංග 80, යෙශාන් වික්‍රමාරච්චි 78, කසුන් අබේරත්න 40, නවෝද් සමරකෝන් 23, ලහිරු ඩිල්ශාන් 4/66, මධුශික සඳරුවන් 2/48.

කොළඹ ඉසිපතන විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 203 (පන්දුවාර 50): සංජුල අබේවික්‍රම 72, පැතුම් නිස්සංක 35, නෙරංජන් වික්‍රමාරච්චි 28*, සවන් ප්‍රභාෂ් 3/26, චරණ නානායක්කාර 2/44.

සම්පූර්ණ තරග වාර්තාව: එක්දින සටනින් තර්ස්ටන් විද්‍යාලයට වාර්තා ගත ජයග්‍රහණයක්


සුලෝහිත සටන ජය පරාජයෙන් තොරයි

88th-Battle-of-the-Maroons-2017ක්‍රිකට් ලොව දිග්විජය කළ විශිෂ්ටයින් රැසකගේ පළමු රංග පීඨය බවට පත්වුනු සුලෝහිත සංග්‍රාමයේ 88වැනි පරිච්ඡේදය ඊයේ (05) කොළඹ SSC පිටියේ දී නිමාව දුටුවේය. එහි දී ප්‍රථම ඉනිම වෙනුවෙන් අඩු ලකුණකට සීමා වූ කොළඹ නාලන්ද විද්‍යාලය මුල් දිනයේ දී යම් තරමක පසුබෑමකට ලක් වුවද ලක්ෂිත රසාංජන දෙවැනි ඉනිමේ දී වාර්තා කළ ශතකය නිසා තරගය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවය.

කොළඹ නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 51.5): සුහඟ විජේවර්ධන 37, මධුශාන් හසරංග 31, අවිශ්ක පෙරේරා 26, කසුන් සඳරුවන් 19, කවිශ්ක අන්ජුල 3/37, චාමිකර ගුණසේකර 2/23, සුපුන් වරාගොඩ 2/26.

කොළඹ ආනන්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 190 (පන්දුවාර 47): ශම්මු අශාන් 67, දුශාන් හෙට්ටිගේ 37, කමේෂ් නිර්මාල් 27, කවිශ්ක අන්ජුල 25, කළණ පෙරේරා 3/35, අසේල් කුලතුංග 3/47, මාලිංග අමරසිංහ 2/47.

කොළඹ නාලන්ද විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 280 (පන්දුවාර 86): ලක්ෂිත රසාංජන 113*, කසුන් සඳරුවන් 50*, දසුන් සෙනවිරත්න 39, කවිශ්ක අන්ජුල 2/28, ශම්මු අශාන් 1/36.

සවිස්තර තරග වාර්තාව: රසාංජනගේ ශතකය නිසා සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි


රග්බි –

ජයග්‍රහණය රාජකීයයන්ට

Royal College vs St Peter's Collegeපාසල් රග්බි පිටියේ උණුසුම ඉහල දමමින් පැවැත්වුනු තවත් තරගයක් ඊයේ පැවතියේ කොළඹ රාජකීය සහ බම්බලපිටිය සාන්ත පීතර යන විදුහල් අතරයි. බී. සී. ඇන්ගී කුසලානය වෙනුවෙන් පැවති මෙම තරගය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

තරගය ආරම්භයේ සිටම රාජකීයයන් පෙරමුණේ පසු වූ අතර ප්‍රථම අර්ධය නිමාව දුටුවේ 17-03ක් ලෙස රාජකීයයන් ඉදිරියෙන් තබමිනි. කෙසේ වෙතත් තරගයේ සම්පූර්ණ කාලය නිමා වන විට සාන්ත පීතර විදුහල 10ක් දක්වා ලකුණු පුවරුව ඉහල දමා ගත් නමුත් ඒ වන විටත් ජයග්‍රහණය රාජකීයයන් සතු වී තිබුණි.

  • ප්‍රථම අර්ධය: රාජකීය විද්‍යාලය 17 – 03 සාන්ත පීතර විද්‍යාලය
  • අවසන් ලකුණු: රාජකීය විද්‍යාලය 17 – 10 සාන්ත පීතර විද්‍යාලය
  • ThePapare.com තරගයේ වීරයා: ජනිදු ඩිල්ෂාන් (රාජකීය විදුහල)

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න

දිනයක අවසානය