ගෙවුනු දවස මාර්තු 04 – ත්‍රිත්වයින් විද්‍යා ක්‍රීඩකයෝ පරාජය කරයි

763

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

වැස්සෙන් බාධා වුනු මහා සංග්‍රාමය

Sri Lanka Sports News

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයකින් මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්  හිමි වූ අතර, තවත් පාසල් ක්‍රිකට් මහා තරග දෙකක් ජය පරාජයෙන් තොරව ඊයේ (4) අවසන් විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (63): මන්ජිත් රාජපක්ෂ 40, නිමේෂ් සේනානායක 3/23, රවිශ්ක උපනන්ද 2/14, නිපුන කුමාරසිරි 2/27

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම – 104/8 (52): තුසිත් ද සොයිසා  4/21

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 137 (51.5): භාතිය දිසානායක 39, අශාන් ලොකුසූරිය 29, නිමන්ක ජයතිලක 3/19, ගිහාන් අචින්ත 2/14, මොහොමඩ් අලවි 2/38

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 138/08 (64): ලසිත වරෙල්ලගම 42, තමාශන අබේකෝන් 30, කලන ද සොයිසා 4/35

සම්පූර්ණ වාර්තාව: විද්‍යාර්ථ – සිල්වෙස්ටර් සටන ජය පරාජයෙන් තොරයි


සාන්තුවරුන්ගේ සටන ජය පරාජයෙන් තොරයි

march-madness

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 83 වැනි සාන්තුවරුන්ගේ සටන ඊයේ (04) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාව දිටීය. පසුගිය වසරේ පැවැත්වුනු මහා ක්‍රිකට් තරගයේ දී ශූරතා කුසලානය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය මෙවරත් එහි හිමිකාරීත්වය දරන්නට දැඩි වෙහෙසක් ගත් නමුත් එම උත්සාහයෙන් තම විද්‍යාලය ගලවා ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 57.2): ජෙහාන් ඩැනියෙල් 124*, ශෙවෝන් ෆොන්සේකා 26, පහන් පෙරේරා 25, සන්තුෂ් ගුණතිලක 3/34, මනෙල්ක ද සිල්වා 3/35.

සාන්ත පීතර විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 188 (පන්දුවාර 60): ශලිත් ප්‍රනාන්දු 47, මනෙල්කාර් ද සිල්වා 51, රන්මිත් ජයසේන 25, නිපුන් සුමනසිංහ 4/49.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 163 (පන්දුවාර 77): ජෙහාන් ඩැනියෙල් 42, තශාන් පෙරේරා 25, හරීන් කුරේ 25, මනෙල්ක ද සිල්වා 2/21, මිෆ්ලාල් අමීන් 3/42.

සාන්ත පීතර විද්‍යාලය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 99 (පන්දුවාර 15): සන්තුෂ් ගුණතිලක 52*, අනිෂ්ක පෙරේරා 41*.

සම්පූර්ණ වාර්තාව: 83 වැනි සාන්තුවරුන්ගේ සටන ජය පැරදුමෙන් තොරව නිමාවෙයි


ආනන්ද – නාලන්ද සටනේ පළමු දිනය

Sri Lanka Sports News

ප්‍රෞඪ  ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයේ 88 වන දිග හැරුම ඊයේ (4) කොළඹ එස්.එස්.සී. පිටියේ දී සනිටුහන් විය.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 144 (51.5): සුහඟ විජේවර්ධන 37, මදුෂාන් හසරංග 31, අවිශ්ක පෙරේරා 26, කවිශ්ක අංජුල 3/37, චාමික ගුණසේකර 2/23, සුපුන් වරාගොඩ 2/26

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 160/5 (41): සම්මු අශාන් 60*, දුශාන් හෙට්ටිගේ 37, කවිශ්ක අංජුල 25, අසේල කුලතුංග 3/45, මාලිංග අමරසිංහ 2/32

සම්පූර්ණ වාර්තාව: දිනය අවසානයේ වැඩි ගෞරවය ආනන්දයට


   රග්බි   

ත්‍රිත්ව සහ තොමසුවන්ට ජය

Singer Rugby League

පාසල් රග්බි සංග්‍රාමයේ දෙවැනි සතියේ තවත් තරග ද්විත්වයක් ඊයේ පැවැත්විය. එහි දී සහිරා විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 24-29ක් ලෙස තියුණු ජයක් වාර්තා කරන්නට තොමසුවන් සමත් විය. ඒ අතරම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවති තරගයෙන් උත්සාහක දිනුම් 7ක් සමඟින් ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

සහිරා විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය

  • ප්‍රථම අර්ධය: සහිරා 12 – 22 සාන්ත තෝමස්
  • සම්පූර්ණ ලකුණු: සහිරා 24 – 29 සාන්ත තෝමස්
  • ThePapare.com තරගයේ වීරයා: සයිඩ් සිංහවංස (සහිරා)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

  • ප්‍රථම අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 17 – 00 විද්‍යා විද්‍යාලය
  • සම්පූර්ණ ලකුණු: ත්‍රිත්ව 52 – 07 විද්‍යා විද්‍යාලය
  • Thepapare.com තරගයේ වීරයා: දිලුක්ෂ දංගේ (ත්‍රිත්ව)

  පාපන්දු  

පාපන්දු ශූරතාවය කොළඹට

Sri Lanka Sports News

පුරා මාස ගණනාවක් ඇඳී ආ 2016/17 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ අවසන් සතියේ තරග ඊයේ (04) සාර්ථකව නිමා විය. එහි දී තරග දෙකක් ඊයේ දිනයේ දී පැවති අතර බ්ලූ ස්ටාර් සහ යුධ හමුදාව අතර තරගයෙන් යුධ හමුදාව ජයග්‍රහණය කල අතර ශූරතාවය තීරණය කිරීමට පැවති කොළඹ පාපන්දු සමාජය සහ රිනවුන් කණ්ඩායම අතර තරගයෙන් ගෝල 03-01ක් ලෙස ප්‍රතිවාදීන් පරදවා ශූරතාවය දිනා ගන්නට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

බ්ලූ ස්ටාර් සහ යුධ හමුදාව අතර තරගය

  • ප්‍රථම අර්ධය: බ්ලූ ස්ටාර් 01 – 04 යුධ හමුදාව
  • අවසන් ලකුණු තත්වය: බ්ලූ ස්ටාර් 03 – 07 යුධ හමුදාව

රිනවුන් සහ කොළඹ පාපන්දු සමාජය අතර තරගය

  • ප්‍රථම අර්ධය: රිනවුන් 01 – 01 කොළඹ පාපන්දු සමාජය
  • අවසන් ලකුණු තත්වය: රිනවුන් 01 – 03 කොළඹ පාපන්දු සමාජය

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න

දිනයක අවසානය