ගෙවුනු දවස මාර්තු 03 – දිනේෂ් චන්දිමාල් නැවතත් කරළියට

778
Sri Lanka sports news last day summary March 2nd

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

මන්ජිත් රාජපක්ෂගෙන් 40ක්

pic 1සිංගර් කුසාලන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙදින තරගයක් හා සීමිත පන්දුවාර තරගයක් මෙන්ම තවත් පාසල් ක්‍රිකට් මහා තරග කිහිපයක්ම ඊයේ (3) පැවැත්විය. ඒ අතුරෙන් මහානාම විද්‍යාලයේ මලිදු මදුරංගගේ ලකුණු 184ක සුපිරි ඉනිම වැඩි අවධානයකට ලක්විය.

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය – 200 සියල්ලන්ම දැවී (45.1): නිපුන් ධනංජය 29, ශෙහාර රණතුංග 28, ඉශාන් ප්‍රනාන්දු 27, ඩිල්ශාන් ප්‍රසාද් 25, ධනුෂ්ක නෙරන්ජන 25, අංජන රැක්මාල් 24, චාරුක තරිදු 3/47, උදිත හිරුශික 2/25,ශානුක ප්‍රනාන්දු 2/31, මලිත් තිත්තතගල්ල 2/40

සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී 123 (43.2): වර්ග්‍රාස සදීශ් 25, ධනුෂ්ක නෙරන්ජන 2/18, ශෙහාර රණතුංග 2/24, ඇන්ටන් චමෝද් 2/25, නිපුන් ධනංජය 2/31

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (63): මන්ජිත් රාජපක්ෂ 40, නිමේෂ් සේනානායක 3/23, රවිශ්ක උපනන්ද 2/14, නිපුන කුමාරසිරි 2/27

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 37/2 (19):

සම්පූර්ණ වාර්තාව: සිල්වෙස්ටර් විදුහලට විද්‍යාර්ථ විදුහලෙන් අභියෝගයක්


ජෙහාන් ඩැනියෙල් 124*

J.-Denialඑදා මෙදාතුර ලක් මාතාව ජයග්‍රහණයෙන් සරසන්නට මූලිකත්වය ගත් විශිෂ්ට ක්‍රීඩකයින් රැසකගේ තිඹිරිගෙය බවට පත්වූ පාසල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (03) කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ විය. ඒ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වෙන 83 වැනි ‘සාන්තුවරුන්ගේ ක්‍රිකට් සටන’යි.

සාන්ත ජෝසප් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 57.2): ජෙහාන් ඩැනියෙල් 124*, ශෙවෝන් ෆොන්සේකා 26, පහන් පෙරේරා 25, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 14, සන්තුෂ් ගුණතිලක 3/34, මනෙල්කාර් ද සිල්වා 3/35.

සාන්ත පීතර විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 138 (පන්දුවාර 47): ශලිත් ප්‍රනාන්දු 47, මනෙල්කාර් ද සිල්වා 40*, ජෙහාන් ඩැනියෙල් 1/17, හවීන් පෙරේරා 1/24.

සම්පූර්ණ තරග වාර්තාව: පීතර විද්‍යාලයේ අභියෝගය හමුවේ ජෙහාන් ඩැනියෙල්ගෙන් විශිෂ්ට ශතකයක්


චන්දිමාල් විශිෂ්ට පිතිකරණයක

pic 3(1)මෑත කාලීනව ඉහළ දක්ෂතා දක්වා ඇති පෙරළිකාර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් සටන ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් වැනි කෙටි කාලයකි. ඊට පෙරාතුව ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සමඟ දෙදින පුහුණු තරගයකට සහභාගි වීමේ අවස්ථාව ඊයේ සහ ඊයේ (03) දිනයන් හිදී සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය. කණ්ඩායම් දෙකම පිත්තෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කිරීම නිසාවෙන් ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ නොදැවී ලකුණු 190ක් රැස්කල දිනේෂ් චන්දිමාල් අද දිනයේ ප්‍රධාන චරිතය බවට පත්විය.

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 391 (පන්දුවාර 90): තමීම් ඉක්බාල් 136, මොමිනුල් හක් 73, ලිතන් දාස් 57*, මහමුදුල්ලාහ් 43, ශකීබ් අල් හසන් 30, චාමික කරුණාරත්න 3/61, ලසිත් ඇඹුල්දෙණිය 1/57, ලහිරු සමරකෝන් 1/70.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 403 (පන්දුවාර 90): දිනේෂ් චන්දිමාල් 190*, චාමික කරුණාරත්න 50*, රොශේන් සිල්වා 38, වනිඳු හසරංග 32, රුමේෂ් බුද්ධික 32, ටස්කින් අහමඩ් 3/41, මුස්ටාෆිසූර් රහ්මාන් 2/28, සෞම්‍ය සර්කාර් 1/53.

සම්පූර්ණ තරග වාර්තාව: දිනේෂ් චන්දිමාල්ගෙන් නොදැවී 190ක්


රග්බි –

අන්තෝනි සහ වෙස්ලි විද්‍යාලයට ජය

pic 4පාසල් රග්බි ලීගයේ තවත් තරග ද්විත්වයක් ඊයේ පැවැති අතර එම තරග වලින් ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කරමින් සාන්ත අන්තෝනි විදුහලත්, වේල්ස් කුමර විදුහල පරාජය කරමින් වෙස්ලි විදුහලත් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සාන්ත අන්තෝනි විදුහල

  • ප්‍රථම අර්ධය: සාන්ත අන්තෝනි විදුහල 26 – 11 ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • සම්පූර්ණ ලකුණු: සාන්ත අන්තෝනි විදුහල 54 – 25 ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • ThePapare.com තරගයේ වීරයා: දිනේෂ් රොද්‍රිගෝ (සාන්ත අන්තෝනි)

වේල්ස් කුමර විදුහල සහ වෙස්ලි විදුහල

  • ප්‍රථම අර්ධය: වෙස්ලි විද්‍යාලය 13 – 03 වේල්ස් කුමර විදුහල
  • සම්පූර්ණ ලකුණු: වෙස්ලි විද්‍යාලය 28 – 10 වේල්ස් කුමර විදුහල
  • ThePapare.com තරගයේ වීරයා: අවිශ්ක ලී (වෙස්ලි)

දිනයක අවසානය