ගෙවුනු දවස මාර්තු 02 – ප්‍රථම ජය ශ්‍රී ලංකාවට

454

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

බංගලාදේශයෙන් අභියෝගයක්

pic 01සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් එළැඹෙන මාර්තු 7 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පූර්ව සූදානමක් වශයෙන් පැවැත්වෙන දෙදින පුහුණු තරගය ඊයේ (02) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහි ප්‍රථම දිනය නිමාවන විට පිත්තෙන් සාර්ථක වී සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 391ක් ලබාගෙන සිටියි.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 391 (පන්දුවාර 90): තමීම් ඉක්බාල් 136, මොමිනුල් හක් 73, ලිතන් දාස් 57*, මහමුදුල්ලාහ් 43, ශකීබ් අල් හසන් 30, චාමික කරුණාරත්න 3/61, ලසිත් ඇඹුල්දෙණිය 1/57, ලහිරු සමරකෝන් 1/70.

සම්පූර්ණ තරග වාර්තාව: නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්


ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

pic 02එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු නිල නොවන එක්දින තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඊයේ (2) අවසන් වූයේ ශ්‍රී ලංකා A කණ්ඩායම වෙත ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 47ක විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන එමිනි.

ශ්‍රී ලංකා A කණ්ඩායම – 278/07 (48.1): ධනුෂ්ක ගුණතිලක 64, කුසල් පෙරේරා 59, තිසර පෙරේරා 56*, මිලින්ද සිරිවර්ධන 48, කෙයිග් ඕවර්ටන් 2/46, ටොබිස් රෝලන්ඩ් ජොන්ස් 2/59

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – 230/09 (43): කීට්න් ජෙනින්ස් 64, කෙයිග් ඕවර්ටන් 60*, ලෙයිම් ලිවින්ස්ටන් 39, ලහිරු මදුසංක 3/50, ශෙහාන් ජයසූරිය 2/32, අමිල අපෝන්සු 2/37

සම්පූර්ණ තරග වාර්තාව: ශ්‍රී ලංකා සුපිරි තරු යලිත් කරළියට