ගෙවුනු දවස මාර්තු 29 – හොං කොං යන ශ්‍රී ලංකා රග්බි සංචිතය

1324
Sri Lanka Sports News LAst Day summary march 29th

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

රග්බි –

රග්බි සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව ලෝක සත්සාමාජික රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් වන හොං කොං සත්සාමාජික තරගාවලිය සඳහා සහභාගී වන නිල සංචිතය ඊයේ නිකුත් කෙරුනි.

තරගාවලිය අප්‍රේල් මස 7 වැනි දා සිට 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.

හිටපු නායක ෆාසිල් මරීජා, අනුරුද්ධ විල්වර සහ අනුරාධ හේරත් මෙම සංචිතයට අලුතින් එක්වී ඇත්තේ පසුගිය දා නිමා වුනු බෝර්නියෝ සත්සාමාජික තරගාවලියේ දී ආබාධ වලට ලක් වූ ඔමල්ක ගුණරත්න, රීසා රෆයිඩීන් සහ කවින්දු පෙරේරා යන ක්‍රීඩකයින් වෙනුවෙනුයි.

සම්පූර්ණ සංචිතය: ධනුෂ්ක රන්ජන් (C), ෆසීල් මරිජා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දනුෂ් දයාන්, ජේසන් දිසානායක, සුහිරු ඇන්තනි, රිචඩ් ධර්මපාල, අනුරුද්ධ විල්වර, සුදර්ශන මුතුතන්ත්‍රි, කෙවින් ඩික්සන්, සාලිය හඳපාන්ගොඩ, අනුරාධා හේරත්


ක්‍රිකට් –

කපුගෙදරගෙන් ශතකයක්

SLC Districts One Dayබංගලාදේශය සමඟ මේ දිනවල දී පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුන දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර ඊයේ (29) අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ දී නොදැවී ශතකයක් වාර්තා කරමින් මහනුවර කණ්ඩායම අවසන් පූර්ව වටය තෙක් ඔසවා තැබීමට සමත් විය. මීට අමතරව ඊයේ පැවැත්වුනු අනෙකුත් තරග වල දී කොළඹ, මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක අවසන් පූර්ව වටයේ තමාට හිමි ස්ථාන වෙන්කර ගත්හ.

මහනුවර – කඩුලු 7ක් දැවී ලකුණු 273 (පන්දුවාර 50): චාමර කපුගෙදර 100*, සචිත්‍ර සේනානායක 53*, ඕෂධ ප්‍රනාන්දු 36, ශම්මු අශාන් 24, ජීවන් මෙන්ඩිස් 3/17, දුලාංජන මෙන්ඩිස් 2/38.

‍යාපනය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 27.4): රමිත් රඹුක්වැල්ල 47, මනෝජ් සරත්චන්ද්‍ර 27, තරංග පරණවිතාන 24, තිලකරත්න ඩිල්ශාන් 17, කසුන් මධුශංක 3/45, සචිත්‍ර සේනානායක 2/26, ජෙෆ්රි වැන්ඩර්සේ 2/29.

කොළඹ – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 46.2): මාධව වර්ණපුර 86, ලසිත් අබේරත්න 47, ළහිරු මධුශංක 24, ළහිරු කුමාර 4/21, දුශ්මන්ත චමීර 3/48, මාලිංග අමරසිංහ 2/29.

මාතර – කඩුලු 5ක් දැවී ලකුණු 106 (පන්දුවාර 20): සඳුන් වීරක්කොඩි 51, ෆර්වීස් මහරූෆ් 25, විශ්ව ප්‍රනාන්දු 2/18, අශාන් ප්‍රියන්ජන් 2/21.

සම්පූර්ණ තරග වාර්තාව: මහනුවර අවසන් පූර්ව වටයට ගෙන ගිය කපුගෙදරගේ ශතකය


වොලිබෝල් –

නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වේ

U19 Volleyball28 වැනිදා ඇරඹි ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ඊයේ (29) පැවතියේ ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිවයි. එහි දී වට 3-0ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජය ලැබුවත්, ඊයේ තායිලන්තය හමුවේ දක්නට නොලැබුණු සටන්කාමී බවක් ඊයේ ඔවුන්ගෙන් දිස්විය.

සම්පූර්ණ වාර්තාව: ලක් යෞවනයන්ගෙන් ප්‍රබල ජපානයට සටනක්

දිනයක අවසානය