ගෙවුනු දවස මාර්තු 23 – කුසල් ගෙදරට, මිලින්ද දඹුල්ලට

303

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ශූරයින්ගේ කුසලානය රට වටේ

p1

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියට (ICC Champions trophy) සහභාගී වන රටවල් 8 හරහා සංචාරය කරන, එම තරගාවලියේ ශූරයන්ට හිමි වන කුසලානය ඊයේ 22 වැනිදා කොළඹ නගරයට ළඟා විය. “නිසාන් ට්‍රෝෆි ටුවර්” (Nissan trophy tour) නමැති ‘කුසලාන සවාරිය’ විසින් සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ස්වභාවය සනිටුහන් කිරීම වන අතර එහි දී ශ්‍රී ලාංකිකයන්ට සහ ලෝක වාසී ක්‍රිකට්ලෝලීන්ට පෙර නොවිඳි අත්දැකීමක් විඳීමට ඉඩ සැලසේ.

සම්පූර්ණ ලිපිය: “ICC ශූරයන්ගේ කුසලානය” ශ්‍රී ලංකාවට සැපත් වේ


ඇන්ජලෝගේ ශතකයෙන් ජය කුරුණෑගලට

p2

විවිධ බාධා මැදින් වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරඟයක් අද (23)  කෑගල්ල කණ්ඩායම හා කුරුණෑගල කණ්ඩායම අතර පැවැත්වුණි. එම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කෑගල්ල කණ්ඩායම සමත් වූ අතර, එහි දී ඇන්ජලෝ ජයසිංහ (53*) තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවන ලදි.

කුරුණෑගල – සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 40.4): ධනුෂ්ක ධර්මසිරි 34, මලිත් ප්‍රේමතිලක 28, ගයාන් තාරක 24, හෂාන් ප්‍රභාත් 21, ප්‍රභාත් ජයසූරිය 3/19, අලි කාන් 3/38, ඉෂාන් ජයරත්න 2/31

කෑගල්ල – කඩුලු 5ක් දැවී ලකුණු 179 (පන්දුවාර 37.3): ඇන්ජලෝ ජයසිංහ 53*, ප්‍රියමාල් පෙරේරා 25*, නිසල තාරක 25, හශාන් දුමිදු 25, විශාද් රන්දික 23, රැවන්ත ඒකනායක 2/34

සම්පූර්ණ වාර්තාව: ජයසිංහ ගෙන ආ ජයග්‍රහණය


රිච්මන්ඩ් විදුහලත් අවසන් තරගයට

p3

වයස අවුරුදු 19න් පහළ සිංගර් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (23) පැවතියේ ඉතාමත් තීරණාත්මක දෙවැනි අවසන් පූර්ව තරගයයි. එහි දී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව කුසලතා පූර්ණ තරග රටාවක් පෙන්නුම් කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.

මලියදේව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 49.2): දිනංජය ප්‍රේමරත්න 41, නිසංජල හෙට්ටිආරච්චි 34, කමිඳු මෙන්ඩිස් 4/24.

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 160 (පන්දුවාර 21.2): ධනංජය ලක්ෂාන් 86, කමිඳු මෙන්ඩිස් 58*.

සම්පූර්ණ වාර්තාව: කමිඳුගේ දක්ෂතා නිසා රිච්මන්ඩ් අවසන් මහා තරගයට


නායකත්වය ඇන්ජලෝ පෙරේරාට

p4

එළඹෙන සතියේ බංග්ලාදේශයේ දී ආරම්භ වන ආසියානු නැගී එන ක්‍රිකට් කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මැදපෙළ පිතිකරු ඇන්ජලෝ පෙරේරා හට හිමිව ඇත.

ආසියානු රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලිය ලබන 27 වන දා සිට ලබන අප්‍රේල් 3 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන අතර, එම තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනු ඇත. තවද මෙහි ඇති විශේෂත්වය වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආසියානු කණ්ඩායම්, වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් ලෙස තරග වදින අතර, ටෙස්ට් ක්‍රීඩා නොකරන ඇෆ්ගනිස්තානය, මැලේසියාව, හොංකොං හා නේපාලය යන ආසියානු කණ්ඩායම් සඳහා තම ජාතික කණ්ඩායම සහභාගි කරවීමට ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

සම්පූර්ණ සංචිතය: ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සුක්කානම ඇන්ජලෝ පෙරේරාට


ඕස්ට්‍රේලියා යන යොවුන් සංචිතය

p5

එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගි වන පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් ජාතික ක්‍රිකට් සංචිතය, ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට නම් කර තිබේ.

ගෙවුනු වසරේ යොවුන් ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වූ රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට මෙවරත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමිව තිබේ. සංචාරයට අයත් තරඟ අතර, තුන් දින පුහුණු තරගයක්, එක් තුන් දින යොවුන් ටෙස්ට් තරගයක් සහ යොවුන් එක්දින තරග 5ක් ඇතුළත් වේ.

සම්පූර්ණ සංචිතය: කමිඳුගේ නායකත්වය යටතේ යොවුන් ක්‍රිකට් පිළ ඔස්ට්‍රේලියාවට


මිලින්ද සිරිවර්ධන කුසල්ගේ අඩුව පුරවයි

p6

බංගලාදේශය සමඟ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත එක් දින තරගාවලියේ ප්‍රථම තරග ද්විත්වය සඳහා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී නොවන බව වාර්තා වේ. 22 වැනිදා කොළඹ ccc ක්‍රීඩාංගණයේ දී පැවති පුහුණු තරගය අතරතුර දී කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

සම්පූර්ණ වාර්තාව: කුසල් ජනිත්ගේ අඩුව පුරවන්න මිලින්ද සිරිවර්ධන සංචිතයට

දිනයක අවසානය