ගෙවුනු දවස මාර්තු 22 – ශ්‍රී ලංකාවට තියුණු ජයක්

201
Sri Lanka Sports News Last day summary March 22nd

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ජයග්‍රහණය කෑගල්ලට

pic 1(1)දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරවන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලිය ඊයේ (22) ක්‍රීඩාංගණ 7ක දී ක්‍රියාත්මක විය. දිවයිනේ දිස්ත්‍රික්ක 24ක් එකම ශූරතාවයක් උදෙසා සටන් වදින මෙම දැවැන්ත තරගාවලියේ ඊයේ දිනයේ තම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා කැටුව ගිය ප්‍රමුඛයින් බවට පත් වන්නට ටී. එම්. සම්පත්, සංජික රිද්ම සහ උදාර ජයසුන්දර වැනි ක්‍රීඩකයන් සමත් වූහ.

මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 290 (පන්දුවාර 50): ටී. එම්. සම්පත් 126, රුමේෂ් බුද්ධික 34, භානුක රාජපක්ෂ 32, ඇන්ඩි සොලමන්ස් 29, චානක විජේසිංහ 27, හශේන් රාමනායක 20, අලංකාර අසංක 3/38, සාලිය සමන් 3/64.

අම්පාර – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 36.4): සාලිය සමන් 65, අලංකාර අසංක 46, විශ්ව විජේරත්න 29, මතීෂ පෙරේරා 23, ඇන්ඩි සොලමන්ස් 2/16, ටී. එම්. සම්පත් 2/24, භානුක රාජපක්ෂ 2/26, හශේන් රාමනායක 2/42.

පුත්තලම – කඩුලු 8ක් දැවී 252 (පන්දුවාර 50): තික්ෂිල ද සිල්වා 59, ඉසුරු උදාන 55, රුක්ෂාන් ප්‍රනාන්දු 39*, ඉශාන් ජයරත්න 3/46, නුවන් කුලසේකර 2/36

කෑගල්ල – කඩුලු 7ක් දැවී ලකුණු 256 (පන්දුවාර 43.2): සදීර සමරවික්‍රම 74, නිසල තාරක 49*, ප්‍රියමාල් පෙරේරා 38*, අවිශ්ක ප්‍රනාන්දු 27, අසිත ප්‍රනාන්දු 2/25, ශෙහාන් ජයසූරිය 2/36, තික්ෂිල ද සිල්වා 2/53.

සම්පූර්ණ වාර්තාව: ටී. එම්. සම්පත්ගෙන් සුපිරි ශතකයක්


පුහුණු තරගයේ ජය ලංකාවට

pic 2සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන පෙර පුහුණු තරගය ඊයේ (22) කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති අතර, එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 354 (පන්දුවාර 50): සඳුන් වීරක්කොඩි 67, කුසල් පෙරේරා 64, ධනංජය ද සිල්වා 52, තිසර පෙරේරා 41, මිලින්ද සිරිවර්ධන 32, සුන්සාමුල් ඉස්ලාම් 1/27, අබුල් හසන් 1/25

බංග්ලාදේශ කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 352 (පන්දුවාර 50): සබීර් රහමාන් 72, මොහොමඩ් මහමදුල්ලා 71*, මශ්රෆ් මොර්ටාසා 58, මොස්දෙක් හුසේන් 53, සවුම්ය සරක්කාර් 47, අකිල ධනංජය 3/61, චතුරංග ද සිල්වා 2/53

සම්පූර්ණ වාර්තාව: නොසිතූ මොහොතක උණුසුම් තරගයක්; ජය ශ්‍රී ලංකාවට


පාපන්දු –

ජාවා ලේන් 02 – 00 බන්ධනාගාර

pic 32016/17 කාර්ගීල්ස් ෆුඩ් සිටි එෆ්. ඒ. කුසලාන තරගාවලියේ තුන්වන වටයේ තරගයක් ඊයේ (22) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවති අතර එහි දී ගෝල 2 – 0ක් ලෙස බන්ධනාගාර ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය – ජාවා ලේන් ක්‍රීඩා සමාජය 1 : 0 බන්ධනාගාර ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය – ජාවා ලේන් ක්‍රීඩා සමාජය 02 : 00 බන්ධනාගාර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ප්‍රභාත් ජයසිරි (බන්ධනාගාර)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින් –

ජාවා ලේන් ක්‍රීඩා සමාජය: මොහොමඩ් රිස්හාන් 44’, මාලක පෙරේරා 77’

සම්පූර්ණ වාර්තාව: ජාවා ලේන් ක්‍රීඩකයින් බන්ධනාගාර ක්‍රීඩකයෝ මට්ටු කරයි

දිනයක අවසානය