ගෙවුනු දවස ජුනි 09 – රන් මහා සංග්‍රාමයේ ජය ඩී. එස්. විදුහලට

403

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

කුසල් වෙනුවට වෙනත් අයෙක්?

Kusal Perera

08 වැනි දා ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජය ගත් තරගය අතරතුර දී සිදු වූ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා හට 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලිය නිමා කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වන බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිට පෙරද බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියක දී පුහුණු තරගයක් අතරතුර කලව ප්‍රදේශයේ ඇති වූ මෙම ආබාධය නිසාම එම තරගාවලිය ඔහුට අහිමි වූ අතර, සතියකට වඩා වැඩි විවේකයකින් පසුව විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට හැකි විය.

සම්පූර්ණ වාර්තාව: කුසල් පෙරේරා වෙනුවට වෙන කෙනෙක් එංගලන්තයට


   රග්බි   

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ජය

WC-vs-SJC

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ හතරවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 43-29ක් ලෙස වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම පරාජය කරන්නට සමත් විය. තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ ඊට පෙර වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය සහ ලීග් ශූරතා තරගාවලියේ පැවති තරගය පරාජය වීමෙන් අනතුරුව යි.

සම්පූර්ණ වාර්තාව: වෙස්ලි විදුහලේ ජනාධිපති කුසලාන සිහිනය බොඳ වේ


ඩී. එස්. විදුහලට දැවැන්ත ජයක්

DS Rugby

කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පැවැත්වෙන 11 වැනි වරටත් පැවැත්වුනු රන් මහා රග්බි සංග්‍රාමයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී. එස්. විදුහල සමත් විය. තරගය කොළඹ හැව්ලොක් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවතියේ රාත්‍රී තරගයක් ලෙසයි.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට 27-09ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී. එස්. ක්‍රීඩකයින් සමත් වූ අතර දෙවන අර්ධය නිමා වෙද්දී මහානාම විද්‍යාලය ලකුණු 9 සීමාවේ රඳවා තබා ගනිමින් ලකුණු 46ක් දක්වා විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට ඩී. එස්. ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රථම අර්ධය: ඩී. එස්. සේනානායක විදුහල 27- 09 මහානාම විදුහල

දෙවන අර්ධය: ඩී. එස්. සේනානායක විදුහල 46 – 09 මහානාම විදුහල

ThePapare.com තරගයේ වීරයා: දිනූෂ හේමසිරි (ඩී. එස්. එස්)

පසුගිය ලිපි: නොකඩවා 8 වන වරටත් ශූරතාව ඩී. එස්. කණ්ඩායමට

දිනයක අවසානය