ගෙවුනු දවස ජුනි 4 – යුධ හමුදාව 07:05 නාවික හමුදාව

255

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ජයග්‍රහණය ඉන්දියාවට

pic 1ආසියානුකරයේ සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයින් දෙදෙනා වන ඉන්දියාව සහ පකිස්තානය අතර සීතල යුද්ධය අද (04) එංගලන්තයේ බර්මිංහැම් නුවර දී දිවා තරගයක් ලෙසින් ආරම්භ විය. කෙසේ වෙතත් තරගාවලිය ඇරඹීමටත් පෙර සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වුනු මෙම උණුසුම් ක්‍රිකට් සටන පහසුවෙන්ම ජය ගත්තේ ඉන්දියානු කණ්ඩායමයි. තරගයේ වීරයා සම්මානය වමත් පිතිකරු යුවරාජ් සිංට හිමි විය.

ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 319 (පන්දුවාර 48): රෝහිත් ශර්මා 91, විරාත් කෝලි 81*, ශිකර් ධවාන් 68, යුවරාජ් සිං 53, හාර්දික් පාණ්ඩ්‍යා 20*, ශදාබ් කාන් 1/52, හසන් අලි 1/70.

පකිස්තානය – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 33.4): අසාර් අලි 50, මොහොමඩ් හෆීස් 33, ශොයිබ් මලික් 15, සෆ්රාස් අහමඩ් 15, උමේෂ් යාදෙව් 3/30, හාර්දික් පාණ්ඩ්‍යා 2/43, රවින්ද්‍ර ජඩේජා 2/43.

සම්පූර්ණ ලිපිය: ලොවක් බලා සිටි තරගයේ ජය ඉන්දියාවට


රග්බි –

pic 2අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ පළමු වටයේ තරග කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් ඊයේ දිනයේ දී (04) හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ඒ අනුව අවසන් මහා තරගයේ දී නාවික හමුදා කණ්ඩායම ලකුණු 07 (1T, 1C) – 05 (1T)ක් ලෙස පරාජයට පත්කළ යුද හමුදා කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලියේ දෙවන වටයේ තරග මෙම මස (ජූනි) 25 වන දින පැවැත්වෙනු ඇත.

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න


පිහිනුම් –

විශාඛා සහ සාන්ත ජෝසප් විදුහල්වලට ජය

pic-3ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් අඛණ්ඩව පවත්වනු ලැබූ “43 වන වයස් කාණ්ඩ පිහිනුම් ශූරතා තරගාවලියේ” සිව්වන හා අවසන් දිනය අද (4) සුගතදාස පිහිනුම් තටාකයේ දී සාර්ථක ලෙස අවසන් වූ අතර, එහි පිරිමි අංශයේ සමස්ත ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හිමි කර ගන්නා විට, කාන්තා අංශයේ ශූරතාවය කොළඹ විශාඛා විද්‍යාලයට හිමි විය.

සම්පූර්ණ වාර්තාව: ශූරතාවය විශාඛා හා සාන්ත ජෝසප් විද්‍යාලයට

දිනයක අවසානය