ගෙවුනු දවස ජුනි 03 – බ්‍රැඩ්බි පළිහ රාජකීය විදුහලට

207
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

අම්ලා, තහීර් ලංකාවට හිසරදයක් වෙයි

Pic 1

සුපිරි පිතිකරුවන් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 299කට සීමා කිරීමට ඊයේ (03) ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද මැදපෙළ පිතිකරුවන් දැක්වූ එක්දින ක්‍රීඩාවට නොගැළපෙන අසාර්ථක පිතිකරණ රටාව හේතුවෙන් ලකුණු 96ක පරාජයක් භාර ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ අනුව පිළිමළුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරි තරගවල දී මීට වඩා වගකීමකින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ වාර්තා කිරීම ශ්‍රී ලංකා පිළට අනිවාර්ය වී තිබේ.

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 299 (පන්දුවාර 50): හෂිම් අම්ලා 103, ෆැෆ් ඩු ප්ලෙසිස් 75, ජේ.පී. ඩුමිනි, 38*, නුවන් ප්‍රදීප් 2/54, සුරංග ලක්මාල් 1/51, සීක්කුගේ ප්‍රසන්න 1/72.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 41.3): උපුල් තරංග 57, නිරෝෂන් දික්වැල්ල 41, කුසල් පෙරේරා 44*, සීක්කුගේ ප්‍රසන්න 13, ඉම්රාන් තහීර් 4/27, ක්‍රිස් මොරිස් 2/32

සම්පූර්ණ වාර්තාව: අම්ලා සහ තහීර් සිංහ බලාපොරොත්තු බොඳ කරයි


රග්බි –

රාජකීයයෝ ත්‍රිත්වයින් පරාජය කරති

Royal College - 73rd Bradby Shield Winner 2017

කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කිරීමත්, පසුපෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාශයත් නිසා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති බ්‍රැඩ්බි පළිහේ දෙවන වටය ජය ගනිමින් බ්‍රැඩ්බි පළිහ තම පාසලට හිමි කර දෙන්නට, මෙවර ලීග් තරගාවලියේ ද ශූරයින් බවට පත්වූ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ වාර්තාව: බ්‍රැඩ්බි පළිහ රාජකීයයන්ට

දිනයක අවසානය