ගෙවුනු දවස ජුනි 27 – තිරිමාන්න ගෙදරට දික්වැල්ල අැතුලට

319
Sri Lanka Sports news last day summary

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

රාජකීයයෝ අර්ධ අවසන් වටයන්ට

2016 මයිලෝ ජනාධිපති රග්බි කුසලාන තරගාවලියේ 3වැනි අර්ධ අවසන් පූර්ව වටයේ, රාජකීය විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර  රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවති තරගයෙන් 29 : 21 ලෙස ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය.

අවසන් ලකුණු – වෙස්ලි විද්‍යාලය 21 (2T,1C,1P,2DG) : 29 (5T,2C) රාජකීය විද්‍යාලය

තරග තීරක – ප්‍රියන්ත සුරංග

ThePapare.com තරගයේ වීරයා – අශේන් ෆර්නැන්ඩො (රාජකීය විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම්

රාජකීය විද්‍යාලය – අස්මීර් ෆාර්ජුඩීන් 10 (2T), හරිත ලොකුගමගේ 5 (1T), අශේන් ෆර්නැන්ඩෝ 5 (1T), සාබිත් ෆෙරෝස් 5 (1T), ඔවීන් අස්කි 4 (2P)

වෙස්ලි විද්‍යාලය – සයාන් සාබර් 5 (1T), දිනේරු රනවීර 5 (1T), මුර්ෂිඩ් සුබර් 3 (1DG), අවිශ්ක ලේ 5 (1C,1P), තරිදු වල්පිට 3 (1DG)

සම්පූර්ණ ලිපිය: වෙස්ලි ක්‍රීඩකයෝ පරදවා රාජකීයයෝ ඉදිරියටම


තිරිමාන්නට අබාධයක්

කොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු ළහිරු තිරිමාන්නට එංගලන්ත සංචාරය අහිමිවී තිබෙනවා.

වෙනුවට මේ වන විට ශ්රි ලංකාකණ්ඩායමත් සමග එංගලන්තයට ගොස් සිටින නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊයේ නිමාවූ එංගලන්ත එක්දින තරගාවලියේ තෙවැනි තරගයකටද තිරිමාන්න ක්රීඩා නොකළේය.


මෙසි අන්තර්ජාතික පාපන්දුව අතහරි

ආජන්ටිනාවේ ඉදිරිපෙළ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද (27දා) අලුයම නිමා වූ කෝපා ඇමෙරිකා කුසලානයේ අවසන් මහ තරගයෙන් ආජන්ටිනාව පරාජය වීමෙන් පසුවයි.

“ජාතික කණ්ඩායම මට අහිමියි. මට පුළුවන් හැම දෙයක්ම කණ්ඩායම වෙනුවෙන් කළා. ශූරයෙක් වීමට නොහැකි විම වේදනාවක්” යැයි මෙසී සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔහු අඛණ්ඩව බාසිලෝනා කණ්ඩායම හා පාපන්දු ක්‍රීඩා කරනු ඇත

අද දිනයේ පුවත් සමඟත් රැදි සිටින්න – පිවිසෙන්න