ගෙවුනු දවස ජුනි 24 – නවකයින්ට පණිවිඩයක් සමඟින් ෆොඩ් අස්වෙයි

673

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   රග්බි   

සාන්ත ජෝසප් විදුහලට ජය

St. Joseph's College vs Isipathana College

25 වන වරටත් මයිලෝ ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පැවති “මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ” අවසන් මහා තරගයෙන්, ගියවර ශූරතාවය මෙන්ම මෙම තරගාවලි ඉතිහාසයේ දස වතාවක් ශූරතාවය ජයග්‍රහණය කළ ඉසිපතන විද්‍යාලය පරාජයට පත්කරමින් තම පළමු ජනාධිපති කුසලාන ශූරතාවය ජයග්‍රහණය කිරීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයේ දී ලකුණු 34 – 12ක් ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ලකුණු 22 – 20ක් ලෙස පරාජය කරමින් ඉසිපතන විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: ඉසිපතනය පරාජය කළ ජෝසප් ක්‍රීඩකයෝ ජය පැන් බොති


   ක්‍රිකට්   

ෆෝඩ් නික්ම යයි

10553709_1041074462632785_6643952402044814850_o

මාස 15ක පමණ කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් එම ධූරයෙන් නිල වශයෙන් ඉවත් වන බව දන්වා තිබේ.

“ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳව අපි ඔහුට ස්තුතිවන්ත විය යුතුයි,” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සිය මාධ්‍ය නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියි.

“ෆෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වුනේ ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසකට එරෙහිව තරග තහනම් කිරීම් සිදු කළ වකවානුවක් තුල දී යි. ඒ වගේම එම කාලය ඉතාමත් බැරෑරුම් වගේම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වුනා. එවන් අවස්ථාවක දී ඔහු අපට හැකි උපරිමයෙන් දායකත්වය දැක්වීමට ඉදිරිපත් වුනා.”

සම්පූර්ණ වාර්තාව: ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු ධූරයෙන් සමු ගනියි!


ශ්‍රී ලංකාවට නවසීලන්තයෙනුත් ප්‍රහාරයක්

ESPN Cricinfo
ESPN Cricinfo

මෙවර එංගලන්තය සහ වේල්සය පදනම් කර ගනිමින් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන්ම කඩුලු 9ක දරුණු පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (24) සිදු විය. ඒ බ්‍රිස්ටල් හිදී පැවති තරගයේ දී ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රීඩිකාවන් තුන් ඉරියව්වෙන්ම දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙනි.

ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී ලකුණු 188 (පන්දුවාර 50): චමරි අතපත්තු 53, චමරි පොල්ගම්පළ 49, නිපුනි හංසිකා 31, ශශිකලා සිරිවර්ධන 16, හොලී හඩ්ල්ස්ටන් 5/35, අමේලියා කර් 1/13, සොෆී ඩෙවින් 1/31.

නවසීලන්තය – එක් කඩුල්ලක් දැවී ලකුණු 189 (පන්දුවාර 37.4): සුසී බේට්ස් 106*, ඇමී සැටර්වයිට් 78*, චන්දිමා ගුණරත්න 1/20.

සම්පූර්ණ වාර්තාව: සුසී – හොලී සුසංයෝගය නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්!

දිනයක අවසානය