ගෙවුනු දවස ජුනි 22 – මාලිංගට බකට් එකක් පෙරළෙන ලකුණු

303

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

මාලිංගට පරීක්ෂණයක්

Lasith Malinga

රජයේ ඇමතිවරයෙක් හට අපහාස වන අන්දමින් වචන භාවිතා කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (22) පරීක්ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබුණි. අමාත්‍යවරයා හා ලසිත් මාලිංග අතර මෙම මත ගැටුම හට ගත්තේ ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව පිළිබඳව අමාත්‍යවරයා සිය අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තු උල්ලංඝණය වන ලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වීම නිසා මාලිංගට මේ වන විට පරීක්ෂණයක් පැවත්වෙනවා.“ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ.එෆ්.පී. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

සම්පූර්ණ වාර්තාව: මාලිංග හා ඇමති ගැටලුව දිග්ගැස්සෙයි


සති අන්තය ක්‍රිකට්වලිනුත් උණුසුම්

Last-Man-Stands-Sri-Lanka

“Last Man Stands ශ්‍රී ලංකා 2017” ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සති කිහිපය තුල පැවැත්වූ අතර, එම තරගාවලියේ අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය මේ ඉරිදා (25) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

පළමු අවසන් පූර්ව තරගය එදින උදෑසන 9ට, B කාණ්ඩයේ පළමුවැනි ස්ථානය ජයග්‍රහණය කළ හේශාන් ෆෙලෙක්සි A කණ්ඩායම හා D කාණ්ඩයේ ප්‍රථමයන් වූ ස්ටැෆර්ඩ් මෝටර්ස් A කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර, දෙවන අවසන් පූර්ව තරගය C කාණ්ඩයේ ප්‍රථමයා වන The Colombo බෙන්ස් කණ්ඩායම හා A කාණ්ඩයේ පළමු වැනි ස්ථානයේ සිටින Sapper ක්‍රිකට් සමාජය අතර උදෑසන 11ට පැවැත්වීමට නියමිතව ඇත. අවසන් මහා තරගය එදිනම සවස 2.30ට ආරම්භ වේ.

එදින තරගවල සජීවී ලකුණු Last man stands ශ්‍රී ලංකා නිල වෙබ් අඩවියේ පලවන අතර, මෙවර තරගාවලියේ හොඳම ක්‍රීඩකයින් 8 දෙනා ද එදිනම එම වෙබ් අඩවියේ පළ කරනු ඇත.

සම්පූර්ණ වාර්තාව: Last Man Stands ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් තරග 25 වැනිදා

දිනයක අවසානය