ගෙවුනු දවස ජුනි 17 – තියුණු තරගයක ජය ආනන්දයට

407

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

ජ’පුර ජය ගනී

University Cricket

අන්තර් විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් යාපනය විශ්ව විද්‍යාල ක්‍රීඩකයින් පරාජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය. අවසන් මහා තරගය ඊයේ (17) පැවතියේ කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේ දී යි.

යාපනය විශ්ව විද්‍යාලය – 171/9 (50): යොහේෂ්වරන් 48, කපිල්රාජ් 35, කරුණාරත්න 4/22, ගලහිටියාව 2/30

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය – 172/6 (44.5): සඳකැළුම් 35*, සහන් වෙඩිසිංහ 30, ලොගතේස්වර් 2/26, ජනනාදන් 2/29

සම්පූර්ණ වාර්තාව: අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ශූරතාවය ජ’පුරට 


    රග්බි    

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් සටනට

St.Joseph's College vs Dharmaraja College

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ (17) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවතියේ කොළඹ සුගතදාස පිටියේ දී ය. එම තරගයෙන් ලකුණු 34-12ක් ලෙස ධර්මරාජ ක්‍රීඩකයින් පරාජය කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් මහා සටනට අසුන් වෙන්කර ගන්නා ලදි.

පළමු අර්ධය – සාන්ත ජෝසප් විද්‍යාලය 16 – 05 ධර්මරාජ විද්‍යාලය

අවසන් ලකුණු තත්වය – සාන්ත ජෝසප් විද්‍යාලය 34-12 ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – සචිත් සිල්වා (සාන්ත ජෝසප් විද්‍යාලය)

සම්පූර්ණ වාර්තාව: ධර්මරාජය පරදා ජෝසප්වරුන් අවසන් සටනට


ආනන්ද විදුහල තර්ස්ටන් පරාජය කරයි

Ananda-vs-Thurstan

මයිලෝ ආයතනය මගින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අගමැති කුසලානය සඳහා පැවැත්වෙන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ (17) කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර, කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් ලකුණු 30-27ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය.

පළමු අර්ධය: ආනන්ද විද්‍යාලය 13-10 තර්ස්ටන් විද්‍යාලය

අවසන් ලකුණු තත්වය: ආනන්ද විද්‍යාලය 30 – 27 තර්ස්ටන් විද්‍යාලය

ලකුණු ලබා ගැනීම,

  • ආනන්ද විද්‍යාලය – උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 1, දඬුවම් පහර 1
  • තර්ස්ටන් විද්‍යාලය – උත්සාහක දිනුම් 4, ප්‍රවර්තන 2, දඬුවම් පහර 1

සම්පූර්ණ වාර්තාව: අවසන් නිමේශයේ වික්‍රමයෙන් ආනන්ද විද්‍යාලය අවසන් තරගයට


   අත්පන්දු  

වේල්ස් කුමරුන්ට සහ මැදබැද්ද ක්‍රීඩිකාවන්ට ජය

Handball

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක හා බාලිකා තරගාවලිය ඊයේ (17) මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේ දී අවසන් විය. එහි දී බාලිකා අංශයේ ශූරතාවය සුපුරුදු පරිදි ගලේවෙල මැදබැද්ද විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කළ අතර බාලක අංශයේ ශූරතාවය ද සුපුරුදු පරිදි ජයග්‍රහණය කරන්නට සමත් වූයේ මොරටුව වේල්ස් කුමර විදුහල් කණ්ඩායමයි.

සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමර සහ මැදබැද්ද විදුහල් ශූරතාවය ජය ගනී


  මලල ක්‍රීඩා  

හෂිනි සහ අශ්රෆ් රන් පදක්කම් දිනයි

Athletics

ඊයේ කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නුවර දී ආරම්භ වූ කිර්ගිස්ථාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගී වූ හෂිනි බාලසූරිය සහ ධාවන ක්‍රීඩක මොහොමඩ් අශ්රෆ් සමත් විය.

තුන් පිම්ම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන විදූෂා ලක්ෂානි සමඟ පුහුණුවීම් කටයුතුවල නිරත වන හෂිනි, මෙහි දී මීටර 12.93ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: හෂිනිට සහ අශ්රෆ්ට රන් පදක්කම්

දිනයක අවසානය