ගෙවුනු දවස ජුනි 11 – සති අන්තය වර්ණවත් කළ රග්බි සහ පාපන්දු

1114
Sri Lanka sports news last day summary june 11

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

— රගර් –

තරගයක් නොවුනු තරගය

පාසල් රග්බි ලීග් තරගාවලියේ දක්ෂ ක්‍රීඩා පාසල් දෙකක් වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති තරගය, ශාන්ත තෝමස් විද්‍යාලය ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොදෙමින් ලකුණු 31ක ජයග්‍රහනයක් සිය පාසල වෙත රැගෙන යෑමට සමත් විය. තරගය ඊයේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

තරගය අාරම්භ වි 9වැනි මිනිත්තුවේ සිටම ක්‍රියාත්මක වු තෝමසුවන්, ප්‍රථම අර්ධය අවසන් වන විට සාර්ථක උත්සහක දිනුම් දෙකක් (14) ලබා ගැනීමට සමත් විය. නියමිත කාළය අවසන් වන විට ප්‍රතිවාදීන් සහ ප්‍රේක්ෂකයින් උඩු යටිකුරු කරමින් තෝමසුවන් ලකුණු 31ක් ලබා ගනිද්දි ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි විය.

  • තරගයේ වීරයා – අශ්වන්ත හේරත්
  • විද්‍යා විද්‍යාලය 00 : 31 (4T, 4C,1P) ශාන්ත තෝමස් විද්‍යාලය

පසුගිය ලිපි: විලියම් ගොපල්ලව පලිහ මහනුවරට

අපරාජීකත්වය රාජකීයයන්ටත් සොලවන්නට බැරි විය

සිංගර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරගයක් ඉසිපතන විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ඊයේ CR & FC ක්‍රීඩා පිටියේදි පැවැත්විය. තරගාවලිය පුරාවට අපරාජිතව සිටින ඉසිපතන විද්‍යාලය, ජයග්‍රහනය සිය පාසල වෙත රැගෙන යෑමට සමත් විය.

තරගයේ පළමු මිනිත්තු 10 තුලදීම ලකුණු ලබා ගැනීම අාරම්භ කල ඉසිපතන විද්‍යාලය ප්‍රථම අර්ධය නිමාව දකින විට ලකුණු  14ක් ලබා සිටි අතර රාජකීයයන් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් විය. ඉසිපතනය විසින් තවත් ලකුණු 14ක් සහ රාජකීයයන් තවත් ලකුණු 07ක් තරගය අවසන් වන විට ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය.

  • තරගයේ වීරයා – ඩෙවින් ගුණරත්න
  • රාජකීය විද්‍යාලය 14 : 28 ඉසිපතන විද්‍යාලය

පසුගිය ලිපි: අැන්තෝනි පරදවා රාජකීයයෝ ඉදිරියට

අැන්තෝනී පිළ පරාජය කල ත්‍රිත්වයින් ඉදිරියටම

පාසල් රග්බි පිටියේ පැවැත්වු  තවත් තරගයක් වන ශාන්ත අැන්තෝනි විදයෘලය සහ ත්‍රිත්ව විදුහල අතර තරගය ලකුණු 32 : 23 ලෙස ජය ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

කොළඹින් බැහැර පල්ලේකැලේදි පැවති මෙම තරගයේදි ත්‍රිත්වයින් ප්‍රථමයෙන් ලකුණු ලබා ගැනීම අාරම්භ කරන අතර ප්‍රථම අර්ධය අවසානයේදි 15 : 6 ලෙස පෙරමුන ගැනීමට ත්‍රිත්වයින් සමත් විය. නියමිත කාළය අවසානයේ තරග තීරක නලාව නාද කරන විට අැන්තෝනි විද්‍යාලය ලකුණු 23 ක් සහ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 32 ක් ලබා ගැනීමට සමත්වී තිබුනි.

  • තරගයේ වීරයා: සැමුඑල් මධුවන්ත
  • ශාන්ත අැන්තෝනි විද්‍යාලය 23 (2P 2T 2C 1DG) : 32 (6T 1C) ත්‍රිත්ව විද්‍යාලය

තවත් රග්බි පුවත් සිංහලෙන්ම කියවන්න – එන්න රග්බි පිටුවට

තියුණු තරගයක ජය පීතරයින්ට

ඊයේ දිනයේ අවසන් තරගය වු මෙම තරගය සාන්ත පීතර විද්‍යාලය සහ වෙස්ලි විදුහල අතර බම්බලපිටියේදි පැවැත්විය.

තරගය අාරම්භ වී සුළු මොහොතක් යන විට වෙස්ලි විද්‍යාලය ලකුණු රැස් කීරීම අාරම්භ කරන ලදි. ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 17 : 10 ලෙස පීතරයින් පෙරමුන ගැනීමට සමත් විය. නියමිත කාළ සීමාව අවසානයේදී පීතරයින් තවත් ලකුණු 14ක් සහ වෙස්ලි විද්‍යාලය තවත් ලකුණු 12ක් ලබා ගනිමින් දෙවන අර්ධය නිමාවට පත්විය.

  • තරගයේ වීරයා: ශේන් ගුණසිංහ
  • වෙස්ලි විද්‍යාලය 22 (3T,2C,1P) : 31 (5T,3C)
පාපන්දු –

සෙබලුන් විසින් ජයගත් පාපන්දු කුසලානය

කාගීල්ස් ෆුඩ් සිටි අනුග්‍රහකත්වයෙන් පැවැති එෆ්. ඒ්. කුසලාන තරගාවලියේ අවසන් තරගය ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදි පැවැත් විය.

අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබු යුධ හමුදාව සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතරින් ගෝල 3 : 1 ලෙස ජය හිමි කර ගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජයට හැකි විය. රිනවුන් ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම ගෝලය ලබා ගැනීමට සමත් විය.

  • තරගයේ වීරයා: මොහොමඩ් ඉසඩීන්

සම්පූර්ණ ලිපිය: අවසන් කිරුල යුධ හමුදාවට

—  ක්‍රිකට

යලි මතුවන මැද පෙළ අාරවුල?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ලෝඩ්ස් පිටියේදී  පැවැත්විණි.

දිනය අරම්භ කරන විටශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 162 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. තෙවන දිනය නිමාවන විට එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු  109යි.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 288 – 10 (95.1) කෞෂාල් සිල්වා 79, දිමුත් කරුණාරත්න 50, කුසල් පෙරේරා42, රංගන හේරත් 31, ක්‍රිස් වෝක්ස් 3/31, ස්ටීවන් ෆින් 3/59

එංගලන්ත දෙවන ඉණිම (3වන දිනය නිමා වනවිට) – 109-04 (38) ඇලෙක්ස් හේල්ස් 41* , ජොනාතන් බෙයාර්ස්ටොවු 32, නුවන් ප්‍රදීප් 3/25, ශමින්ද එරංග 1/25

සවිස්තර ලිපිය: ශ්‍රී ලංකා මැදපෙළ තවමත් ගැටලුවක්

දවසේ නිමාව