ගෙවුනු දවස ජුනි 10 – සාන්ත පීතර විද්‍යාලය ඉදිරියට

387

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

කුසල් වෙනුවට ධනංජය

Kusal Perera

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වීම නිසාවෙන් ඒ සඳහා ධනංජය ද සිල්වා ආදේශ කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශූරයින්ගේ කුසලාන තාක්ෂණික අංශය මගින් අනුමැතිය හිමිව ඇත.

කුසල් පෙරේරාගේ පාදයේ කලව ප්‍රදේශයේ මෙම ආබාධ තත්ත්වය හට ගත්තේ පසුගිය 8 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එදිරිව කඩුලු 7කින් ජයග්‍රහණය සනිටුහන් කර ගත් තරගයේ දී ය. ඔහු මෙම තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර, තරගාවලියේ ආබාධයකට ලක් වූ සිව්වන ක්‍රීඩකයා විය. කුසල් ජනිත්ට අමතරව ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් වන්නේ, චාමර කපුගෙදර, එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් හා පකිස්තානු ක්‍රීඩක වහබ් රියාස් යන ක්‍රීඩකයින් ය.

සම්පූර්ණ වාර්තාව: කුසල් එළියට, ධනංජය ඇතුලට


   රග්බි   

කණ්ඩායම් 4ක් අපරාජිතයි

Sri Lanka Club 7's

තුරඟ තරග පිටියේ ඊයේ (10) පැවති ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අවසානයේ අපරාජිතව තරගාවලියේ රැඳෙන්නට නාවික හමුදා A කණ්ඩායම, පොලිස් A කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම සහ CR & FC A කණ්ඩායම සමත් විය.

දහවල් 12.50ට තරගාවලියේ පළමු තරගය නාවික හමුදා A කණ්ඩායම සහ CH & FC B කණ්ඩායම අතර ආරම්භ විය. මෙම තරගයට සහභාගී වූ CH & FC B කණ්ඩායම තරමක් දුර්වල කණ්ඩායමක් විය. ඒ අනුව මෙම තරගය ලකුණු 38-05ක් ලෙස පහසුවෙන් ජය ගන්නට නාවික හමුදා A කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ වාර්තාව: කණ්ඩායම් 4ක් අපරාජිතව ඉදිරියට


ත්‍රිත්වයින් පරාජය කරමින් පීතරයින් ඉදිරියට

St Peters College vs Trinity College

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය යටතේ ඊයේ (10) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අර්ධ අවසන් පූර්ව තරගය ලකුණු 38-24ක් ලෙස ජයග්‍රහණය කරන්නට සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ බ්‍රැඩ්බි පලිහ රාජකීය විද්‍යාලය හමුවේ පරාජය වීමෙන් අනතුරුවයි. එහි දී පැවති තරග වට දෙකම ඔවුන් පරාජයට පත්විය. අනෙක් පසින් සාන්ත පීතර ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ එතරම් සාර්ථක නොවූ ලීග් තරගාවලියකින් අනතුරුව ය. කෙසේ වුවත් ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කළහොත් ඔවුන්ට ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව පෙන්වීමට ඔවුන් සමත්ව තිබුණි. මෙම කණ්ඩායම් දෙක අතර ලීග් තරගාවලියේ දී පැවති තරගය ලකුණු 15-13ක් ලෙස ජයග්‍රහණය කරන්නට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඒ අනුව ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගය සඳහා පිවිසියේ ජයග්‍රහණය තමන්ගේ කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.

සම්පූර්ණ වාර්තාව: සාන්ත පීතර ක්‍රීඩකයින් අර්ධ අවසන් වටයට 

දිනයක අවසානය