ගෙවුනු දවස ජුනි 10 – ශ්‍රී ලංකාවෙන් පුදුමයක්

1076
Sri Lanka Sports news last day summary june 10

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

–ක්‍රිකට් –

එංගලන්තය පුදුම කල  සාර්ථක ආරම්භකය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරඟය ඊයේ (09) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ විය.මෙම තරඟයේ දෙවන දිනය (10) අද ක්‍රියාත්මක වුනු අතර මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම යම් ස්ථාවරයක් ගොඩනංවා ඇත.දෙවන දිනය නිම වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 162 ක් ලබා සිටින ලදි.

තරගයේ පළමු දිනය නිමාවන විට එංගලන්ත කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 6 ක් දැවී ලකුණු 279 ක් ලබා සිටින ලදි.ඒවන විට නොදැවී ක්‍රීඩා කල ජොනාතන් බෙයාර්ස්ටොවු ලකුණු 107* ක් හා ක්‍රිස් වෝක්ස් ලකුණු 23 ක් ලබා සිටින ලදි.දිනයේ මුල්ම කඩුල්ල ලෙස ලකුණු 66 ක් ලබා සිටි වෝක්ස් දැවී යන ලදි. ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 14යි, ස්ටීවන් ෆින් ලකුණු 7 ක් හා ජිමී ඇන්ඩරසන් ලකුණු 4 කට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.ඔවුන්ට තරමක් හෝ හිසරදයක් වූ බෙයාර්ස්ටොවු නොදැවී 4 පහරවල් 18 ක් සමඟ ලකුණු 167* ක් ලබාගැනීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: මහත්වරුන් පුදුම කල සාර්ථක ආරම්භකයක්

මහේලගෙන් සංශෝදනය විය යුතු නීතියකට යෝජනාවක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් පිටියේ විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමේ D.R.S ක්‍රමය සංශෝදනයට අවධානය යොමුව අැති බව වාර්තා වෙයි. එහිදි විශේෂයෙන්ම කඩුල්ල මුවා කිරීම හේතුවෙන් දැවී යාම පිලිබදව අවධානය යොමුව තිබේ.

මෙහිදි දැනට තිබෙන ක්‍රියා පටිපාටිය වන අදාළ තරග වීඩියෝව නැවත පරීක්ෂා කර පන්දුවෙන් 50% හෝ කඩුල්ලේ වැදී අැත් නම් දැවීයාමක් බව ප්‍රකාශ කිරීමයි.

එහිදි ඒ් සඳහා නව ක්‍රමවේදයක අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ වත්මත් ICC ක්‍රිකට් කමිටුවේ සමාජිකත්වය ලබා සිටින මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ පන්දුව කඩුල්ලේ 25%ක් හෝ වැදී අැත්නම් දැවී ගිය බව නිවේදනය කිරීමයි.

පන්දු යැවීමෙන් චතුරංග ද සිල්වා ඉදිරියට

වමත් දඟ පන්දු යවන ක්‍රීඩක චතුරංග ද සිල්වා, 2016 වසර ඩකා ක්‍රිකට් ලීග් තරගාවලියේ පන්දු යැවීම අංශයෙන් ඉහලට ඒ්මට සමත්ව අැත.

තරගාවලියේ පළමු කාණ්ඩය අවසානයේදි ඔහු විසින් තරග 11 කදි කඩුළු 23ක් ලබා ගැනීමට හැකි විය. එම තරග වලින් 7ක ජයවාර්තා කිරීමට ඔහු නියෝජන කරන වික්ටෝරියා ක්‍රීඩා සමාජයට හැකිවිය.

දවසේ නිමාව