ගෙවුනු දවස ජුනි 09 – සංගාගේ සීනුව අාශීර්වාදයක් විය?

498
https://www.thepapare.com/sinhala/

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

— රග්බි

රග්බි ක්‍රීඩකයෝ ඔලිම්පික් සිහිනය අභියස

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගම් තේරීම් කමිටුව විසින්, රියෝ ඔලිම්පික් සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් වන මොනාකෝ සත්සමාජික රග්බි තරගාවලිය නියෝජනය කිරීමට, ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුතු සංචිතයක් තෝරා පත් කොටගෙන ඇත. මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට කණ්ඩායම් නායක ලෙස සුදර්ශන මුතුතන්ත්‍රි නම් කර ඇත.

ප්‍ර‍ථමයෙන්ම තේරීම් කමිටුව විසින් 19 දෙනෙකුගෙන් යුතු පුහුණු සංචිතයක් නම් කර තිබු අතර පසුව එය 16 දෙනෙකු දක්වා අඩු කරනු ලැබුවා. කෙසේනමුත් නිල වශයෙන් ඉදිරිපත් වන 12 දෙනාගේ සංචිතය ඊයේ තේරීම් කමිටුව විසින් නිවේදනය කරනු ලැබීය. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙකු වන සදුන් හේරත් ආබාධයකට ලක්වීම නිසා සංචිතයට කැදවා නොමැත. 16 දෙනාගේ සංචිතයට ඇතුලත්ව සිටි නිශෝන් පෙරේරා, කෙවින් ඩික්සන් සහ විශ්වමිත්‍ර‍ ජයසිංහ යන ක්‍රීඩකයින් ද නිළ සංචිතයට ඇතුලත් කර නොමැත.

සම්පූර්ණ සංචිතය සමඟ සවිස්තර ලිපියට පිවිසෙන්න

–ක්‍රිකට් –

තෙවැනි ටෙස්ට් තරගයේ පළමු වාසිය ශ්‍රී ලංකාවටද?

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ලෝඩ්ස් ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය සෙල්සියස් 18 22 අතර අගයක පැවතීම පෙර කාලගුණික තත්වයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමට උචිත විය. තවද අබාධයකට ලක්වූ මිලින්ද සිරිවර්ධන වෙනුවට කුසල් ජනිත් ආදේශ කර තිබීම දැකගත හැකිවිය.

තරගයේ පළමු දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 90 කදී කඩුලු 6 ක් බිඳවැටී ලකුණු 279 ක් ලබා සිටින ලදි.

සම්පූර්ණ ලිපිය: උණුසුම් කාළගුණයක්, පළමු දිනය ශ්‍රී ලංකාවට

— විදෙස් පුවත් 

කීර්තිය අභියස අසරණ වු ෂරපෝවා

29 හැවිරිදි සුරූපි ටෙනිස් ක්‍රීඩිකාවක් වන මාරියා ෂරපෝවා හට වසර දෙකක තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසින් කටයුතු කර අැත. ඒ් පසුගිය ජනවාරී මස පැවැති ඔ්ස්ට්‍රේලියා විවෘත ශූරතාවලියේදි “මෙල්ඩෝනියම්” නැමැති තහනම් උත්තේජකය භාවීතා කිරීමට වැරදිකරු ලෙසයි.

ස්වාධීන විනිසුරු කමිටුවක් හමුවේ පැවැත්වු පරීක්ෂනයකින් අනතතුරුව අැය වැරදිකරු ලෙස තහවුරු වු අතර අදාල කාලය තුල ලබාගත් සියළු ප්‍රතිඵල අහෝසි කරමින් 2016 ජනවාරි 26 සිට වසර දෙකක් ඉදිරියට බල පැවැත්වෙන පරිදි තහනම පනවා අැත.

කෙසේනමුත් ශ්‍රේණිගත කිරීම් වල අංක 1 සිටි අැය මේ සිදුවීමත් සමඟ 26 වැනි තැනට අැද වැටෙන අතර සිය කිර්ති නාමයට මෙයින් සිදුවන විනාශය නැවැත්වීමට අධිකරනය අභියාචනයක් ඉදිරිපත් කරන බව අැය විසින් මාධ්‍යට ප්‍රකාශ කර තිබිනි.

දවසේ නිමාව