ගෙවුනු දවස ජූලි 08 – ශ්‍රී ලංකාවට වැස්ස හරස් වෙයි

225

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාව 2 – 2 සිම්බාබ්වේ

pic 1සිව්වැනි එක්දින තරගයේ දී මුලින් පන්දුවට පහර දෙමින් අද්විතීය ලෝක වාර්තාවක් පවා බිහිකළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේත් (08) පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගැනීමට සිදු විය.

ඒ සුපිරි ආරම්භයෙන් අනතුරුව මැදපෙළ දියාරු පිතිකරණයක යෙදීමත්, පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා කිසිවක් ප්‍රකට නොවීමත් නිසාවෙනි. ඒ හේතුවෙන් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 2 – 2ක් ලෙස සම තත්වයේ පසුවෙයි.

සම්පූර්ණ වාර්තාව: ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාව සියතින් ගෙල සිඳ ගනියි!

රග්බි –

සුපර් සෙවන්ස් නිත්තවෙල දී ආරම්භ වේ

pic 2 (1)ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ (08) උදෑසන නිත්තවෙල දී ආරම්භ විය. ‘Dialog’ විසින් බලගැන්වෙන මෙම තරගාවලිය පෞද්ගලික සමාගම්වල ක්‍රීඩා සමාජ කණ්ඩායම් කාණ්ඩය සහ පාසල් කණ්ඩායම් අතර තරග කාණ්ඩය යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.

ඊයේ දිනය පුරාවට නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවතියේ ඉතා ආකර්ෂණීය මෙන්ම ක්‍රීඩාශීලී වාතාවරණයකි. තරගාවලියේ පෞද්ගලික සමාගම්වල ක්‍රීඩා සමාජ ඉතා ඉහළ තත්වයේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර තරුණ වයසේ පසුවන පාසල් ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ද ඊට දෙවැනි වූයේ නැත.

සම්පූර්ණ වාර්තාව: උකුස්සන් සහ ග්ලැඩියේටර් පෙරමුණේ

දැල්පන්දු –

ස්කොට්ලන්තයට ජය

pic 3බොස්ට්වානා හි ගැබොරෝන් නුවර දී ඊයේ (08) ආරම්භ වූ 8 වන ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගය ලකුණු 69-48ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.   

සම්පූර්ණ වාර්තාව: ස්කොට්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වෙයි

————————————–දිනයක අවසානය——————————————-

 >>අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්<<