ගෙවුනු දවස ජුලි 30 – පලමු දිනයේ තරග 3න්, 2ක් දිනුම්

353
Sri Lanka Sports News last day summary july 30

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.


  රග්බි  

ජපනුන් හපනුන් වෙයි.

මැලේසියාවේදි ඊයේ අාරම්භ වු අාසියා වයස අවුරුදු 20න් පහල සත්සාමාජික රග්බි තරගාවලියේ, ශ්‍රී ලංකා 20න් පහල රග්බි ක්‍රීඩකයෝ පිලිපීනය සහ තායිලන්තය පරදමින් ප්‍රථම දිනයේ ඉදිරියට පැමිනි නමුත් දිනය අවසානයේ ජපානය පැවති තරගයෙන් පරාජයට පත්විය.

තරගාවලිය අාරම්භ කරමින් ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව පිලිපීනය හා තරග වැදුනු අතර පහසු තරගයකින් පසුව ලකුණු 22 – 05  ලෙස ප්‍රතිවාදීන් පරදවා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය වාර්තා කිරීමට සමත් විය. තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 17ක් වාර්තා කර සිටි අතර ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස් කරගැනීමට නොහැකි විය. පිලිපීනය ලබා ගන්නා එකම උත්සහක දිනුම තරගයේ දෙවන අර්ධයේදි වාර්තා කරන නමුත් ප්‍රවර්ථනය අසාර්ථක විය.

සම්පූර්ණ ලකුණු – ශ්‍රී ලංකාව 22 – 05 පිලිපීනය

ඉන්පසුව පැවති දෙවන තරගය වු තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ද ඉතාමත් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා තරුණයින් සමත් වන්නේ 31 – 05 ලෙස ලකුණු පුවරුවේ සටහන් කරමිනි. එහිදි රීසා රෆයිඩීන් උත්සහක දිනුම් 2ක් වාර්තා කර අතර නිශෝන් පෙරේරා, කෙවින් ඩික්සන් සහ චාමික කුසල් එක් උත්සහක දිනුම බැඟින් වාර්තා කිරීමට සමත්විය.

සම්පූර්ණ ලකුණු – ශ්‍රී ලංකාව 31 – 05 තායිලන්තය

ප්‍රථම දිනයේ තීරණාත්මක තරගය පැවතියේ සවස් යාමයේය. ඒ ප්‍රභල ජපන් කණ්ඩායම හමුවේය. ජපන් ක්‍රීඩකයින් අාක්‍රමණශීලි ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අභිබවා ගිය අතර තරගය නිමා කරන විට ලකුණු 19 – 14 ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඔවුන් සමත් විය.

තරගයේ දෙවන දිනය අදයි. ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරදවා අර්ධ අවසන් වටයට යෑමට වැඩි සම්භාවිතාවක් තිබෙන අතර දෙවැනි අදියරේ තරග අගෝස්තු මාසයේ හොන්ග් කොන්ග් හිදි පැවැත් වේ.

සම්පූර්ණ ලකුණු – ශ්‍රී ලංකාව 14 – 19 ජපානය

පැවති අනෙක් තරගවල ලකුණු සාරාංශය

ජපානය 40 : 00 පිලිපීනය, ජපානය 38: 00 UAE, දකුණු කොරියාව 19 : 10 හොන්ග් කොන්ග්, මැලේසියා 26 : 17 හොන්ග් කොන්ග්, දකුණු කොරියාව 12: 26 මැලේසියා,

වැඩි විස්තර සඳහා පිවිසෙන්න


  පාපන්දු  

රිනවුන් දිනයි, ජාවා ලේන් නිව් යන්ග්ස් සමයි.

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සත්වැනි සතියේ තරග දෙකක් ඊයේ පැවත්විය. එහිදි කැළණිය පාපන්දු පිටියේදි පැවති රිනවුන් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් රිනවුන් ක්‍රීඩා සමාජයද, සිටි පාපන්දු ක්‍රීඩා පිටියේදි පැවති ජාවා ලේන් සහ නිව් යන්ග්ස් සමාජ අතර තරගය ජය පරාජයකින් තොරවද නිමාවට පත් විය. සත්වැනි සතියේ තවත් තරග කිහිපයක් අදත් පැවැත්වේ.

  • රිනවුන් ක්‍රීඩා සමාජය 06 : 02 පොලිස් ක්‍රීඩා සමාජය
  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය 01 : නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය

ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සියළු විස්තර සඳහා පිවිසෙන්න


  ක්‍රිකට්  

කලකට පසු ටෙස්ට් ජයක්

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වොන් – මුරලි ටෙස්ට්  ක්‍රිකට් තරගාවලියේ, මහනුවර පල්ලේකැලේ හිදී පැවැත්වෙන පළමු තරගයේ අවසන් දිනය ඊයේ (30) ක්‍රියාත්මක විය.

එහිදි ශ්‍රී ලංකාව ඔ්ස්ට්‍රේලියාව ලකුණු 106කින් පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉණිම –117 -10 (34.2) ධනංජය ද සිල්වා 24, කුසල් පෙරේරා 20, ලක්ෂාන් සඳකැන් 19*, නේතන් ලයන් 3/12, ජෝස් හෙසේල්වූඩ් 3/21

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම – 203 -10 (79.2) ඇඩම් චාල්ස් වොග්ස් 47, මිචෙල් මාෂ් 31, ස්ටීව් ස්මිත් 30, රංගන හේරත් 4/49, ලක්ෂාන් සඳකැන් 4/58

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 353 -10 (93.4) කුසල් මෙන්ඩිස් 176, දිනේෂ් චන්දිමාල් 42, ධනංජය ද සිල්වා 36, රංගන හේරත් 35, මිචෙල් ස්ටාක් 4/84, ජෝස් හෙසේල්වූඩ් 2/59

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම – 161 -10 (88.3) ස්ටීව් ස්මිත් 55, ජෝශප් ඇන්තනී බර්න්ස් 29, රංගන හේරත් 5/54, ලක්ෂාන් සඳකැන් 3/49

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

සම්පූර්ණ ලිපිය: පළමු මෙහෙයුමෙන්, සිංහ පුතුන් ජය ගනියි

දවසේ නිමාව