ගෙවුනු දවස ජුලි 22 – අවසන් වටයේ අසුන් යුද හමුදාවට සහ මේරියන්ස්ට

294
Sri Lanka Sports News last day summary july 22

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

යුද හමුදාව සහ මේරියන්ස් අවසන් වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට යුද හමුදා සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ ඊයේ (22) සමත් විය. ඒ අවසන් පූර්ව වටයේදී CCC ක්‍රීඩා සමාජය සහ SSC ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

CCC ක්‍රී.ස. – 209/9 (50) රොෂේන් අනුරුද්ධ – 54, ධනුෂ් පීරිස් – 50, ලහිරු ජයකොඩි – 36, යොහාන් ද සිල්වා – 3/39, සංජික රිද්ම – 2/33,නලීන් පෙරේරා – 2/33

යුද හමුදා ක්‍රී.ස. 210/3 (29.4) අශාන් රන්දික –  85, හිමාෂ ලියනගේ –  40, ශෂින් දිල්රංග –  39*, වොශාන්ත සිල්වා –  2/44

හලාවත මේරියන්ස් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 220 (49.2) චලන ද සිල්වා –  90, රිසිත් උපමාල් –  31, චරිත් රාජපක්ෂ – 21*, ඇන්ඩෲ පරායස් – 3/23, අදීශ පුංචිහේවගේ –  2/40, නුවන් තුෂාර –  2/41

SSC ක්‍රී.ස. – සියල්ලන් දැවී – 116 (29.1) ක්‍රිෂාන් සංජුල – 71, රමේෂ් මෙන්ඩිස් – 26, චරිත් රාජපක්ෂ –  3/18, චලන ද සිල්වා –  3/20, රජික දිල්ශාන් – 3/16

ඒකත් පරාදයි

එංගලන්තයේ පැවැත්වෙන A කණ්ඩායම් තුන්කොන් එක්දින තරගාවලියේ තුන්වන තරගයෙනුත් ශ්‍රී ලංකාවට අත්වූයේ පරාජයයි. පාකිස්තානු A කණ්ඩායම සමග පැවති පෙර තරගයට වඩා සටනක් දෙන්නට ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් සමත් වුවත් තරගය ජය ගන්නට එම උත්සාහය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකා A – සියල්ලන් දැවී – 254 (46.5) – භානුක රාජපක්ෂ – 56, තිසර පෙරේරා – 45, නිරෝෂන් දික්වැල්ල – 44, ඇන්ජලෝ පෙරේරා – 35, ශාදබ් ඛාන් – 3/51, මොහොමඩ් නවාස් – 2/39, හසන් අලී – 2/50

පාකිස්තානු A – 258/6 (48.1) – ජාහිඩ් අලී – 77, බාබර් අසාම් – 73, ශර්ජීල් ඛාන් – 29, සෞඩ් ශාකීල් – 25, ලහිරු ගමගේ – 3/43, සචිත් පතිරණ – 2/49

සම්පූර්ණ වාර්තාව: අසාම් – අලී ශ්‍රී ලංකාවේ ජය මග හරස් කරයි


මලල ක්‍රීඩා –

ලංකාවෙන් 4ක් වියට්නාමයට

ජුලි මස 27වැනිදා සිට 31වැනිදා දක්වා වියට්නාමයේ හෝචිමින් හි පැවැත්වෙන වියට්නාම් විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිව්දෙනෙකු තරගවැදීමට නියමිතයි. එහිදි එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයින් තිදෙනෙක් මෙලෙස සහභාගී වන අතර ඔවුන් මේ මස 26වැනිදා වියට්නාමය බලා පිටත් වනු අැත.

සංචිතය

  • නිලානි රත්නායක – මීටර් 5000, මීටර් 3000 බාධක දිවීම
  • අනීත කුමාරසිරි – තුන් පිම්ම
  • වරුණ ලක්ෂාන් – හෙල්ල විසි කිරීම
  • ප්‍රදීප් කුමාර – මීටර් 400

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

දවසේ නිමාව