ගෙවුනු දවස ජූලි 01 – ක්‍රිකට්වලට වෛරස් උණක්

275

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්   

කුසල් සහ මාලිංග ලෙඩ වෙයි

pic-1

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (2) ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත දෙවන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

පසුගිය තරගයේ දී පන්දු 80ක් වැය කරමින් 4 පහර 8ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 86ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද මේ වන විට වෛරස් උණකට ගොදුරු වී ඇත. ඒ අනුව ඔහු හෙට තරගයේ දී විවේක ගන්වන ලෙස වෛද්‍යවරුන් පවසා ඇත.

සම්පූර්ණ වාර්තාව: පොඩි කුසල්ටත් උණ


දික්වැල්ල තරග තහනමක් අබියස

Niroshan dickwella

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් හා දඬුවම් ලකුණු දෙකක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

පසුගිය දා (30) නිමා වූ ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ පිළිතුරු ඉනිම දියත් කරමින් සිටි සිම්බාබ්වේ ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී කඩුල්ල පිටුපසින් සිටි දික්වැල්ල අතට wide පන්දුවක් පැමිණි අතර එම අවස්ථාවේ දී පිතිකරු තම සීමාව තුල සැලකිය යුතු කාලයක් රැඳී සිටි නමුත්, දික්වැල්ල ඔහු පාදය එසවීමට ආසන්න මොහොතකට එළඹෙන විට කඩුල්ල බිඳ දමමින් stumps කිරීමකට හසුකර ගැනීමට උත්සාහ කළ සිද්ධියට එදිරිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම දඩය හා දඬුවම් ලකුණු ප්‍රදානය කර තිබේ.

සම්පූර්ණ වාර්තාව: දික්වැල්ලට දඩයක්


නුගේගොඩ ලයිසියම් ජය ගනී

Pic-3ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ පාසල් ද්විත්වයක් වන නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල හා පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර ඊයේ (1) දෙවන වරටත් පැවැත්වූ “නිකිත ග්‍රේරෝ” අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 102කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය තමන් සතු කර ගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

.

සම්පූර්ණ වාර්තාව: නිකිත ග්‍රේරෝ කුසලානය නුගේගොඩට


    රග්බි    

පාසල් සුපර් සෙවන්ස් පළමු දිනය

pic 4

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (01) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වූ අතර තරගාවලියේ පළමු දිනය අවසානයේ අපරාජිතව රැඳෙන්නට කණ්ඩායම් 8ක් සමත් විය.

කණ්ඩායම් 31ක් කාණ්ඩ 08කට බෙදා දක්වා තිබූ අතර තරගාවලිය පෙ. ව. 8.20ට ආරම්භ විය. ‘A’ කාණ්ඩයේ සිට ‘D’ කාණ්ඩය දක්වා පැවති කාණ්ඩවල තරග රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දීත්, ‘E’ කාණ්ඩයේ සිට ‘H’ කාණ්ඩය දක්වා තරග තුරඟ තරග ක්‍රීඩාංගණයේ දීත් පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: පාසල් කණ්ඩායම් 8ක් අපරාජිතයි


   පාපන්දු   

අනුර පාපන්දු මහා පුටුවට

Pic 5

පසුගිය දිනවල වඩාත් කතා බහට ලක්වූ නිලවරණයක් වන “ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය” ඊයේ (1) අවසන් වූයේ අනුර ද සිල්වා ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ධූරයට පත්කරමිනි.

නිලවරණයේ සභාපති අසුන සඳහා රංජිත් ප්‍රනාන්දු සමඟින් අනුර ද සිල්වා යන මහත්වරුන් තරග කළ අතර ඡන්ද 104ක් සමඟින් සභාපති අසුන දිනා ගන්නට අනුර ද සිල්වා සමත් විය. ප්‍රතිවාදී රංජිත් රොද්‍රිගෝ හට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 79ක් පමණි.

සම්පූර්ණ වාර්තාව: රංජිත් පරදවා අනුර ජය ගනී

දිනයක අවසානය