ගෙවුනු දවස ජනවාරි 8 – දෙවන අර්ධයේදී රිනවුන් පෙරමුණ ගනී

453
Sri Lanka Sports News last day summary January 8th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

රග්බි –

යුධ හමුදාවට පහසු ජයක්

Sri Lanka Sports News last day summary January 8th pic 1(1)
CH&FC සහ යුධ හමුදාව අතර පැවති තරඟයේ ඡායාරූපයක්. ©ThePapare.com

දියගමදී ඊයේ (08) පැවැත්වුනු ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ 9 වැනි සතියේ අවසන් තරඟයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට යුධ හමුදා කණ්ඩායම සමත් වූ අතර එහිදි CH & FC ක්‍රීඩා සමාජයට සුපුරුදු පරාජයේ අත්දැකීම විඳගන්නට සිදුවිය.

  • ප්‍රථම අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 31 – 03 CH &FC ක්‍රීඩා සමාජය
  • අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 43 – 08 CH &FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරඟයේ වීරයා: අශාන් බණ්ඩාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම්

  • ගුවන් හමුදාව: අශාන් බණ්ඩාර (1T, 3C), මනෝජ් ද සිල්වා (1T), අරවින්ද කරුණාරත්න (1T), චමත් ප්‍රනාන්දු (2C), නාලක මධුරංග (1T), මනෝජ් බණ්ඩාර (1T), උපුල් අබේරත්න (1T)
  • CH&FC: යෝෂිත රාජපක්ෂ (1T), රෝහිත රාජපක්ෂ (1P)

සම්පූර්ණ තරඟ වාර්තාව: පළමු ජය සොයා යන CH මෙහෙයුමට යුධ හමුදාවෙනුත් ප්‍රහාරයක්


පාපන්දු –

රිනවුන් 02 : 01 නිව් යංග්ස්

Sri Lanka Sports News last day summary January 8th pic 2(1)
ඩයලොග් ශූරයින්ගේ කුසලානයේ රිනවුන් සහ නිව් යංග්ස් ක්‍රීඩා සමාජය අතර තරඟයේ ඡායාරූපයක් ©ThePapare.com

ඩයලෝග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ දෙවන සතියේ තවත් එක් වැදගත් තරගයක්, කැලණිය පාපන්දු සංකීර්ණ පිටියේදී පැවැතියේ රිනවුන් ක්‍රීඩා සමාජය හා නිව් යංග්ස් පාපන්දු සමාජය අතරයි. මෙම තරඟයෙන් ගෝල 2-1 ලෙස ජයග්‍රහණය ලබා ගන්නට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.

  • පළමු අර්ධය අවසානයේ දී – රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 01 නිව් යංග්ස් පාපන්දු සමාජය
  • තරඟය අවසානයේ දී – රිනවුන් ක්‍රීඩා සමාජය 02 – 01 නිව් යංග්ස් පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා – සුපුන් කවීෂ (නිව් යංග්ස් පාපන්දු සමාජය)

ගෝල ලබා ගැනීම්

  • රිනවුන් ක්‍රීඩා සමාජය – ජොබ් මයිකල් 52’ , අවිශ්ක පෙරේරා (own goal) 65’
  • නිව් යංග්ස් පාපන්දු සමාජය – හසිත ප්‍රියන්කර 13’

සම්පූර්ණ තරඟ වාර්තාව: නිව් යංග්ස් දුර්වලතා රිනවුන් පිළට ජය ගෙන එයි


ක්‍රිකට් –

මේරියන්ස්ට, බඳුරලියට සහ රාගමට පූර්ණ තරඟ ජයක්

Sri Lanka Sports News last day summary January 8th pic 3(1)
මලින්ද පුෂ්පකුමාර (සංරක්ෂිත දර්ශණ ©ThePapare.com)

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින්ම කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ක්‍රියාත්මක වුනු තරග 6ක් ඊයේ(08) නිමාව දිටීය. එහිදී හලාවත මේරියන්ස්, බදුරලිය සහ රාගම ක්‍රීඩා සමාජ පූර්ණ තරග ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූහ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 54.1)
අශේන් සිල්වා 61, ශෙහාන් ජයසූරිය 45, ජෙෆ්රි වැන්ඩර්සේ 5/61, රෝහිත් දමෝදරන් 33.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 65.3) රමේෂ් මෙන්ඩිස් 53*, දසුන් ශානක 48, මලින්ද පුෂ්පකුමාර 7/52.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 309 (පන්දුවාර 71.1)  සචිත්‍ර සේරසිංහ 73, ශෙහාන් ජයසූරිය 50, තික්ෂිල ද සිල්වා 92, ජෙෆ්රි වැන්ඩර්සේ 5/94, තරිඳු රත්නායක 3/86.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 78.2) ජෙෆ්රි වැන්ඩර්සේ 69, කවිඳු කුලසේකර 68, ධනුෂ්ක ගුණතිලක 40, මිනෝද් භානුක 33, මධූක ලියනපතිරණගේ 3/76, මලින්ද පුෂ්පකුමාර 3/92, සචිත්‍ර සේරසිංහ 2/34.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 72.4) දුශාන් විමුක්ති 54, සීක්කුගේ ප්‍රසන්න 58, හිමාෂ ලියනගේ 52, නිසල තාරක 3/39

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 112 (පන්දුවාර 35.3) විශාද් රන්දික 36, ඉශාන් ජයරත්න 33*, නුවන් ලියනපතිරණ 3/34, සීක්කුගේ ප්‍රසන්න 2/23, දුශාන් විමුක්ති 2/13, විරාජ් පුෂ්පකුමාර 2/13.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 288 (පන්දුවාර 73.2) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 116*, ඩිල්ශාන් ද සොයිසා 88, චරිත් සුධාරක 2/61.

කෝල්ට්ස් (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 445 (පන්දුවාර 80) සදීර සමරවික්‍රම 130, නිසල තාරක 77, හෂාන් දුමිඳු 73, ඇන්ජෙලෝ ජයසිංහ 51, නුවන් ලියනපතිරණ 3/115, සීක්කුගේ ප්‍රසන්න 2/109.

සංක්ෂිප්ත තරඟ වාර්තාව: මලින්දගේ දඟ පන්දුව නිසා හලාවතට පෙරළිකාර ජයක්


කුරුණෑගල සමාජයේ ප්‍රථම ජයග්‍රහණය

SLC Premier League 2016/17 Tier B January 8th roundup
(සංරක්ෂිත දර්ශණ ©ThePapare.com)

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ තවත් දින තුනක අවසානය අද (08), කුරුණෑගල තරුණ සමාජයට කඩුලු 7ක තම පළමු ජයග්‍රහණය සමඟින් සහ ලංකන් ක්‍රිකට් සමාජයට කඩුලු 10ක ජයග්‍රහණයකින් නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 61.5): බුද්ධික සඳරුවන් 70, ලහිරු ලක්මාල් 44, තිලිණ හේරත් 3/22

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 91.4): හශාන් ප්‍රභාත් 81*, දර්ශන මහවත්ත 44, අචිර එරංග 3/48

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 62.1): උදයවංශ පරාක්‍රම  44, සහන් ජයවර්ධන 29,  අනුරුද්ධ රාජපක්ෂ 4/21, තිලිණ හේරත් 3/69

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 84 (පන්දුවාර 17.1): තාරක වඩුගේ 31, දර්ශන මහවත්ත 22*, බුද්ධික සඳරුවන් 3/29

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 446 (පන්දුවාර 91): මදුරංග සොයිසා 203, ලාල් කුමාර් 107, අනීක් හසන් 56, යොහාන් රශ්මික 5/137

කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 82.3): යොහන් ද සිල්වා 68, තරිදු සිරිවර්ධන 52, නවීන් කවිකාර 4/76  

කළුතර නගර සමාජ දෙවන ඉණිම (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 55.1): නිපුණ ගමගේ 38, සුලාන් ජයවර්ධන 32, තරිදු සිරිවර්ධන 24, රජීව වීරසිංහ 4/60, නවීන් කවිකාර 4/70

ලංකන් ක්‍රිකට් සමාජ දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 24 (පන්දුවාර 3.3): ලක්ෂාන් රොද්‍රිගෝ 13* , අනීක් හසන් 11*

සංක්ෂිප්ත තරඟ වාර්තාව: කුරුණෑගල තරුණ සමාජයේ මංගල ජයග්‍රහණය

දිනයක අවසානය