ගෙවුණු දවස ජනවාරි 08 – ප්‍රවීණයින් නැතත් ක්‍රිකට් පිටිය උණුසුම්

147

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”

ක්‍රිකට් –

මොවින් සුබසිංහගෙන් ශතකයක්

විශ්ව පීරිස් හා මොවින් සුබසිංහගේ ශතකවලින් හැඩවුණු ඊයේ (8) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම ආරම්භ විය.

කොළඹ වෙස්ලි විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

වෙස්ලි විද්‍යාලය කාසියේ වාසිය දිනාගත් මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස ධර්මරාජ පිටියේ දී ඊයේ ආරම්භ විය.

වෙස්ලි විද්‍යාලය තරගයේ මුල් පන්දුවාරයේ සිටම වේගවත්ව පන්දුවට පහර දෙමින් ධර්මරාජ විද්‍යාල පන්දු යවන්නන් අසීරුතාවට ඇඳ දැමූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 352ක් ලබා ගත්තේය.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 352/8 d (69.3): මොවින් සුබසිංහ 103, බුද්ධිම විජේසුන්දර 75, රාහුල් ගුණසේකර 53, හසිත් ගීසර 51, ශෙනාල් දංගල්ල 34, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 4/89.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 62/2 (23): කසුන් ගුණවර්ධන 25, සචින්ත සේනානායක 23*.

සම්පූර්ණ වාර්තාව: මොවින් හා විශ්ව පිටිය සිසාරා පිතිකරණයක

සංගීත් ද්විත්ව ශතකයක් කරා

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ව සිටීම හේතුවෙන් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා සමාජවල ඇතිව ඇති පුරප්පාඩුවලට එක් වූ අංකුර ක්‍රීඩකයෝ මේ වන විට Tier A පිටිය වටලමින් සිටිති.

දවසේ වඩාත් කතා බහට ලක් වූ ක්‍රීඩකයා වූයේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු සංගීත් කුරේ ය. පළමු දිනයේ දී නොදැවී ලකුණු 173ක් රැස් කරගෙන සිටි සංගීත් කුරේ තම පළමු, පළමු පෙළ ද්විත්ව ශතකය ඊයේ වාර්තා කිරීමට සමත් වූයේ පන්දු 302කිනි. තවමත් 22 හැවිරිදි වියේ පසුවන සංගීත්ගේ  එම ඉනිම තුළ විහිදුණ හතරේ පහර 28ක් සහ හයේ පහරක් විය.

සම්පූර්ණ වාර්තාව: ප්‍රවීණයෝ හිඟ Tier A පිටිය අංකුර ක්‍රීඩකයෝ වටලති

දිනයක නිමාව