ගෙවුණු දවස ජනවාරි 07 – යුද බලය ව්‍යර්ථ කරමින් නාවිකයින් පෙරට

143

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

නාවිකයින්ට ජය

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ  නව වන සතිය අවසන් කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයත් ඊයේ (07) හැව්ලොක්  පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 28-10ක් ලෙස තරගය ජය ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයන් සමත් විය.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 – 14 නාවික හමුදා ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 10 (1T, 1C, 1P) – 14 28 (4T, 4C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: තිලිණ වීරසිංහ (නාවික හමුදාව)

සම්පූර්ණ වාර්තාව: නාවික බලය හමුවේ යුධ සෙබළුන් අසරණ වෙයි


    ක්‍රිකට්    

ටැමිල් යූනියන් හමුවේ වරාය පරාජය වේ

තරග ආරම්භයේ සිටම අභිමානවත්ව සිටි වරාය ක්‍රීඩකයෝ එහිම ගිල්වමින් ඊයේ (07) දවසේ නිමා වූ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ තරග අතරින් සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වෙද්දී, යුද හමුදා කණ්ඩායමේ දුෂාන් විමුක්ති ප්‍රතිවාදීන්ගේ දෙවැනි ඉනිමේ දී කඩුලු 9ක් දවා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පාර සකසා දුන්නේය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.5) ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, චමින්ද බණ්ඩාර 2/34, අකලංක ගනේගම 5/35, චානක කොමසාරු 2/37

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (54.2) එන්. ආර්. ඩී. කැම්ප්ටන් 56, ගයාන් මනීශාන් 43, ගිහාන් රූපසිංහ 89, දිනුක් වික්‍රමනායක 6/42

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 384 ( 95.0) සිතාර ගිම්හාන් 23, රමිත රඹුක්වැල්ල 41, තරංග පරණවිතාන 78, දිනුක් වික්‍රමනායක 30) ජීවන් මෙන්ඩිස් 72,  මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 102 , මදුක ලියනපතිරණ 3/86, චානක කොමසාරු 2/97

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 145 (48.0) ගයාන් මනීශාන් 33, ප්‍රශාන් වික්‍රමසිංහ 53, දිනුක් වික්‍රමනායක 4/22, ජීවන් මෙන්ඩිස් 4/38

සම්පූර්ණ වාර්තාව: ටැමිල් ක්‍රීඩකයෝ වරාය ගිල්වද්දී දුෂාන් විමුක්තිගෙන් වෙඩි වර්ෂාවක්


ගාල්ලට සුපිරි ජයක්

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B ශ්‍රේණිය යටතේ ඊයේ (07) නිමාව දුටු තරගයකින් කඩුලු 10ක සුපිරි ජයක් හිමිකර ගැනීමට ගාලු ක්‍රිකට් සමාජයට හැකි විය. ඒ හැරුණු කොට අනෙක් තරග ත්‍රිත්වය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවයි.

දිනයේ තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත්වූයේ ගුවන් හමුදාව වෙනුවෙන් උදයවංශ පරාක්‍රම රැස් කරගත් දැවැන්ත ශතකයයි.

පොලිස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 95 (පන්දුවාර 28.3): සමිත් දුශාන්ත 23, ගයාන් සිරිසෝම 5/29, ලසිත් ප්‍රනාන්දු 5/49.

ගාල්ල ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 315 (පන්දුවාර 107): හසන්ත ප්‍රනාන්දු 65, ලසිත් ප්‍රනාන්දු 64, දමිත හුණුකුඹුර 53, තිලිණ මස්මුල්ල 31, නිමේෂ් විමුක්ති 6/103.

පොලිස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 69.3): තරිඳු ඩිල්ශාන් 64, නිමේෂ් විමුක්ති 65, දිනූෂ ප්‍රනාන්දු 41, ගයාන් සිරිසෝම 6/91, ක්‍රිෂාන් අබේසූරිය 2/28.

ගාල්ල ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 11 (පන්දුවාර 1.5)

සම්පූර්ණ වාර්තාව: පොලීසිය පරදවා ගාලු ක්‍රිකට් සමාජයට දැවැන්ත ජයක්!

දිනයක නිමාව