ගෙවුනු දවස ජනවාරි 21 – කරට කර තරගයකින් ජය මහනුවර

532

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

රග්බි –

ගුවන් බලය යටපත් කරන්නට හැව්ලොක් සමත් වෙයි

Sri Lanka Sports News last day summary January 21st pic 6ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ 4 වන සති අන්තයට අදාළ තරග 3ක් ඊයේ පැවැත්විණි. එහිදී මෙවර ශූරතාව සඳහා ප්‍රබල සටනක නිරතව සිටින හැව්ලොක්, මහනුවර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කලේ මෙවර තරගාවලියේ ශූරතා සටන තවත් උණුසුම්  කරමිනුයි.

  • පොලිස් ක්‍රීඩා සමාජය 23 – 34 මහනුවර ක්‍රීඩා සමාජය
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය 37 – 29 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • CH & FC 23 – 81 නාවික හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ වාර්තාව: හැව්ලොක් පෙරමුණ රැක ගනිද්දී මහනුවරිනුත් ප්‍රබල සටනක්


 

පාපන්දු –

රිනවුන් 04 – 00 සොලිඩ්

Sri Lanka Sports News last day summary January 21st Pic 1(5)කැළණිය පාපන්දු පිටිය අදත් කාර්යබහුල කරවමින් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් පැවතියේ රිනවුන් ක්‍රීඩා සමාජය සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතරයි. එහිදි ප්‍රතිවාදීන් හට කිසිදු ගෝලයක පහස විඳගැනීමට ඉඩ නොතබමින් රිනවුන් ක්‍රීඩා සමාජය තරගය ජයග්‍රහණය කලේ ගෝල 04-00ක් ලෙසයි.

  • ප්‍රථම අර්ධය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 02 රිනවුන් ක්‍රීඩා සමාජය
  • අවසන් ලකුණු තත්වය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 04 රිනවුන් ක්‍රීඩා සමාජය
  • ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් මුජීබ් (රිනවුන්)
    ගෝල ලබා ගැනීම්: මොහොමඩ් මුජීබ් 31’, මොහොමඩ් ෆසාල් 45+3’, මොහොමඩ් රිෆ්නාස් 57’, ජොබ් මයිකල් 74’

සවිස්තර වාර්තාව: සොලිඩ් පරදා ජයග්‍රහණය රිනවුන් ක්‍රීඩා සමාජයට


ක්‍රිකට් –

මුදිතගෙන් කඩුලු 5ක්

Muditha-Lakshan-U19 Division 1 Schools Cricket - Round upසිංගර් අවුරුදු 19න් පහළ පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ තරග හයක් පසුගිය 20 දා ආරම්භ වූ අතර, ඊයේ (21) ද තවත් එක් තරගයක් විය. මෙම තරග අතුරෙන් පළමු ඉණිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සාන්ත පීතර විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය හා ද මැසනෝද් විද්‍යාලය සමත් විය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 230 dec (පන්දුවාර 85.1): අවිදු ප්‍රනාන්දු 51, සවිදු පීරිස් 49, සදුන් ප්‍රනාන්දු 42, දිලංක  මදුරංග 44, මොහොමඩ් අමීන් 6/79

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු  249 dec (පන්දුවාර 78.5): විනුල ගුණවර්ධන 65, සන්තුෂ් ගුණතිලක 59, ශිවාන් පෙරේරා  40, කවුමල් නානායක්කාර 4/66, සංජය ප්‍රනාන්දු 2/43

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 102 (පන්දුවාර 24): ප්‍රින්ස් ප්‍රනාන්දු 40, ‍මොහොමඩ් අමීන් 2/41, චතුර ඔබේසේකර 2/41

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර 87.5): පසිදු චානක 70, මුදිත ලක්ෂාන් 41*, ටිරෝන් බස්කරන් 40, ශසික ගමගේ 36, මෙත්සිත් ජයමාන්න 35, සනුක නික්ලේෂ 5/82

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු  169 (පන්දුවාර 54.1): රවිදු සංජන 31, චතුර ප්‍රභාත් 23, මුදිත ලක්ෂාන් 4/51, විහාන් ගුණසේකර 3/32, ටොරින් පිටිගල 2/31

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම (F/O) –  කඩුලු 8ක් දැවී ලකුණු 139 (පන්දුවාර 47): නවිදු නිර්මාල් 53*, මුදිත ලක්ෂාන් 5/76

සම්පූර්ණ වාර්තාව: පාසල් රැසකට පළමු ඉණිමේ ජයග්‍රහණ


නාවික හමුදාව ඉදිරියෙන්

SLC Premier League 2016/17 tier B january 21st roundupගුවන් හමුදා ක්‍රීඩා සමාජය තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වමින් ක්‍රීඩා කල තරගයක හා තවත් උණුසුම්කාරී තරග කිහිපයකම  දෙවන දිනය, ඊයේ (21) ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් B කාණ්ඩයේ තරග ලෙසින් අවසන් විය.

කළුතර නගර සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 116.2): සුලාන් ජයවර්ධන  101, තරිදු සිරිවර්ධන 58, නිපුණ ගමගේ 43, රිසිත උපමාල් 31, සුවන්ජි මදනායක 3/62,  මංජුල ජයවර්ධන 3/79

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 183 (පන්දුවාර 65): අසේල අලුත්ගේ 62, සමිත් දුශ්ශන්ත 36*, යොහාන් ද සිල්වා 3/27

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු 436 (පන්දුවාර 109.2): ලක්ෂාන් රොද්‍රිගෝ 133, ශසීන් ප්‍රනාන්දු 96, චානක රුවන්සිරි 67, ලාල් කුමාර 26, මදුර මදුසංක  3/69, සුදාරක දක්ෂින 3/101

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 3ක් දැවී ලකුණු  221 (පන්දුවාර 70): මදුර  මදුසංක  88, අවිශ්ක පීරිස් 84, රජීව වීරසිංහ 2/42

සම්පූර්ණ වාර්තාව: ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට වැඩි ගෞරවය


ලහිරු සහ චන්ද්‍රගුප්තගෙන් ශතක දෙකක්

SLC Premier League 2016/17 tier A january 21stදේශීය ක්‍රිකට් පිටිය අතිශයින් කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් ඊයේ (21) දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය. එහිදී රොන් චන්ද්‍රගුප්ත සහ ලහිරු මධුශංක ශතක වාර්තා කරමින් සයවැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 240ක සබඳතාවය කැපී පෙනුණි. මෙහි දැක්වෙන ප්‍රථම තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග ලෙස ක්‍රියාත්මක වූ අතර අනෙක් තරග 3 තෙදින තරග ලෙස ක්‍රියාත්මක විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 87.3) කිත්රුවන් විතානගේ 130, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 40, තරංග පරණවිතාන 30, ලහිරු මධුශංක 4/77, ලහිරු ගමගේ 3/83.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 406 (පන්දුවාර 86) රොන් චන්ද්‍රගුප්ත 157, ලහිරු මධුසංක 151*, ලහිරු සමරකෝන් 2/80, චාමික කරුණාරත්න 4/98.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 61.2) මහේල උඩවත්ත 52, අශේන් සිල්වා 52, සචිත්‍ර සේරසිංහ 33, නලීන් ප්‍රියදර්ශන 4/61

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 74.2) ඩිල්ශාන් ද සොයිසා 47, හිමාෂ ලියනගේ 32, සචිත්‍ර සේරසිංහ 4/29, මලින්ද පුෂ්පකුමාර 3/46, අරෝෂ් ජනෝද 2/28.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 36.4) ශෙහාන් ජයසූරිය 38, නලීන් ප්‍රියදර්ශන 5/68, දුශාන් විමුක්ති 4/37.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 24 (පන්දුවාර 10)

සම්පූර්ණ වාර්තාව: චන්ද්‍රගුප්ත සහ මධුශංක ටැමිල් යූනියන් පිළට බැටදෙයි


අවිශ්කගේ 96 අපතේ යයි

Sri Lanka Sports News last day summary January 21stpic 5(2)දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සයවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකානුවන් අද (21) බෝලන්ඩ් පාර්ක් හිදී තරග වැදිනි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වූ මෙම තරගය අවසානයේදී දකුණු අප්‍රිකානු යොවුන් පිළ ලකුණු 39කින් ජයගත්හ.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 260 (පන්දුවාර 50): මොහොමඩ් මයෙත් 102, මිචෙල් වෑන් බුරන් 35, ජෙසී ක්‍රිස්ටන්සන් 30, නිපුන් රංසික 3/31, ප්‍රවීන් ජයවික්‍රම 2/28.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 41.5): අවිශ්ක ප්‍රනාන්දු 96, කමිඳු මෙන්ඩිස් 42, අකෝනා මනියෝකා 3/43, රුවාන් ඩි ස්වාඩ් 3/45, මිචෙල් වෑන් බුරන් 2/11.

සම්පූර්ණ වාර්තාව: අවිශ්ක ප්‍රනාන්දු ගඟට ඉනි කපයි, දකුණු අප්‍රිකානු යෞවනයින්ට ජය

දිනයක අවසානය