ගෙවුණු දවස ජනවාරි 10 – ඉන්දීය අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව සලිත වේ

283

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

රිච්මන්ඩ් අපරාජිකත්වය බිඳී යයි

පාසල් ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩඉම් තබන ගාලු පුර රිච්මන්ඩ් විද්‍යාලය මෙවර තරග වාරයේ දී ද තම දක්ෂතා සුපුරුදු ලෙසින්ම දක්වමින් පැමිණිය ද ඊයේ  (10) අවසන් වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා තරගයේ දී කඩුලු 7ක අමිහිරි පරාජයක පහස ලැබීමට සිදු විය.

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ ලැබූ පළමු පරාජයයි මේ. තරගයක පළමු ඉනිම පසුබැස්ස ද, දෙවැනි ඉනිමේ දී යළි නැගී සිටීමේ පළපුරුද්දෙන් හෙබි රිච්මන්ඩ් ක්‍රීඩකයන්ගේ පළපුරුද්ද මේ තරගයේ දී ඉබේ ම ගිලිහී තිබුණි.

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (76.0): තවීෂ අභිෂේක් 63, සඳුන් මෙන්ඩිස් 53, ආදිත්‍ය සිරිවර්ධන 20, ශිවාන් පෙරේරා 3/27, මොහොමඩ් අමීන් 3/72

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (91.5): සුලක්ෂන් ප්‍රනාන්දු නොදැවී 37, රන්මිත් ජයසේන 37, ෂැනෝන් ප්‍රනාන්දු 38, සචින් සිල්වා 24, මොහොමඩ් අමීන් 24, රුවින් සේනාරත්න 30, දිලුම් සුධීර 4/74, සඳුන් මෙන්ඩිස් 4/80

රිච්මන්ඩ් විද්‍යාලය: දෙවැනි ඉනිම 87 (27.4): සඳුන් මෙන්ඩිස් 22, සචින් සිල්වා 7/19, මොහොමඩ් අමීන් 3/50

සාන්ත පීතර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 55 (6.4): ශාලිත ප්‍රනාන්දු නොදැවී 21

සම්පූර්ණ වාර්තාව: රිච්මන්ඩ් අපරාජිත කිරුළ කොළොම්පුර පීතරයන්ට පුදයි

ඉන්දියාවට කඩුලු 6ක ජයක්

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) විශිෂ්ට හා ප්‍රහාරත්මක පිතිකරණයක් දක්නට ලැබුණු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය ඩුබායි හිදී අවසන් වූයේ කඩුලු 6ක ජයක් ප්‍රබල ඉන්දීය කණ්ඩායම සතුවෙද්දීය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක අජේ කුමාර් රෙඩ්ඩීගේ ඇරයුමින් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් B1 කාණ්ඩයේ ක්‍රීඩක කේ. සිල්වා හා B3 කාණ්ඩයේ ක්‍රීඩක සුරංග සම්පත් ලකුණු 104ක හොඳ සබඳතාවයක් ගොඩනංවන ලදි. දකුණතින් පිත්ත හසුරුවන සිල්වාගේ සහය පිණිස තවත් පිතිකරුවෙක් ඔහු වෙනුවෙන් දිවීමට සිටි අතර, ඔහු දුවද්දී දැවී යාමට හසු වූ නිසා පන්දු 46ක් තුළ ලකුණු 64ක් ලබා සිටි සිල්වා දැවී ගියේය.

ශ්‍රී ලංකාව – 358/8 (40): චන්දන දේශප්‍රිය 97*, සුරංග සම්පත් 68, කේ. සිල්වා 64, සුනිල් රමේශ් 3/43.

ඉන්දියාව – 359/4 (31.1): දීපක් මලික් 178*, ප්‍රකාශ් ජයරාම් 75, වෙන්කතේශ්වර් රාඕ 28, චන්දන කුමාර 1/40.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා අභියෝගය ඉන්දියාව ජය ගනී

Title