ගෙවුනු දවස පෙබරවාරි 28 – බංගලාදේශය සමඟ සටනට අසේල

569

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

තර්ස්ටන් සහ වේල්ස් කුමරුවන් අවසන් පූර්ව වටයට

15774908_1347199872020241_368527844261818388_oසිංගර් වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (28) පැවති තරග සංඛ්‍යාව දෙකකි. එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූහ. මෙම තරග දෙකේම ජයග්‍රහණය සත්කාරක පාසල් සතු වීමද විශේෂත්වයක් විය.

තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 293 (පන්දුවාර 50): චරණ නානායක්කාර 92, ඉමේෂ් විරංග 67*, යෙශාන් වික්‍රමාරච්චි 56, ඩැනියෙල් ගීතාංජන 2/61.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 31): ගිහාන් ගුණසේකර 36, නිපුන් ලක්ෂාන් 3/03.

සම්පූර්ණ තරග වාර්තාව: තර්ස්ටන් සහ වේල්ස් කුමර ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට


ශිහාන් ප්‍රනාන්දුගෙන් ශතකයක්

U19 Schools Cricketලසිත උඩගේ විසින් දියත් කල දක්ෂ පන්දු යැවීම හා ශිහාන් ප්‍රනාන්දුගේ ශතකය වෙත අවධානය යොමු වූ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ (28) අවසන් විය. එසේම සුලෝහිත සංග්‍රාමයේ පුහුණු තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 205 (42): ලසිත් කෲස්පුල්ලේ 83, රවිදු ප්‍රනාන්දු 39, සංබ පූර්ණ 24, පෘථිවි රෑසර 6/45

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 144 (36.5): අචින්ත මල්ශාන් 46, පසිදු උශෙට්ටි 4/50, සචිදු කොළඹගේ 2/29

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉණිම – 76/2 (16): ලසිත් කෲස්පුල්ලේ 50

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (39.5): සංදීප දේශාන් 38, ප්‍රවීන් ෆොන්සේකා 38, චමිදු විජේසිංහ 4/29, මහේෂ් තීක්ෂණ 4/30

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – 270/8 dec (70.1): ශිහාන් ප්‍රනාන්දු 104, චමිදු විජේසිංහ 68, රෝශිත සෙනෙවිරත්න 3/66, සහන් දිනෙත් 2/46

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 81/2 (17): සංගීත් දේශාන් 28*

තරග වාර්තාව: ලසිත උඩගේ කඩුලු 7කින් දිනය නිමා කරයි


නායකත්වය රංගනට

pic 3සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟින් එළඹෙන මාර්තු 7 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න සහ මලින්ද පුෂ්පකුමාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කල ආකාරයට නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගාවලියට සහභාගි නොවීම නිසා රංගන හේරත්ට නායකත්වයේ වගකීම හිමිව තිබේ. හේරත් ගෙවුනු වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුනු ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීය.

සම්පූර්ණ සංචිතය: බංග්ලාදේශ තරගාවලියට පුෂ්පකුමාර, ගුණරත්න සහ දික්වැල්ල

දිනයක අවසානය