ගෙවුනු දවස පෙබරවාරි 25 – සදීරගෙන් විශිෂ්ට පිතිහරඹයක්

217

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

 ක්‍රිකට් 

ශම්මුගනාදන්ගෙන් කඩුලු 6ක්

Sri Lanka sports newsපළමු ඉනිමේ ජයග්‍රහණ රැසක්ම සමඟින් පාසල් ක්‍රිකට් පිටියේ තරග කිහිපයක් ඊයේ නිමාව දුටු අතර සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 5ක පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. සීමිත පන්දුවාර තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 80ක ජයග්‍රහණයක් හිමි විය.

මොරටු විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 98 (26): මලින්ද ජයෝද් 5/65, අවිශ්ක පෙරේරා 2/10, ඉයන් ඩෙවින් 2/17

සිරි කුරුස විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (56.4): නදීර මදුවන්ත 55, කවිඳු උමයංග 32, ලහිරු තඹවිට 29, රෙශාන් කවිශ්ක 4/44, ශෙහාර සොයිසා 3/42, නජිත් මිශේන්ද්‍ර 2/32

මොරටු විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 281 (78.5): ලහිරු ප්‍රනාන්දු 126*, හේශාන් ආධිත්‍යය 65*, මලින්ද ජයෝද් 5/91, දිල්හාර නානායක්කාර 3/41

සිරි කුරුස විද්‍යාලය දෙවන ඉනිම – 51/5 (16): පසිඳු පෙරේරා 43, ශෙහාන් ජීවන්ත 3/07, ශෙසද සොයිසා 2/08

ලකුණු සටහන: කළුතරට ජය ගෙන ගිය ලහිරුගේ සහ හේෂාන්ගේ සබඳතාවය


සහෝදර සටන ජය පරාජයෙන් තොරයි

march-madness

ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා පාසල් මහා ක්‍රිකට් තරග වලට 2017 වර්ෂය සඳහා 24 වැනිදා ආරම්භය තැබුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලයයි. ඒ අනුව බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් 54 වැනි වරටත් SSC පිටියේ දී පැවති සහෝදරයින්ගේ සටන ඊයේ (25) ජය පරාජයකින් තොරව නිමාවට පත්විය.

තර්ස්ටන් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 56.1): චරණ නානායක්කාර 58, කසුන් අබේරත්න 43, නවෝද් සමරකෝන් 34, නිපුන් ලක්ෂාන් 26, නෙරංජන් වන්නිආරච්චි 3/66, ලහිරු ඩිල්ශාන් 3/47.

ඉසිපතන විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 141 (පන්දුවාර 44.1): සංජුල අබේවික්‍රම 27, කළණ පෙරේරා 20,  පැතුම් නිස්සංක 17, හර්ෂ රත්නායක 16, චරණ නානායක්කාර 4/71, නවීන් ගුණවර්ධන 5/33.

තර්ස්ටන් විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 131 (පන්දුවාර 34): චරණ නානායක්කාර 55, නවෝද් සමරකෝන් 15, ප්‍රගීෂ මෙන්ඩිස් 12, නෙරංජන් වන්නිආරච්චි 3/58, අයන සිරිවර්ධන 3/30.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 68 (පන්දුවාර 26): සංජුල අබේවික්‍රම 13, හේෂාන් ප්‍රනාන්දු 12, පැතුම් නිස්සංක 10, නවීන් ගුණවර්ධන 3/31, තුශාල් මධුශංක 2/22.

සම්පූර්ණ තරග වාර්තාව: 54 වැනි සහෝදරයින්ගේ සටන 45 වැනි වරටත් ජය පරාජයෙන් තොරයි


සදීරගෙන් නොදැවී 177ක්

Sri Lanka A vs England Lions 25th feb

සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත් වූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක් ලබා දීමට ඊයේ (25) ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. ඒ දිනය නිමා වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 333ක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකා A පිළ වෙනුවෙන් පිත්තෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කිරීමට සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න සමත් වූ අතර පන්දුවෙන් තම කණ්ඩායමට උපරිම සේවයක් ඉටු කිරීමට මලින්ද පුෂ්පකුමාර සමත් විය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 97.5): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මැතිව් ලීච් 22*, ඔලී රේනර් 19, මලින්ද පුෂ්පකුමාර 8/127, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/44.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 333 (පන්දුවාර 79): සදීර සමරවික්‍රම 177*, දිමුත් කරුණාරත්න 140*, සඳුන් වීරක්කොඩි 14, ටොම් කුරාන් 1/31, රෝලන්ඩ් ජෝන්ස් 1/38.

සම්පූර්ණ තරග වාර්තාව: සදීර සමරවික්‍රම තම ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරයි


මැතිව්ස්ට බංගලාදේශයත් මඟ හැරේ

Mathews

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ නුදුරේදීම ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (25) නිල වශයෙන් දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා නායකයා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් හිදී පැවති දෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර දී කළව ප්‍රදේශයේ ආබාධයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන්ම නොබෝදා නිමාව දුටු ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුගෙන් ගිලිහී ගියේය.

සම්පූර්ණ වාර්තාව: ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අහිමි වේ


 පාපන්දු  

නිව් යංග්ස් 04 – 01 නාවික හමුදාව

pic 5

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරගාවලියේ 7 වැනි සහ අවසන් සතිය ඊයෙන් (25)  ආරම්භ වූයේ, ජයග්‍රහණයක් පිිළිබඳව සිහින දකිමින් සිටි නිව් යංග්ස් කණ්ඩායමට ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර දෙමිනි. ඒ ගෝල 04-01ක් ලෙසයි. තරගය කැළණියේ දී පැවැත්විය.

අවසන් ලකුණු තත්වය: නිව් යංග්ස් 04 – 01 නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: හසිත ප්‍රියංකර

ගෝල රැස් කල ක්‍රීඩකයින්

  • නිව් යංග්ස්: ෆොස්ටර් අමාඩී 21”, මොහොමඩ් ෆවුසාන් 47’, සුදත් ජයලත් 49’, හසිත ප්‍රියංකර 78’
  • නාවික හමුදාව: චමීර ක්‍රිෂාන්ත 58’

සම්පූර්ණ තරග වාර්තාව: නාවිකයෝ හමුවේ නිව් යංග්ස් ප්‍රථම ජය වාර්තා කරයි‍


රග්බි

රාජකීය, සාන්ත තෝමස් සහ සහිරා විදුහල් වලට ජය

Science College v Zahira College

පාසල් රග්බි පිටියේ පළමු සතියේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී තරග 3ක් පැවැත් වුනු අතර එම තරග වලින් රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය. ඒ පිළිවෙළින් සාන්ත ජෝසප් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය පරාජය කරමිනි.

.

  • රාජකීය විද්‍යාලය 28 ((3T 2C 2P 1DG) : 22 (4T, 1C) සාන්ත ජෝසප් විද්‍යාලය
  • සාන්ත තෝමස් විද්‍යාලය  57 (9T, 6C) : 00 වේල්ස් කුමර විද්‍යාලය
  • සහිරා විද්‍යාලය 19 (1T, 1C, 4P) : 13 (2T, 1C)  විද්‍යා විද්‍යාලය

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න

දිනයක අවසානය