ගෙවුනු දවස පෙබරවාරි 24 – වලියකින් අවසන් වූ තරගයක්

1414

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා බලාපොරොත්තු තරමක් ඈතට

SL A vs ENG LIONS - 2nd Match - Day 1සංචාරක එංගලන්ත ලයන්ස් පිළට එරෙහි නිල නොලත් සිව්දින ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (24) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. තරගාවලියේ ප්‍රථම තරගය ලකුණු 195කින් ලයන්ස් කණ්ඩායම ජය ගැනීම නිසා තරගාවලිය ගෞරවාන්විත ලෙස නිමා කිරීමට නම් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන්ම ජය ගත යුතු වූ නමුත් පළමු දිනය නිමා වෙද්දී පවතින්නේ ශ්‍රී ලංකාවට එතරම් සුබදායක තත්වයක් නොවේ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 339 (පන්දුවාර 91): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මැතිව් ලීච් 17*, හසීබ් හමීඩ් 15, මලින්ද පුෂ්පකුමාර 7/114, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/43.

සම්පූර්ණ තරග වාර්තාව: එංගලන්ත මැදපෙළ පවුර ශ්‍රී ලංකා බලාපොරොත්තු දුරස් කරයි


සහෝදරයින්ගේ සටනේ පළමු දිනය

Thurstan-v-Isipathana Day-1ජාත්‍යන්තර ජය ගත් ක්‍රිකට් තරු බිහි කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට කැප වුනු පාසල් දෙකක් වන කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය  ඊයේ 2017 පාසල් මහා ක්‍රිකට් තරග වාරයට ආරම්භය තැබීය. බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම සහෝදරයින්ගේ ක්‍රිකට් සටනේ 54 වැනි අදියර වෙනුවෙන් ඊයේ (24) විද්‍යාල දෙක එකිනෙකා මුණ ගැසුණේ කොළඹ SSC පිටියේදීයි.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 56.1): කසුන් අබේරත්න 43, ඉමේෂ් විරංග 19, චරණ නානායක්කාර 58, නවෝද් සමරකෝන් 34, නිපුන් ලක්ෂාන් 26, නිමේෂ් ලක්ෂාන් 34, නෙරංජන් වන්නිආරච්චි 3/66, ලහිරු ඩිල්ශාන් 3/47, හේෂාන් ප්‍රනාන්දු 2/19.

ඉසිපතන විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 78 (පන්දුවාර 23): කළණ පෙරේරා 20, හර්ෂ රත්නායක 16, පැතුම් නිස්සංක 17*, චරණ නානායක්කාර 1/28, නවීන් ගුණවර්ධන 1/13.

සම්පූර්ණ තරග වාර්තාව: සහෝදරයින්ගේ සටනේ දී දෙපිළේම ක්‍රීඩකයින් උද්වේගකර සටනක


රග්බි

පාසල් රග්බි සටනේ සමාරම්භය

pic 3සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 27-25ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට පීතරයෝ සමත් වූ අතර ප්‍රථම අර්ධයේ දී ද ඔවුන් පෙරමුණ ගත්තේ 24-15ක් ලෙසිනුයි.

දෙවැනි අර්ධයේ දී දඬුවම් පහරක ලකුණු පමණක් එකතු කර ගත් ජයග්‍රාහකයෝ සමස්ත තරගයේ දී උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 3ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කර ගැනීමට සමත් විය. ප්‍රතිවාදීන්ට රැස් කර ගත හැකි වූයේ උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහර 3ක් පමණි.

අවසන් ලකුණු : සාන්ත පීතර විද්‍යාලය 27 – 25 සාන්ත අන්තෝනි විදුහල

pic 4වෙස්ලි විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර පැවති තරගයෙන් උත්සාහක දිනුම් 10ක් වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ සමස්ත ලකුණු සටහන 64-24ක් ලෙස දැක්වූ අතර තරගය නිමා වූයේ පාසල් අතර ඇතිවූ ගැටුමක් ද සමඟිනි.

අවසන් ලකුණු : ත්‍රිත්ව විදුහල 64 – 24 වෙස්ලි විදුහල

සම්පූර්ණ තරග වාර්තාව: ත්‍රිත්ව – වෙස්ලි ගුටි කෙළියක; පීතරයෝ ජය පැන් බොති

දිනයක අවසානය