ගෙවුනු දවස පෙබරවාරි 20 – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය

564

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

චරණ නානායක්කාර 5/31

Singer U19 Schools Cricket February 20th roundupවර්ෂාව නම් බාධකයත් සමඟින් ක්‍රියාත්මක වූ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (20) පළමු දිනයට ආරම්භ විය. එහි දී තර්ස්ටන් නායක, දකුණත් මඳ වේගපන්දු යවන ක්‍රීඩක චරණ නානායක්කාර දිනය තුල කැපීපෙනෙන දස්කම් දක්වමින් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 106 (44): දුලාජ් විජේකෝන් 35, හේලිත විතානගේ 4/18, චාමික එදිරිසිංහ 2/17

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 85 (28.3): ධනංජය ලක්ෂාන් 28, චරණ නානායක්කාර 5/31, තුශාල් මදුසංක 2/08, නිපුන ලක්ෂාන් 2/24

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 93/4 (25): යෙශාන් වික්‍රමාරච්චි 35, ඉමේෂ් විරංග 33, අවිදු තීක්ෂණ 2/20, තිලංග උදේශන 2/30

සම්පූර්ණ තරග වාර්තාව: චරණ නානායක්කාර කඩුලු 5ක් උදුරා ගනී


ජයග්‍රහණය එංගලන්ත සිංහයන්ට

Sri Lanka A v England Lions 1st 4 day Test match Day 3 reportශ්‍රී ලංකා සංචාරය අරඹමින් පැවති පළමු සිව්දින ටෙස්ට් තරගයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම ඊයේ (20) සමත් විය. මෙම තරගය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය කැපී පෙනුනු අතර දේශීය පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අසමත් විය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4):  රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 215 (පන්දුවාර 80.5): කීතන් ජෙනින්ග්ස් 37, සෑම් කුරාන් 36, ඔලී රේනර් 32*, ටොම් කුරාන් 29, ටොම් හෙල්ම් 26, මලින්ද පුෂ්පකුමාර 4/77, දිල්රුවන් පෙරේරා 5/73, ලහිරු ගමගේ 1/26.

ශ්‍රී ලංකා A කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 58.1): උදාර ජයසුන්දර 64*, අසිත ප්‍රනාන්දු 30, ධනංජය සිල්වා 20, සඳුන් වීරක්කොඩි 16,  සෑම් කුරාන් 3/21, ටොම් කුරාන් 3/35, ඔලී රේනර් 2/53.

සම්පූර්ණ තරග වාර්තාව: කුරාන් සොහොයුරන් එංගලන්තයට ජයග්‍රාහී ඇරඹුමක් ගෙනෙයි

දිනයක අවසානය