ගෙවුනු දවස පෙබරවාරි 19 – කැන්ගරුවන්ට කොකා පෙන්වූ අසේල

908

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

   ක්‍රිකට්   

ඉනිමක ජය ඇලෝසියස් විද්‍යාලයට

pic 1 (1)අනාගත ක්‍රිකට් ලොවට දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් ඊයේ (19) අවසන් වූයේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟිනි. නමුත් එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හැකි විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 247(59.5): රවිදු සංජන 89, හරීන් බුද්ධිල 77, අශේන් බණ්ඩාර 52, ප්‍රමිත හංසික 3/30

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 178 (84.5): හංසික වැලිහින්න 31, රෙශාන් කාවින්ද 28, හරීන් බුද්ධිල 7/48

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 63 (11.2): නවිදු නිර්මාල් 41*

සම්පූර්ණ තරග වාර්තාව: සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්


ලංකාවට අසීරු ඉලක්කයක්

එංගලන්ත ලයන්ස් පිළේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන ප්‍රථම සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ (19) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. තරගයේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා තරගයේ පාලනය ලයන්ස් පිළ සතුවූ අතර ඒ හේතුවෙන්ම මේ වන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 365ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට ශ්‍රී ලංකා A පිළට සිදුව තිබේ.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4): සඳුන් වීරක්කොඩි 68, දිල්රුවන් පෙරේරා 37, මලින්ද පුෂ්පකුමාර 26, ලහිරු ගමගේ 8*, රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 215 (පන්දුවාර 80.5): කීතන් ජෙනින්ග්ස් 37, සෑම් කුරාන් 36, ඔලී රේනර් 32*, ටොම් කුරාන් 29, ටොම් හෙල්ම් 26, මලින්ද පුෂ්පකුමාර 4/77, දිල්රුවන් පෙරේරා 5/73, ලහිරු ගමගේ 1/26.

ශ්‍රී ලංකා A කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 41 (පන්දුවාර 15): උදාර ජයසුන්දර 18*, සඳුන් වීරක්කොඩි 16, රොෂේන් සිල්වා 7*, රෝලන්ඩ් ජෝන්ස් 1/9, ටොම් කුරාන් 1/10.

සම්පූර්ණ තරග වාර්තාව: එංගලන්ත ලයන්ස් පිළෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්


අසේලගේ පිතිකරණයෙන් ප්‍රේක්ෂකයින්ට හෘදයාබාධයක්

TP-97සකල ශ්‍රී ලංකා වාසි ක්‍රීඩාලෝලීන්ගේ දෙනෙතට සතුටු කඳුළු ගෙනෙමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා සිංහ පැටවුන් සමත් විය. මේ වන විට ශ්‍රී ලංකාව සහභාගි වන බොහෝ තරග වලදී දැකිය හැකි ආකාරයේ අතිශය උණුසුම් නිමාවකින් යුතු වූ මෙම තරගයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දක්වා ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගත් අසේල ගුණරත්න ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවා බවට පත්විය.

සම්පූර්ණ තරග වාර්තාව: අසේලගේ නොසංසිඳෙන අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්

දිනයක අවසානය