ගෙවුනු දවස: දෙසැම්බර් 04 – මහනුවරට තවත් පරාජයක්

727
Sri Lanka Sports News last day summary December 4th

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

රග්බි –

නාවිකයෝ සහ හැව්ලොක් ක්‍රීඩකයෝ ජය පැන් බොයි

2016/17 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ අවසන් තරග දෙක ඊයේ (04) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී සහ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී පැවැත්විය. එහිදී හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය නිමා වූයේ 37-26ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කරමිනි.

දෙවැනි තරගයේදී ලකුණු 37-32ක් ලෙසින් ලකුණු 5කින් තරගය ජයග්‍රහණය කලේ නාවික හමුදා කණ්ඩායමයි. ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ප්‍රභල මහනුවර කණ්ඩායමයි. මේ මහනුවර කණ්ඩායම මෙම තරග වාරයේදී ලද දෙවැනි පාරජය වීම තවත් සුවිශේෂී වේ.

සවිස්තර වාර්තාවන් බලාපොරොත්තුවන්න


ක්‍රිකට් –

දිමුත් සහ ධනුෂ්කගෙන් ශතකයන්

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් සොයා යන ප්‍රිමියර් ලීග් තරග වාරයේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 5ක් ඊයේ (04) ක්‍රියාත්මක විය. ඉන් තරග හතරක් ඊයේ නිමාව දුටු අතර ඒ අතුරින් ජයග්‍රහණ හිමිකර ගන්නට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය (CCC) සමත් විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – 235 (79.3): මහේල උඩවත්ත 69, සචිත්‍ර සේරසිංහ 34, කසුන් විදුර 33, අලංකාර අසංක 5/102, නුවන් කරුණාරත්න 3/35.

බදුරලිය ක්‍රිකට් සමාජය – 113 (44): ශෙහාන් ප්‍රනාන්දු 25, මතීෂ පෙරේරා 24, මලින්ද පුෂ්පකුමාර 6/41.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – (දෙවැනි ඉනිම) – 262/7 (59.2): මහේල උඩවත්ත 73, විදුර අධිකාරි 45, රුක්ෂාන් ප්‍රනාන්දු 41*, තික්ෂිල ද සිල්වා 34, අලංකාර අසංක 4/104.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – 93 (25.1): සාලිය සමන් 24*, මලින්ද පුෂ්පකුමාර 4/47, මධූක ලියනපතිරණගේ 6/36.

කොළඹ ක්‍රිකට් සමාජය – 195 (52.2): සචිත් පතිරණ 59, වනිඳු හසරංග 52, කුසල් මෙන්ඩිස් 24, කසුන් රාජිත 6/59, සුරාජ් රන්දිව් 2/53.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – 173 (52): ඉරෝෂ් සමරසූරිය 69, දෙනුවන් රාජකරුණා 29, ලහිරු ගමගේ 3/38, ලක්ෂාන් සඳකැන් 3/38.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – 208 (46.3): වනිඳු හසරංග 64, ලසිත් අබේරත්න 34, සචිත් පතිරණ 33, චතුර රන්දුනු 5/66, සුරාජ් රන්දිව් 3/33.

සැරසන්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) –121 (37.2): හර්ෂ කුරේ 31, උමේෂ් කරුණාරත්න 29, ලක්ෂාන් සඳකැන් 3/28, ලහිරු ගමගේ 2/31.

සම්පූර්ණ වාර්තාව: CCC සහ හලාවත මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරයි


ධනුෂ්කගේ ශතකයෙන් ජය කුරුණෑගලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බලගන්වනු ලබන 2016/17 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ කිහිපයක්ම පසුගිය දා ආරම්භ වූ අතර එම තරඟ වල තෙවන හා අවසන් දිනය ඊයේ (04) ක්‍රියාත්මක විය. එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරි  කණ්ඩායම ඉණිමක හා ලකුණු 3ක ජයග්‍රහණයක් ලබාගත් අතර කුරුණෑගල තරුණ කණ්ඩායම පළමු ඉණිමේ ජයක් ලබාගැනීමට සමත් විය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – 389/10 (112.2): ධනුෂ්ක ධර්මසිරි (නායක) 134, හශාන් ප්‍රභාත් 109*, මදුර මදුසංක 4/45, දිලංක ශ්‍රීමාල් 3/87

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – 337/5 (82): මදුර මදුසංක 120, සමීර සඳමාල් (නායක) 105* , බුද්ධික හසරංග 52, අනුරුද්ධ රාජපක්ෂ 2/21, චමින්ද පතිරණ 2/47

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 294/10 (71): බුද්ධික හසරංග 72, කුසල් එදිරිසූරිය 61, සමීර සඳමාල් 48, අශාන් රණසිංහ 46*, අනුරුද්ධ රාජපක්ෂ 3/42, හිරාත් මාපටුන 3/63

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – 172/10 (56.1): රංග දිසානායක (නායක) 41, උදයවංශ පරාක්‍රම 33, චානක කොමසාරු 5/47, චාමිකර එදිරිසිංහ 3/59

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 172/10 (45.1): උදයවංශ පරාක්‍රම 76, යොහාන් ද සිල්වා 3/20, චමින්ද බණ්ඩාර 2/37, චාමිකර එදිරිසිංහ 2/37, අකලංක ගනේගම 2/39

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 347/10 (106.4): ගයාන් මනිශාන් 72,  ඉශාන් රංගන 43, යොහාන් ද සිල්වා 32, හශාන් ජේම්ස් 4/31

සම්පූර්ණ ලිපිය: වරාය අධිකාරියට ඉණිමක ජයක්

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට


පසුගිය සතියෙන්

මැතිව්ස්ට සම්මාන 3ක්

ඩයලොග් සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධාන කෙරුණු 2016 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් 30 වැනිදා පස්වරුවේ පැවැත්වුණි.

2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ඇගයීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මෙම සම්මාන උළෙලේ උච්ඡතම අවස්ථාව සටහන් කරමින් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. මැතිව්ස් මෙම සම්මානය දිනාගත් 3 වන අවස්ථාව මෙය වන අතර දිනයේ පිරිනැමුණු සම්මාන 17 අතරින් සම්මාන ත්‍රිත්වයකම අයිතියද ඔහුට හිමිවීම කැපී පෙනුනි.

සවිස්තර වාර්තාව: උත්කර්ෂවත් ක්‍රිකට් සම්මාන උළෙලේ වැඩි ගෞරවය ඇන්ජලෝ මැතිව්ස්ට


තායිලන්තය හමුවේ ජය ශ්‍රී ලංකා කාන්තාවට

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තුන්වන තරගය 30 වැනිදා තායිලන්තයට එරෙහිව බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදී පැවැති අතර ලකුණු 75කින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරග සාරාංශය

ශ්‍රී ලංකාව – කඩුලු 6 දැවී ලකුණු 120 (පන්දුවාර 20) : හසිනි පෙරේරා 57, චමරි අතපත්තු 31,එෂානි ලොකුසූරිය 9*, සයිනැමින් සයින්යා 3/26.

තායිලන්තය – කඩුලු 9 දැවී ලකුණු 45 (පන්දුවාර 20) : චනිදා සුත්තිරුන්ග 12, උදේශිකා ප්‍රබෝධනී 3/8,  ඉනෝකා රණවීර ¾

සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා පන්දු යවන්නියන් යළි සාර්ථක වෙයි