ගෙවුනු දවස: දෙසැම්බර් 03 – දික්වැල්ල 183යි

385
Sri Lanka Sports News last day 3rd

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

පොලීසිය පරාජය කරමින් ජය පානදුරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන2016/17 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ කිහිපයක්ම 02 වැනිදා ආරම්භ වූ අතර එම තරඟ වල දෙවන දිනය ඊයේ (03) ක්‍රියාත්මක විය. එහිදී පානදුර ක්‍රීඩා සමාජය විසින් පොලිස් ක්‍රීඩා සමාජය ඉණිමකින් හා ලකුණු 15කින් පරාජයට පත් කරන්නට සමත් විය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – 375/09 (107): ධනුෂ්ක ධර්මසිරි 134, හශාන් ප්‍රභාත් 97*, මදුර මදුසංක 4/45

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 294/10 (71): බුද්ධික හසරංග 72, කුසල් එදිරිසූරිය 61, සමීර සඳමාල් 48, අශාන් රණසිංහ 46*, අනුරුද්ධ රාජපක්ෂ 3/42, හිරාත් මාපටුන 3/63

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම දෙවන ඉණිම (f/o) –151/10 (36.5): අසේල අලුත්ගේ 74, තුශිර මදනායක 34, චරිත බුද්ධික 5/42, ලසිත ප්‍රනාන්දු 3/26, ගයාන් සිරිසෝම 2/40

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 263/10 (59.2): මි‍ශේන් සිල්වා 60, චරික බුද්ධික 44*, නිසල් රන්දික 37, චාමර සිල්වා 29, මයේෂ් ප්‍රියදර්ශන 3/62, සුවන්ජි මදනායක 3/76

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම  – 97/10 (27.3): ගයාන් සිරිසෝම 9/38

සම්පූර්ණ ලිපිය: පානදුර ක්‍රීඩකයෝ පොලීසිය ඉණිමකින් පරාජය කරයි


දිමුත්ගෙන් ශතකයක්

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් තරග වාරයේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 5ක් ඊයේ (03) ක්‍රියාත්මක විය. එහිදී වේගවත් පිති හරඹයක යෙදෙමින් ලකුණු 183ක් රැස් කල නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් අතරින් කැපී පෙනුනු අතර, ලකුණු 41කට කඩුලු 6ක් බිඳ හෙලූ මලින්ද පුෂ්පකුමාර පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණි.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 503 (පන්දුවාර 127.4): දිමුත් කරුණාරත්න 149, ධනුෂ්ක ගුණතිලක 117, චරිත් අසලංක 57, දසුන් ශානක 51, පුළිණ තරංග 2/67, චාමික කරුණාරත්න 2/104.

ටැමිල් යූනියන් – කඩුලු 2ක් දැවී ලකුණු 171 (පන්දුවාර 48): දිනුක් වික්‍රමනායක 81*, තරංග පරණවිතාන 66.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 79.3): මහේල උඩවත්ත 69, සචිත්‍ර සේරසිංහ 34, කසුන් විදුර 33, අලංකාර අසංක 5/102, නුවන් කරුණාරත්න 3/35.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 44): ශෙහාන් ප්‍රනාන්දු 25, මතීෂ පෙරේරා 24, මලින්ද පුෂ්පකුමාර 6/41.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – (දෙවැනි ඉනිම) කඩුලු 5ක් දැවී ලකුණු 196 (පන්දුවාර 51): මහේල උඩවත්ත 73, විදුර අධිකාරි 45*.

සම්පූර්ණ ලිපිය: දික්වැල්ලගේ ප්‍රහාරාත්මක ඉනිම NCC ඉනිම බලගන්වයි


සහභාගී වූ අවසන් තරගයේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය ඊයේ (03) බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදී බංගලාදේශ කාන්තා කණ්ඩායමට එදිරිව පැවැත්විණි. මෙම තරඟයෙන් කඩුලු 07ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

බංගලාදේශ කාන්තා කණ්ඩායම – 93/03 (20): සන්ජිඩා ඉස්ලාම් 35, ශයිලා ශර්මින් 25*, ශමිමා සුල්ටනා 17, චමරි ජයංගනී 2/24, ශ්‍රීපාලි වීරක්කොඩි 1/23

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 97/03 (19): චමරි ජයංගනී 39, යශෝධා මෙන්ඩිස් 24,  රුමානා අහමඩ් 2/07

දිනයක නිමාව