ගෙවුනු දවස: දෙසැම්බර් 22 – කාගේත් අවධානය සචිත්‍රට

564
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

සචිත්‍රගෙන් ශතකයක්

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන් ජාත්‍යන්තරය කරා රැගෙන යාමේ අරමුණින් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 5ක් ඊයේ (22) ක්‍රියාත්මක විය. ඒ අතුරින් දඟ පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සචිත්‍ර සේනානායක ඊයේ වාර්තා කළ ශතකය කාගේත් අවධානයට ලක්විය.

BRCසියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 74.2): ලසිත් ලක්ෂාන් 63, හශේන් රාමනායක 53, චානක විජේසිංහ 52, තිලාන් තුෂාර 3/54, දිලංක සඳකැන් 3/80.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 226 (පන්දුවාර 61.3): රුවිඳු ගුණසේකර 50, ප්‍රිමෝශ් පෙරේරා 45, ටී. එම්. සම්පත් 4/57, දිනුක හෙට්ටිආරච්චි 4/73.

BRC (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 164 (පන්දුවාර 35.1): ටී. එම්. සම්පත් 56*, ලසිත් ලක්ෂාන් 46.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 490 (පන්දුවාර 99.5): සචිත්‍ර සේනානායක 120, මිනෝද් භානුක 97, ධනුෂ්ක ගුණතිලක 94, චරිත් අසලංක 37, කවිඳු කුලසේකර 36, මලිත් ද සිල්වා 4/151.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 179 (පන්දුවාර 66): නිසල් ෆ්‍රැන්සිස්කෝ 58, ජෙෆ්රි වැන්ඩර්සේ 4/40, සචිත්‍ර සේනානායක 4/52.

සම්පූර්ණ ලිපිය: පන්දුව හුරු දෑතින් පිත්ත හැසිරවූ සචිත්‍රගෙන් සුපිරි ශතකයක්!


ජයග්‍රහණයේ බලාපොරොත්තු පානදුරට

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම 21 වැනිදා ආරම්භ විය. ඊයේ (22) දිනය තුල කඩුලු 10ක් දවාලූ ගයාන් සිරිසෝම පානදුර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහනයට යන ගමන වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් සිදුකරන ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 89.2): චානක රුවන්සිරි 100, ලක්ෂාන් රොද්‍රිගෝ 91, ලාල් කුමාර 86, රජීව වීරසිංහ 51 , මිතුන් ජයවික්‍රම 3/103, චරිත් මාපටුන 2/50

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 79.1): හශාන් ප්‍රභාත් 76, අනුරුද්ධ රාජපක්ෂ 40, රජීව වීරසිංහ 4/59, නවීන් කවිකාර 3/81

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) (F/O)  – කඩුලු 3ක් දැවී ලකුණු 23 (පන්දුවාර 16): හශාන් ප්‍රභාත් 13*, ධනුෂ්ක ධර්මසිරි 9*, නවීන් කවිකාර 1/10

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 76.2): බුද්ධික සඳරුවන් 43*, රොස්කො පහටිල් 38, මංජුල ජයවර්ධන 4/47, පාලිත කුමාර 2/15

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 87.1): සමිත් දුශ්ශන්ත 82, සුවන්ජි මඳනායක 31, සොහාන් රංගික 3/36

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 1ක් දැවී ලකුණු 5 (පන්දුවාර 5)

සම්පූර්ණ ලිපිය: සිරිසෝමගෙන් පානදුරට ජයග්‍රහණයේ පෙරනිමිති


ජයග්‍රහණය පීතරයින්ට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරඟ දෙකක් ඊයේ (22) පැවැත්වූ අතර, 21 වැනිදා ආරම්භ වූ තරඟයෙන් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නට සමත් විය.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 50.4): ගජිත කොටහේගොඩ 33, මොහොමඩ් අමීන් 4/41, සචින් සිල්වා 3/19, චතුර ඔබේසේකර 3/46

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 64.2): මනෙල්ක ද සිල්වා 79, සාලිත් ප්‍රනාන්දු 77, සන්තුෂ් ගුණතිලක 28

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 72 (පන්දුවාර 44.2): සංජය රංජිත් 28*, මොහොමඩ් අමීන් 4/30, සචින් සිල්වා 3/18, චතුර ඔබේසේකර 3/21

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 4 (පන්දුවාර 0.4)

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 307 dec (පන්දුවාර 65): අවිශ්ක පෙරේරා 109, දසුන් සෙනෙවිරත්න 48, කසුන් සඳරුවන් 45*, මාලිංග අමරසිංහ 35, මහීම වීරකෝන් 3/89

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 65 (පන්දුවාර 28)

සම්පූර්ණ ලිපිය: සාන්ත පීතර විද්‍යාලයට අමතක නොවන ජයක්

දිනයක නිමාව