ගෙවුනු දවස: දෙසැම්බර් 21 – වසර 20 පසුව ජයග්‍රහණය ජෝසප් විදුහලට

519
Sri Lanka Sports News last day summary December 21st

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

පාපන්දු –

සිරිකුරුසය පරදවා ජය සා. ජෝසප් විදුහලටක

ඊයේ (21) මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදී පැවති 19න් පහල ප්‍රථම කාණ්ඩයේ පාසල් පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ගෝල 2-1ක් ලෙස කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව ජයගන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

ප්‍රථම අර්ධය – කළුතර සිරිකුරුස විද්‍යාලය 1-1 මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය.

සම්පුර්ණ කාලය – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය 2-1 කළුතර සිරිකුරුස විද්‍යාලය.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – අසේල මධුශාන් 16′, අමිල ධනංජය 62′.
  • කළුතර සිරිකුරුස විද්‍යාලය – 1 (මයුරක පෙරේරා විසින් තමාගේම ගෝලය වෙත එල්ල කරන ලදී)

සම්පූර්ණ ලිපිය: 19න් පහල කිරුළ සාන්ත ජෝසප් විදුහලට


ක්‍රිකට් –

ටැමිල් යූනියන් ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ (21) පැවැත්වුනු ටැමිල් යූනියන් සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය ටැමිල් යූනියන් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය හිමිකර දෙමින් නිමාවට පත්වූ අතර අද පැවැත්වුනු අනෙක් තරග 5ම ඊයේ ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 252 (පන්දුවාර 63.3): චරිත් ජයම්පති 50, චාමික කරුණාරත්න 48, පුලිණ තරංග 39, මනෝජ් සරත්චන්ද්‍ර 37, සාලිය සමන් 4/51, අලංකාර අසංක 3/70.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 129 (පන්දුවාර 52.5): නදීර නාවෙල 60, රමිත් රඹුක්වැල්ල 5/33, ජීවන් මෙන්ඩිස් 4/49.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 239 (පන්දුවාර 58.3): සිතාර ගිම්හාන් 86, දිනුක් වික්‍රමනායක 48, අලංකාර අසංක 7/87.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 324 (පන්දුවාර 84.3): නිමන්ද මධුශංක 126, අලංකාර අසංක 69, ශෙහාන් ප්‍රනාන්දු 39, නදීර නාවෙල 31, රමිත් රඹුක්වැල්ල 4/130, ජීවන් මෙන්ඩිස් 4/90.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 74.2): ලසිත් ලක්ෂාන් 63, හශේන් රාමනායක 53, චානක විජේසිංහ 52, තිලාන් තුෂාර 3/54, දිලංක සඳකැන් 3/80.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 47 (පන්දුවාර 11): රුවිඳු ගුණසේකර 34*.

සම්පූර්ණ ලිපිය: දඟ පන්දුවේ ශක්තිය නිසා ටැමිල් යූනියන් කණ්ඩායමට තවත් ජයක්


චානක රුවන්සිරිගෙන් ශතකයක්

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (21) ආරම්භ විය. එහිදී ඊයේ දිනයේදී කැපි පෙනෙන දස්කම් දැක්වීමට ලංකන් ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 54.2): චාමර සිල්වා 72, මිශේන් සිල්වා 70, රැවන් ප්‍රනාන්දු 29, ඉශාන් අබේසේකර 4/78, දිලංක ශ්‍රීමාල් 3/47

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  (පළමු දිනය අවසානයේ දී)- කඩුලු 5ක් දැවී ලකුණු 97 (පන්දුවාර 35): දිනුශ්ක මාලන් 42*, සමීර සඳමාල් 33*, ගයාන් සිරිසෝම 4/35

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  (පළමු දිනය අවසානයේ දී) – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 89.2): චානක රුවන්සිරි 100, ලක්ෂාන් රොද්‍රිගෝ 91, ලාල් කුමාර 86, රජීව වීරසිංහ 51 , මිතුන් ජයවික්‍රම 3/103, චරිත් මාපටුන 2/50

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 9ක් දැවී ලකුණු 167 (පන්දුවාර 76): බුද්ධික සඳරුවන් 43*, රොස්කො පහටිල් 38, මංජුල ජයවර්ධන 3/34

සම්පූර්ණ ලිපිය: වරාය අධිකාරියෙන් සුපිරි දස්කම්


මහානාමයට සහ මලියදේවයට ජය

පාසල් ක්‍රිකට් තරු සොයා යන ගමනේ තවත් දිනයක් වූ ඊයේ (21) දිනය තුල, පළමු කාණ්ඩයේ තරඟ කිහිපයක්ම පැවැත්විණි. 20 වැනිදා ආරම්භ වූ තරඟ දෙකෙන් කොළඹ මහානාම විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය යන කණ්ඩායම් පළමු ඉණිමේ ජයග්‍රහණ ලබා ගන්නට ඊයේ සමත් විය.

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 58): සහන් සුරවීර 55, සම්මු අශාන් 50, අශාන් පියුමාල් 2/40, මහේල ද සිල්වා 2/44

මහානාම විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු  409 dec (පන්දුවාර 130.3): මලිදු මදුරංග 111, පවන් රත්නායක 102*, එශාන් නේලක 99, කවිදු මුණසිංහ 48, , අසේල සිගේරා 3/28

ආනන්ද විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 64 (පන්දුවාර 14): සම්මු අශාන් 34

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 43.3): හචිත තිමාල් 67, සසිරි අධිකාරි 61, දමිත සිල්වා 4/49, සංජීවන් ප්‍රියදර්ශන 2/24

මලියදේව විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 300 dec (64): දමිත සිල්වා 108, දුලාජ් රණතුංග 62, දිනංජය ප්‍රේමරත්න 33, අරෝශ මදුෂාන් 2/32, ජනිදු ජයවර්ධන 2/33

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 41.3): සිසිත මදනායක 77*, දමිත සිල්වා 5/76, සංජීවන් ප්‍රියදර්ශන 2/19

සම්පූර්ණ ලිපිය: වරාය අධිකාරියෙන් සුපිරි දස්කම්

දිනයක නිමාව