ගෙවුනු දවස අගෝස්තු 03 – හතුරුසිංහගේ කතාව බොරුවක්

1251

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

“මගේ සැලසුම වෙනම එකක්” – හතුරුසිංහ

Chandika Hathurasinghe

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන මේ වන විට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය හොබවන 48 හැවිරිදි චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය බාර ගනු ඇතැයි පැවත ගිය ආරංචිය අසත්‍ය එකක් බව ඔහු අවධාරණය කළේය.

ඔහු පවසා සිටියේ එංගලතයේ දී හා වේල්සයේ දී පැවැත්වෙන 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම සූදානම් කිරීම කෙරෙහි ඔහු මේ වන විට සිය පූර්ණ අවධානය යොදවා ඇති බවයි.

“අපි ඉදිරියේ දී ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ක්‍රීඩකයින් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන සිටින්නේ. මගේ මූලික ඉලක්කය 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය. මේ සෑම ක්‍රීඩකයෙකුටම දැඩි කැපවීමෙන් පුහුණුවීම් කටයුතු සිදු කරන්න පුරුදු වෙන්න වෙනවා. ඔවුන් දේශීය වශයෙන් සිදු කරන පුහුණුවීම් කටයුතුවල තත්වය එතරම් ඉහළ තැනක නැහැ. නමුත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරද්දී ඔවුන්ට තේරෙනවා ජාතික කණ්ඩායමට තේරෙන්න තියෙන්නේ කොයි වගේ තරගයක් ද කියලා. ඒ වගේම අවශ්‍යතාවයක් ආවොත් සංචිතය විශාල කරන්නත් අවධානය යොමු කරනවා.”

හතුරුසිංහ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

සම්පූර්ණ වාර්තාව: චන්දික හතුරුසිංහ පුහුණුකරු ධූරය බාර ගනී?


දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය

SLvIND 2nd Test Day 1

ඉන්දීය ප්‍රථම ඉනිම ශක්තිමත් කරමින් චෙටෙස්වර් පුජාරා සහ අජින්ක්‍යා රහානේ අතර ගොඩ නැගුණු නොබිඳුනු ද්විත්ව ශතක සබඳතාවය නිසා ඊයේ (03) ඇරඹුණු ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ වැඩි ගෞරවය ද මේ වනවිට සංචාරක ඉන්දියානුවන් සතු වී තිබේ. තරගය පැවැත්වෙන කොළඹ SSC පිටිය පාරම්පරිකව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් සැලකුවද තරගයේ මුල් දිනයේදීම ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාව වෙත එල්ල කොට ඇති අභියෝගය සුළුපටු නොවේ.

ඉන්දීය ප්‍රථම ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 344 (පන්දුවාර 90): චෙටෙස්වර් පුජාරා 128*, අජින්ක්‍යා රහානේ 103*, ලෝකේෂ් රාහුල් 57, ශිකර් ධවාන් 35, විරාත් කෝලි 13, දිල්රුවන් පෙරේරා 1/68, රංගන හේරත් 1/83.

සම්පූර්ණ වාර්තාව: රහානේ – පුජාරා සබඳතාවය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හඬවයි

දිනයක අවසානය