ගෙවුනු දවස අගෝස්තු 31 – ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට පාඩමක්

954
Sri Lanka Sports News

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

එක්දින තරගාවලියේ ජය කැන්ගරුවන්ට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති 4වන එක්දින තරගය කඩුලු 6කින් ජය ගනිමිනුයි. නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම මෙන්ම යලිත් වරක් අසාර්ථක වූ මුල් පෙළ, මෙම තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් විය.

මැතිව් වේඩ් හයේ පහරකින් ජයග්‍රාහී කඩඉම පසුකර යද්දී ඔස්ට්‍රේලියාව සතුව තවත් පන්දුවාර 19ක් සහ කඩුලු 6ක් ඉතිරිව තිබුණි.

මේ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට යලි අභිබවාලිය නොහැකි අයුරින් තරග 3 – 1ක් ලෙස පෙරමුණ ගන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. ජෝන් හේස්ටින්ග්ස් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නා ලදී.

සම්පූර්ණ ලිපිය: තුන් ඉරියව් දස්කම් ඕස්ට්‍රේලියාවේ ජය මග සකසයි


සංවර්ධනයට යටවු සිම්බාබ්වේ

සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින තරඟයේ සිව්වන හා අවසන් දිනය අද (31) හරාරේ පිටියේදී නිමාවට පත්විය. මෙම තරඟය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම දෙවන ඉණිම – 185-5 (41) අනුක්  ප්‍රනාන්දු 61*, සදුන් වීරක්කොඩි 35, පැතුම් වඩුගේ 30, ලුකේ ජොන්ග්වේ 2/25, කාල් මුම්බා 2/54

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ජය


වෙලඳ සේවා ක්‍රිකට් හි තවත් දවසක්

24 වන වතාවටත් සිංගර් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ වටය පසුගිය දා ආරම්භ විය. අද (31) මෙම තරගාවලියේ තවත් තරඟ දෙකක් පැවැත්වූ අතර මෙම තරඟ වලින් එල්. බී. ෆිනෑන්ස් ආයතන කණ්ඩායම හා  ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන ලදි.

මොබිටෙල් A කණ්ඩායම – 208-10 (44.4) ලහිරු ජයකොඩි 57, ගෙශාන් විමලධර්ම 52, රංග රාජපක්ෂ 22, සමිත් ප්‍රනාන්දු 3/29, සසිදු පෙරේරා 2/21

ජොන් කීල්ස්  B කණ්ඩායම – 210-8 (43.4) සමිත් ප්‍රනාන්දු 72, සාලින්ද උශාන් 42, ජනුදික ශ්‍රියාපාල 20, මොහොමඩ් ශිරාස් 2/44, මොහොමඩ් ඩිල්ශාඩ් 1/39

එල්.බී ෆිනෑන්ස් A කණ්ඩායම -301 -6 (50) ශසීන් ප්‍රනාන්දු 88, ලක්ෂාන් රොද්‍රිගෝ 59, එස්. ආරච්චිගේ 43, ඉයන් ඩැනියල්ස් 43, ඩී. හෙට්ටිආරච්චි 3/57, දමිත් රත්නායක 1/27

හේලිස් ආයතන A කණ්ඩායම – 124-10 (35.2) දිනුක ජයරත්න 24, නිමාශ  ගුරුසිංහ 21, එම්.සොයිසා 19, ටී.වීරකෝන් 3/14, ශිරාන් ප්‍රනාන්දු 2/13

සම්පූර්ණ ලිපිය: ජයග්‍රහණය ජෝන් කීල්ස් හා එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම්වලට

දවසේ නිමාව