ගෙවුනු දවස අගෝස්තු 29 – තේරීම් කමිටුව ඉවත් වේ

224

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

තේරීම් කමිටුවට මොකද වුනේ?

The national cricket selection committee resigns

සනත් ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (29) තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යවා තිබේ.

ලිපිවල සඳහන් පරිදි ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය අවසානයේ දී මොවුන් තම ධූරවලින් ඉවත්වන බව වාර්තා වේ. 2015 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමෙන් පසුවද තනතුරෙන් ඉල්ලා අස්වූ සනත් ජයසූරිය මහතා 2016 මැයි 1 වැනිදා නැවතත් එම ධූරය වෙත පැමිණි අතර මෙම වසර අවසාන වන තෙක් ඔහුගේ ධූරකාලය බලපැවැත්විණි.

සම්පූර්ණ වාර්තාව: ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි


ආබාධ මැද සංචිතයේ තවත් වෙනස්කම්

Chamara Kapugedara set to miss fourth ODI

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායක චාමර කපුගෙදර සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ එළඹෙන බ්‍රහස්පතින්දා (31) කොළඹ දී පැවැත්වෙන 4 වන තරගය සඳහා සහභාගී වීම අවිනිශ්චිත තත්වයක ඇත.

පසුගිය දා පල්ලෙකැලේ දී පැවති තෙවන එක්දින තරගයේ දී චාමර කපුගෙදර ශ්‍රී ලංකාවේ 20 වන එක්දින නායකයා බවට පත්වූ අතර ඔහු කොන්දේ ආබාධයකට මුහුණ දීම හේතුවෙන් ඔහු සිව්වන තරගයට සහභාගී වනවා ද? නැද්ද? යන්න පිළිබඳව අවසන් තීරණය කණ්ඩායම් කළමනාකාරිත්වය අද (30) ප්‍රකාශ කරනු ඇත.

“ඔහුට මහනුවර තරගය අතරතුරදීත් ඒ ගැටලුව තිබ්බා. නමුත් මම හිතන විදිහට ඔහු පිතිකරණයට ගියාම ඒක වැඩි වුනා. ඔහුගේ තත්වය ගැන භෞතචිකිත්සකවරයා හරියටම කියනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. බොහෝ දුරට අද (බදාදා) සවස් වරුවේ පැවැත්වෙන පුහුණු සැසියේ දී අපි ඒ ගැන තීරණය කරනවා. ඔහු අද පුහුණු වුනේ නැත්නම්, අනිවාර්යයෙන්ම ඔහු තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.”

සම්පූර්ණ වාර්තාව: කපුගෙදරට 4 වන තරගය අහිමි වෙයි ද?


තරගය කල් යයි

Sri Lanka XI vs World XI

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර ආධාර මුදල් එක්රැස් කිරීමේ අරමුණින් එළඹෙන සැප්තැම්බර් මස 08 වන දින ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා ඇත.

“2019 වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා ක්‍රීඩකයින් කළමනාකරණය සහ ක්‍රීඩකයින්ට ආබාධ ඇතිවීම වළක්වා ගැනීම අරමුණු කරගෙන, තාක්ෂණික කමිටුව මෙවන් අවස්ථාවක දී ක්‍රීඩකයින්ට ආබාධ ඇතිවීමේ අවදානමක් ගැනීම නුවණට හුරු නැති බව පැවසීම නිසා මෙම තරගය කල් දමන විධායක කමිටුව තීරණය කළා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ ය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර තරගය කල් යයි

දිනයක අවසානය