ගෙවුනු දවස අගෝස්තු 28 – ශ්‍රී ලංකාවට තවත් රග්බි කිරුලක්

389
Sri Lanka Sports News

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  රග්බි  

18න් පහල කිරුලත් ශ්‍රී ලංකාවට

දෙසතියකට පෙර වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමේ අයිතියට නතුවූ ආසියානු සත් සාමාජික රග්බි කිරුළේ, වයස අවුරුදු 18න් පහල කාණ්ඩයේ අයිතියත් මෙරටටම හිමි කර දෙන්නට ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයන් සමත් විය. ඒ තායිවානයේ පැවති තරගාවලියේ දෙවන අදියර අපරාජිතව අවසන් කරමිනුයි.

  • අවසන් තරගය – ශ්‍රී ලංකාව  10 – 05 චීන තායිපේ
  • පළමු වටයේ අවසන් තරගය – ශ්‍රී ලංකාව 19 – 14 චීන තායිපේ
  • ශ්‍රී ලංකාව  19 – 14 පිලිපීනය

සම්පූර්ණ ලිපිය : 18න් පහල ආසියානු සත් සාමාජික කිරුළත් ශ්‍රී ලංකාවට


  ක්‍රිකට්  

තෙවැනි තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ටී.එම්. ඩිල්ශාන්ගේ අවසන් එක්දින තරගය අමිහිරි අත්දැකීමක් බවට පත් කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමත් විය. ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති දෙරට අතර 3වන එක්දින තරගය කඩුලු 2කින් ජය ගනිමිනුයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නව නායක ඩේවිඩ් වෝනර් හට කාසියේ නිවැරදි පැත්ත තෝරා ගැනීමට නොහැකි වීම නිසාවෙන් යලිත් වරක් පළමුවෙන් පන්දුවට පහරදෙන්නට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව මේ තරගයට එක්වූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදුව තිබුණි.

සම්පූර්ණ ලිපිය: කැන්ගරුවන් ඩිල්ශාන්ගේ සමුගැනීමේ සාදය වනසති


මැසිනෝද් පරදා ජය තෝමසුවන්ට

සිංගර් කුසලාන වසය අවුරුදු 15න් පහල ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගයක් ඊයේ අවසන් විය. එහිදී කඳාන ද මැසිනොද් විද්‍යාලය අභිබවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

ලකුණු පුවරුව

ද මැසිනොද් විදුහල – පළමු ඉනිම –  සියල්ලන් දැවී – 205 (59.3) ෂෙනාල් ඩි මොරායස් – 50, සිහින සිතුමිණ – 43*, අදීප නානායක්කාර – 39, ඩෙල්මින් රත්නායක – 4/64, දිනෙත් වන්නිආරච්චි – 2/14

ශා. තෝමස් විද්‍යාලය – පළමු ඉනිම –  365/7 (85) ශලීන් ද මෙල් – 100 (ඉනිම අත්හිටුවන ලදී), මොහොමඩ් ඉෂාක් – 68, ගෙවින් බොතේජු – 68, මලිත්‍ර විමලසූරිය – 42, මාක් මතායස් – 3/87

සම්පූර්ණ ලිපිය: ශා. තෝමස් කණ්ඩායමත් අවසන් පූර්ව වටයට


සංවර්ධන පිලට තවත් අභියෝගයක්

දකුණු අප්‍රිකානු තරගාවලිය නිමාවූ විගස ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර තවත් එවන් වූ තරගාවලියක් ආරම්භ කරමින් පළමු සිව්දින තරගයේ පළමු දිනය ඊයේ (28) හරාරේ හිදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබාදෙන ලදි.

සම්පූර්ණ ලිපිය: සිම්බාබ්වෙන් පළමු දිනයේම අභියෝගයක්

දවසේ නිමාව

 පසුගිය සතිය 

පාසල් රග්බි පිටිය උණුසුම්

අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ A කාණ්ඩයේ මයිලෝ කුසලාන කණ්ඩායමකට ක්‍රීඩකයන් 12දෙනෙකු බැගින් සහභාගී වන රග්බි තරගාවලියේ පළමු දිනයේ ගෞරව දිනා ගැනීමට කිංග්ස්වුඩ්,ශා.පීතර, ත්‍රිත්ව සහ ශා.අන්තෝනි යන පාසල් සමත් විය. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මේ තරගාවලිය අද (28) අවසන් වෙයි. ඊයේ දිනය තුළ කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්විණි.

සම්පූර්ණ ලිපිය: 16න් පහල රග්බි ක්‍රීඩකයෝ දස්කම් දක්වයි


ජාත්‍යන්තර තරගවලින් ඩිල්ෂාන් විශ්‍රාම ගනි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දිග්විජය කල ජේශ්ඨ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිත 3වැනි එක්දින තරගයෙන් සහ විස්සයි විස්ස තරග ද්විත්වයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරග සංචාරය වන්නේ මෙයයි.

වසර 17ක සිය වෘත්තීය ක්‍රිකට් දිවියේ එක්දින තරග 329කට සහභාගී වෙමින් ලකුණු 10248කට අධික ලකුණු සංඛ්‍යාවක් වර්තා කල ඩිල්ෂාන් එලඹෙන ඔක්තොම්බර් මාසයේදි 40වැනි වියට පා තබයි.

සම්පූර්ණ ලිපිය: ඩිල්ස්කූප් නිර්මාතෘ ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යයි


ක්‍රිකට් තරු අභිශේකයට මෙවරත් සූදානම්

2015 වසරේ මෙරට ක්‍රිකට් තරු අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊයේ පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරුනු අතර එම සම්මාන උළෙල නිල වශයෙන් දියත් කිරීමද එහිදී සිදු කෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවන් සම්මාන උළෙලක් සංවිධාන කරන 8වන අවස්තාව මෙය වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සම්පාදක සමාගම වන ඩයලොග් ආසිආටා සමාගම නොකඩවා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලට නොකඩවා සවිබලය සපයන සිවුවන අවස්ථාවද මෙයයි.


වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් 16 මෙසේයි. 

ඇන්ජලෝ මැතිව්ස්, ධම්මික ප්‍රසාද්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, කෞෂාල් සිල්වා, ලහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, රංගන හේරත්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ටී,එම් ඩිල්ශාන්

සම්පූර්ණ ලිපිය: උත්කර්ශවත් ක්‍රිකට් සම්මාන උළෙල මෙවරත්


චන්න ගැන දයාසිරීගේ අවධානය

වසර ගණනකට පෙර පාපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අද මිනී වලවල් හාරමින් තම ජීවිතය ගැටගහගෙන යන  චන්නගේ ජීවිතය  වෙනුවෙන් සහ ඔහුගේ අනාගතය වෙනුවෙන්  තමා කඩිනමින් පියවර ගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.

සම්පූර්ණ ලිපිය: පාපන්දු ශූරයාට අැමතිගේ අවධානය