ගෙවුනු දවස අගෝස්තු 24 – වාර්තා අලුත් වු දෙවැනි දිනය

273
Sri Lanka Sports News last day summary august 24

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

දෙවැනි තරගයේ ජය සිංහ පුතුන්ට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ආර්. ප්‍රේමදාස පිටියේදී නිමාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වාර්තා කිහිපයක්ම අලුත් කරමිනි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හට හා තිලකරත්න ඩිල්ශාන් හට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනගා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ගුණතිලක ලකුණු 2කටත් හා ඩිල්ශාන් ලකුණු 10කටත් දවා ගන්නට ඔවුන් සමත් විය.

අනතුරුව දිනේෂ් චන්දිමාල් සහ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ල සඳහා වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 125ක දැවැන්ත සබඳතාවයකින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව සවිමත් කරන ලදි. අද දිනයේ චන්දිමාල් පිටියට පිවිසියේ නොකඩවා තරඟ 6කදී අර්ධ ශතක 6ක් ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍යය ඇතිව වුවද, අවාසනාවන්ත ලෙස අර්ධ ශතකයකට ලකුණු දෙකක් ඉතිරිව තිබියදි කඩුල්ල මුවා කිරීමකට හසුව දැවීයන ලදි. ඔහු විසින් වාර්තා කල ලකුණු 48ට 4 පහරවල් 2ක් සහ එක් හයේ පහරක් අැතුලත් විය.

ලකුණු සටහන

ශ්‍රී ලංකා කණ්ඩායම – 288 -10 (48.5) කුසල් මෙන්ඩිස් 69, ඇන්ජලෝ මැතිව්ස් 57, කුසල් පෙරේරා 54, දිනේෂ් චන්දිමාල් 48, ඇඩම් සැම්පා 3/42, ජේම්ස් ෆෝල්කනර් 3/45

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 206-10 (47.2) මැතිව් වේඩ් 76, ට්‍රැවිස් හෙඩ් 31, ස්ටීවන් ස්මිත් 30, ජෝජ් බෙයිලි 27, අමිල අපෝන්සු 4/18, තිසර පෙරේරා 3/33

සම්පූර්ණ ලිපිය: චන්දිට වාර්තාව මඟ හැරෙද්දි අැන්ජිට වාර්තාවක්


සංවර්ධන පිලට තරගාවලියේ පරාජය

පිතිකරුවන්ට උචිත තණ තීරුවක් වන ප්‍රිටෝරියා හිදී අද (24) දකුණු අප්‍රිකානු නැගී එන  කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වු දෙවන හා අවසන් සිව්දින තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. කෙසේ වෙතත් තරගාවලියේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවිය.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 510 -10 (132.1) ලහිරු මිලන්ත 196, සඳුන් වීරක්කොඩි 78, නිමන්ත ප්‍රනාන්දු 57, හශාන් දුමිදු 49, බජ්රන් කාල් ෆෝර්ටුයින් 4/97, මුබුලෙලෝ බුඩ්සා 3/87

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම දෙවන ඉණිම – 99-2 (33) අබ්ඩු ග්ලෙයිම් 37*, සයිමන් කොහොමාරි 27, අකිල ධනංජය 1/17, ශෙහාන් මදුසංක 1/22

සම්පූර්ණ ලිපිය: දෙවන තරඟය ජය පරාජයෙන් තොරයි


  පාපන්දු  

සුපිරි අටේ තරග කල්යයි

ඩයලොග් අාසිඅාටා අයතනයේ සවිබල ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් පවත්වන ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තරග මේ සති අන්තයේදි පැවැත්වීමට (27) නියමිතව තිබුනද නොවැලැක්විය හැකි හේතුවක් නිසාවෙන් එම තරග දින නියමයකින් තොරව කල් දැමීමට කටයුතු කර අැත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

දවසේ නිමාව