ගෙවුනු දවස අගෝස්තු 21 – ක්‍රීඩකයෙකුට සාධාරණයක්

259
Sri Lanka Sports News last day summary august 21

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

ඕස්ට්‍රේලියානුවන් දඟ පන්දු විභාගය සමත් වෙයි.

ශ්‍රී ලංකා තරග සංචාරය තුල පළමු වරට දඟ පන්දු ප්‍රශ්න පත්‍රය යන්තමින් ගොඩ දමා ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. ඒ දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 3කින් ජය ගනිමිනි.

ශ්‍රී ලංකාව – 227/8 (50)  – දිනේෂ් චන්දිමාල් – 80*, කුසල් මෙන්ඩිස් – 67, ටී.එම්. ඩිල්ශාන් – 22, ජේම්ස් ෆෝල්ක්නර් – 4/38, මිචෙල් ස්ටාක් – 3/32

ඔස්ට්‍රේලියාව – 228/7 (46.5) – ස්ටීවන් ස්මිත් – 58, ඒරන් ෆින්ච් – 56, ජෝජ් බෙයිලි – 39, මැතිව් වේඩ් – 26, දිල්රුවන් පෙරේරා – 3/48, ලක්ෂාන් සඳකැන් – 2/33

සම්පූර්ණ ලිපිය: ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 3ක ජයක්


දකුණු අප්‍රිකාවට යටවන සංවර්ධනය

සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය වන දෙවන සිව්දින තරගයේ පළමු දිනය  ඊයේ (21) දකුණු අප්‍රිකාවේ පිටෝරියා හිදී ආරම්භ විය. ඊයේ දිනය සඳහා තරඟය නිමාකරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 405ක් ලබාගෙන සිටින ලදි.

පළමු දිනය අවසන් වන විට,

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම – 405-3 (82) කැරබෝ මොගොට්සි 155*, මාර්කස් අකෙර්මාන් 91*, සයිමන් කොහොමාරි 59,  රුමේෂ් බුද්ධික 1/42

හෙට (22) තරගයේ දෙවන දිනයයි.

සම්පූර්ණ ලිපිය: දකුණු අප්‍රිකානුවන් ඉහල තැනක


සෙබෙස්තියන් විදුහලත් අර්ධ අවසන් වටයට

අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 4 වන අර්ධ අවසන් පූර්ව තරඟය අද (21) වත්තල ලයිසියම් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්විණි. මෙම තරඟය ලකුණු 104කින් සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය කරන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය A කණ්ඩායම  – 209-8 (50) ප්‍රවීන් කුරේ  66, තරුශ ප්‍රනාන්දු 27, ගිහාන් සේනානායක 19*, නිලුක්ශ දුල්මින 5/56, හරීන් බුද්ධිල 2/19

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 105-10 (31.2) නිලුක්ශ දුල්මින 28, රවිදු සංජන 20, නුවනිදු ප්‍රනාන්දු 4/26, දිනුජය රණසිංහ 3/19

සම්පූර්ණ ලිපිය: අවසන් අසුන සෙබස්තියන් විද්‍යාලයට


පාපන්දු –

චන්න ගැන දයාසිරීගේ අවධානය

වසර ගණනකට පෙර පාපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අද මිනී වලවල් හාරමින් තම ජීවිතය ගැටගහගෙන යන  චන්නගේ ජීවිතය  වෙනුවෙන් සහ ඔහුගේ අනාගතය වෙනුවෙන්  තමා කඩිනමින් පියවර ගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.

සම්පූර්ණ ලිපිය: පාපන්දු ශූරයාට අැමතිගේ අවධානය


රියෝ ඔලිම්පික් –

ඉන්ද්‍රජිත් හොඳම කාලය සමග 34

ක්‍රීඩකයින් 09 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය දරමින් බ්‍රසීලයේ රියෝ නුවරට පිටත් වූ ඉන්ද්‍රජිත් කුරේ අද (21) තම ඉසව්ව වන පිරිමි මැරතන් තරඟය සඳහා සහභාගි වූ අතර එහිදී කුරේ 34 වැනියා ලෙස තරඟය අවසන් කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම හා අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන ඉන්ද්‍රජිත් කුරේ පිරිමි මැරතන් තරඟය ඔහුට හැකි උපරිමයෙන් ජවය යොදා සාර්ථකව සහභාගි වෙමින් තරඟය සාර්ථකව අවසන් කල අතර ඔහු අද පැවති ඔලිම්පික් මැරතන් තරගයේ දී පැය 2 විනාඩි 17 තත්පර 06 කින් තරඟය අවසන් කරමින් 34 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ඉන්ද්‍රජිත් කුරේ ඔහුගේ හොඳම ඔලිම්පික් දස්කම් දක්වයි

දවසේ නිමාව

පසුගිය සතියෙන්

ක්‍රිකට් මූලස්ථානයක් ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් සුවිශේෂි දිනයක් වු ඊයේ දිනයේදි අාසියානු ක්‍රිකට් සභාවේ නව මුලස්ථානයක් කොළඹ 7 මේට්ලන්ඩ් චන්ද්‍රවංකය (Maitland Crescent) හි ස්ථාපිත කරන ලදි. අාසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා අැති මෙම සභාවේ සමාජිකත්වය දරණ රටවල් සංඛ්‍යාව 25ක්.

මෙම විවෘත කිරීමේ උත්සවයට ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, මුදල් අමාත්‍ය රවි කරුණානායක යන අමාත්‍යවරුන් සහභාගි වුනු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ අාසියානු ක්‍රිකට් සභාවේ වර්තමාන සභාපති තිලංග සුමතිපාල සහ තවත් ගෞරවනීය අමුත්තන් කිහිපදෙනෙක් මේ සඳහා එක්විය.


සුපිරි 8 දෙනා සටනට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය අගෝස්තු 27 දින සිට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන අතර, මෙරට පාපන්දු ක්‍රීඩාවේ අභිමානවත් කිරුළ අත්පත් කරගැනීම සඳහා A හා B ලෙස කාණ්ඩ දෙකක් යටතේ දක්ෂතම කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් එකිනෙකා සමඟ තරග වැදීමට නියමිතයි. සුපිරි 8 දෙනාගේ වටය අාරම්භ කරමින් ප්‍රථම තරගය, රිනවුන් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරග පිටියේ දී විදුලි ආලෝකය මධ්‍යයේ ප. ව. 6.00 ට ආරම්භ කිරීමට නියමිතයි.

සම්පූර්ණ ලිපිය: සුපිරි 8 දෙනා කුසලානයට සූදානම්


ඔ්ස්ට්‍රේලියාවෙන් ගිලිහුණු අංක 1 ඉන්දියාවට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3වන හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය ඊයේ (17) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ලකුණු 163කින් ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූ අතර රංගන හේරත් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉණිම 347-8 (99.3) dec – කෞෂාල් සිල්වා 115, ධනංජය ද සිල්වා 65*, දිනේෂ් චන්දිමාල් 43 ,‍නේතන් ලයන් 4/123

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම 160-10 (44.1) – ඩේවිඩ් වෝනර් 68, මිචෙල් ස්ටාක් 23 , ශෝන් මාෂ් 23, රංගන හේරත් 7/64 , දිල්රුවන් පෙරේරා 2/71

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙයි

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට