ගෙවුනු දවස අගෝස්තු 12 – වාස්ගේ සැලසුම

236

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

වේගවත් තණතිලි අවශ්‍යයි – වාස්

pic 1 (1)

2016/17 වර්ෂ පදනම් කර ගනිමින් පැවැත්වුණු ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් 15 දෙනා අතරින් 14ක්ම දඟපන්දු යවන්නන් බවට පත්විය. ඒ අතරිනුත් පසුගිය දේශීය තරගවල දී වැඩිම කඩුලු ලාභීන් දෙදෙනා බවට පත්වූ මාලින්ද පුෂ්පකුමාර සහ ලක්ෂාන් සඳකැන් අද (12) පල්ලෙකැලේ දී ආරම්භ වූ ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ගැලවුම්කරුවන් දෙදෙනා බවට පත්ව සිටිති.

“පළමු පෙළ ක්‍රිකට් තරගවල තත්ත්වය පිළිබඳව අපට සෑහීමකට පත් වීමට නොහැකියි. වේගපන්දු යවන්නන්ටත් ප්‍රතිඵලදායක ලෙස පළමු පෙළ තරග පැවැත්වීමට අපට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. අපි පළමු පෙළ තරගවල ඇති දුර්වලතා ගැන නිරන්තරයෙන්ම කතා කළත්, ප්‍රශ්නය තවමත් එතැනමයි. අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීමට නම්, ඒ වගේම වේගපන්දු යවන්නන් ගණන ඉහළ දමා ගැනීමට නම්, වේගපන්දු යවන්නන්ටත් උචිත අයුරින් සාධාරණ තණතිලි නිර්මාණය කිරීමට සිදු වෙනවා. ඒ දේ අපිට ක්‍රියාත්මක කිරීමට හැකි වුනොත් මා විශ්වාස කරනවා අපේ පන්දු යවන්නන් මීට වඩා සෑහෙන දියුණුවක් පෙන්නුම් කරයි කියලා.” වාස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

සම්පූර්ණ ලිපිය:  “දේශීය තරගවලට වේගවත් තණතිලි ලබා දෙන්න” – වාස්ගෙන් ඉල්ලීමක් 


ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය

pic 2 (1)

ඉන්දීය කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ ජය හිමිවීමෙන් අනතුරුව පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

එහි දී සුපිරි ආරම්භයක් ලබාගත් ඉන්දියානු කණ්ඩායම අති විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද මාලින්ද පුෂ්පකුමාර ඇතුළු දඟපන්දු යවන්නන්ගෙන් සැලකිය යුතු තරමේ දක්ෂතා ප්‍රකට වීම නිසා යම්කිසි පාලනයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විය.

සම්පූර්ණ වාර්තාව: ධවාන්ගේ ගිනිකෙළි මැද මාලින්දගෙන් සුබ පෙරනිමිති!


රග්බි –

අපරාජිත පේරේ ජය ගනි

pic 3

2017 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (12) නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී පසුගිය වසරේ ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 29-24 ක් ලෙස පරාජයට පත්කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 33-05 ක් ලෙස පරාජයට පත්කරනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලය යි.

සම්පූර්ණ වාර්තාව: අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවය අපරාජිත පේරාදෙණියට 

දිනයක අවසානය