ගෙවුනු දවස අගෝස්තු 02 – ශ්‍රී ලංකා රග්බිවලට ලොකු දඩයක්

497
Sri Lanka Sports News Last Day summary august 02

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.


  රග්බි  

නීති කැඩුවා යැයි දඩයක් පනවයි.

2014 වර්ෂයේ කොළඹ තුරඟ තරග පිටියේදි අාසියාවේ ප්‍රධාන රටවල් 5ක් අතර පැවති රග්බි තරගාවලියේදි (Asia 5 Nations)  සිදුවු බව පවසන අන්තර්ජාතික රග්බි නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් ලෝක රග්බි සංගමය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පවුම් 25 000ක දඬයක් නියම කර අැති බව වාර්තා වේ.

මීට හේතුව වී අැත්තේ එම තරගාවලියේදි ෆීජී ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ඉමෝරි වාක්වුලාගී සහ ජෝසප් ඩන් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජන කරමින් ක්‍රීඩා කිරීමයි.

මේ හේතුව නිසාවෙන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයට මිලියන 4.8 කට අාසන්න මුදලක් දඩ ලෙස ගෙවීමට සිදුවන අතර ඔවුන් ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් එම මුදල අඩුකර ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න


  ක්‍රිකට්  

නුවන් දෙවැනි ටෙස්ට් එකට නැහැ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආබාධිත වේග පන්දු යවන්නන් අතරට තවත් ක්‍රීඩකයෙක් එක්වී ඇත. ඒ 01වැනිදා පැවති පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ය. ඔස්ට්‍රේලියාව සමග හෙට (04) ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා, පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටින ඔහුගේ සහභාගීත්වය පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්ත්වයකය.

අද (03) දිනයේදී යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු, අනිද්දා ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ප්‍රදීප්ගේ සහභාගීත්වය පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව අැත.

සම්පූර්ණ ලිපිය: නුවන් ප්‍රදීප්ගේ සහයත් ශ්‍රී ලංකාවට අහිමිවෙයිද?


  දැල්පන්දු  

ශ්‍රී ලංකා දැල්පන්දුවෙන් ජපානයට ප්‍රහාරයක්

10වැනි අාසියානු දැල් පන්දු ශූරතාවය පසුගිය 31වැනිදා බැංකොක් නුවරින් අාරම්භ විය. ශ්‍රී ලංකාව තරග වැදුනු දෙවැනි දිනය වන ඊයේ ජපාන ක්‍රීඩිකාවන් හමුවේ 67-14 ලෙස ප්‍රභල ජයක් වාර්තා කිරීමට ගයනි දිසානායක ප්‍රමුඛ කණ්ඩායම සමත් විය.

ලකුණු සාරාංශය

පලමු දිනය – ජුලි 31

  • මැලේසියාව 73 – 16 ජපානය
  • තායිලන්තය 69 – 19 මාලදිවයින
  • සිංගප්පූරු 57 – 14, චීන තායිපේ

දෙවැනි දිනය – අගෝස්තු 01

  • සිංගප්පූරු 49 – 28 තායිලන්තය
  • චීන තායිපේ 11 – 59: හොංකොං
  • ජපානය 20 – 51 බෲනායි

තෙවැනි දිනය – අගෝස්තු 02

  • චීන තායිපේ 21 – 40 තායිලන්තය
  • හොංකොං 71 – 8 මාලදිවයින
  • මැලේසියාව 63 – 17 බෲනායි
  • ශ්‍රී ලංකා 63 – 17 ජපානය

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජපානයට පාඩම් කියා දෙයි

දවසේ නිමාව