ගෙවුනු දවස අගෝස්තු 04 – නුවන් ප්‍රදීප්ට වෙච්ච දෙයක්

198

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

නුවන් ප්‍රදීප්ට ආබාධයක්

pic 1 (1)

ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ 81 වන පන්දුවාරයේ දී නුවන් ප්‍රදීප්ගේ වම් පාදයේ කලව ආශ්‍රිතව යම් ආබාධයක් ඇති විය. එම නිසා  ප්‍රදීප්ට මෙම ටෙස්ට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසන ලදි.

“ඔහුට තව මාසයක් දෙකක් යනතුරු විවේක ගන්න වේවි.” යැයි දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී කරුණාරත්න ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය සඳහා අවතීර්ණ වූයේ එක් වේගපන්දු යවන්නෙකු සමඟයි. නමුත් දැන් ඔහු ආබාධයකට ලක්වී තිබීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වී තිබේ.

”මෙම තරගයේ දී ඔහුට පන්දු යැවීමට නොහැකි වුවත් පිතිකරණයේ නිරත වීමට හැකි වේවි. නමුත් ඒ ගැන නිවැරදිවම තීරණය කරන්නේ වෙන්නේ අද හෝ හෙට.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ESPNCricinfo වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

සම්පූර්ණ වාර්තාව: නුවන් ප්‍රදීප්ට ඉන්දීය තරගාවලිය අහිමි වෙයි


දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

pic 2 (3)

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වන ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වෙද්දී තරගය තුල ඉදිරියෙන් පසුවන්නේ ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 622ක් රැස් කරගත් සංචාරක ඉන්දීය කණ්ඩායමයි. එතකින් සෑහීමකට පත් නොවූ ඔවුන් ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ කඩුලු 2ක් ද බිඳ හෙළීමට ඊයේ (04) සන්ධ්‍යා කාලයේ දී සමත්කම් දැක්වූහ.

සම්පූර්ණ වාර්තාව: ඉන්දීය දඟයන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

දිනයක අවසානය