ගෙවුනු දවස අප්‍රේල් 07 – පළාත් තරගාවලියට ප්‍රවීණයින් රැසක්

1087

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

19න් පහළ ශූරතාවය කුමන පාසලට ද?

Singer Schools U19 Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (07) ආරම්භ වූ අතර ප්‍රථම දිනය නිමාවට පත්වන විට තරග ද්විත්වයේ පෙරමුණ ගන්නට කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත්ව සිටියි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වූයේ පිළිවෙළින් කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි.

සාන්ත පීතර විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 71.3): ශිවාන් පෙරේරා 68, රන්මිත් ජයසේන 43, මනෙල්කාර් ද සිල්වා 26, සන්තුෂ් ගුණතිලක 20, අසේල් සිගේරා 3/36, ශම්මු අශාන් 2/17, චාමික ගුණසේකර 2/35.

ආනන්ද විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 74 (පන්දුවාර 21): සහන් සුරවීර 24, කළණ විජේසිරි 20, සන්තුෂ් ගුණතිලක 4/15.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 97): නිපුන් ලක්ෂාන් 77, පවන් ප්‍රභාෂ් 73*, ‍යෙශාන් වික්‍රමාරච්චි 47, ප්‍රගීෂ මෙන්ඩිස් 22, අවිඳු තීක්ෂණ 5/78, සඳුන් මෙන්ඩිස් 4/72.

සම්පූර්ණ ලිපිය: සන්තුෂ්ගේ වේගය නිසා ආනන්දයට නොසිතූ අභියෝගයක්


පළාත් තරගාවලියේ සංචිතය නිකුත් වේ

SLC Super Provincial

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය අප්‍රේල් මස 9වන දා ආරම්භ වීමට නියමිත අතර, මේ සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් හි ක්‍රීඩක සංචිතය ඊයේ (7) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කරන ලදි.

මෙවන් තරඟාවලියක් පැවැත්වීමේ මූලික අරමුණ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන ශූරයින්ගේ කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමයි. මෙම තරඟාවලියේ දී ගාල්ල, කොළඹ, මහනුවර හා දඹුල්ල යන නාමයන් සහිත කණ්ඩායම් 4ක් තරඟ වදින අතර, මෙම තරගාවලියේ ලකුණු පුවරුව තුළ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අප්‍රේල් 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් සපුරා ගනු ඇත.

සම්පූර්ණ සංචිතය: සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියට සංචිතය නම් කෙරේ


   රග්බි   

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

Anurudda Wilwara

හොං කොං හිදී පැවැත්වෙන ලෝක කුසලාන සත්සාමාජික තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී හොං කොං කණ්ඩායම හමුවේ 31-05ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. දිනයේ පළමු තරගයේ දී ද ශ්‍රී ලංකාව චිලී දේශය හමුවේ ලකුණු 38-00ක් ලෙස පරාජය ලැබූ අතර ශ්‍රී ලංකාව, දිනය තුළ වාර්තා කළ එකම උත්සාහක දිනුමට අනුරුද්ධ විල්වර හිමිකාරීත්වය දැරුවේය.

සම්පූර්ණ වාර්තාව: හඬමින් සිටි ශ්‍රී ලංකාවට, විල්වරගෙන් ලේන්සුවක්

දිනයක අවසානය