ගෙවුනු දවස අප්‍රේල් 06 – මොර්ටාසාට ගෞරවනීය සමුගැනීමක්

468

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

දෙවැනි 20 බංගලාදේශයට

Sri Lanka vs Bangladesh 2nd T20Iමසකටත් අධික කාලයක් පුරාවට ඇදී ගිය බංගලාදේශ සංචාරය ඊයේ (06) ජයග්‍රාහකයෙකු නොමැතිවම නිමාව දුටුවේ දෙරට අතර ක්‍රියාත්මක වුනු දෙවැනි විස්සයි විස්ස තරඟය බංගලාදේශ කණ්ඩායම ලකුණු 45කින් ජය ගැනීමත් සමගයි. කෙසේ වෙතත් මීට පෙරාතුව බංගලාදේශයට එරෙහිව තම දක්ෂතා පෙන්නුම් කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරය පුරාවට දැක්වූ ක්‍රීඩාකරණය සතුටුදායක මට්ටමක පැවතියේ නැත.

බංගලාදේශය – කඩුලු 9ක් දැවී ලකුණු 176 (පන්දුවාර 20): ශකීබ් අල් හසන් 38, ඉම්රුල් කයිස් 36, සෞම්‍ය සර්කාර් 34, සබ්බීර් රහ්මාන් 19, මුසැද්දික් හුසේන් 17, ලසිත් මාලිංග 3/34, අසේල ගුණරත්න 1/15, තිසර පෙරේරා 1/24, නුවන් කුලසේකර 1/30.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 18): චාමර කපුගෙදර 50, තිසර පෙරේරා 27, උපුල් තරංග 23, සීක්කුගේ ප්‍රසන්න 11, මුස්ටාෆිසූර් රහ්මාන් 4/21, ශකීබ් අල් හසන් 3/24, මහමදුල්ලා රියාද් 1/15.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවේ දියාරු පිතිකරණය බංගලාදේශයට ජය ගෙනෙයි


   පාපන්දු   

නාවික කාන්තාවෝ ජයග්‍රහණය කරති

Navy v Police

2016/17 වර්ෂය සඳහා පැවැත්වූ ප්‍රිමියර් ලීග් කාන්තා පළමු පෙළ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය තුළ ගෝල 2-0ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජ කාන්තා කණ්ඩායම පරාජයට පත්කල නාවික හමුදා ක්‍රීඩා සමාජ කාන්තා කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දෙවන වරටත් දිනා ගැනීමට සමත් විය.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 2-0 පොලිස් ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 2-0 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරවරිය – තිලිණි ජයසිංහ (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

තරග වාර්තාව: පොලීසිය පැරදවූ නාවික කාන්තාවෝ ශූරතාවය දිනා ගනිති

දිනයක අවසානය