ගෙවුනු දවස අප්‍රේල් 04 – ජයග්‍රහණය සිංහ පුතුන්ට

481
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ප්‍රථම 20-20 ජය ශ්‍රී ලංකාවට

Sri Lanka Sports News

සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජය පරාජයෙන් තොරව නිමා වීමෙන් අනතුරුව ඊයේ (04) දෙරට අතර ප්‍රථම විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහිදී කුසල් පෙරේරා දියත් කල ප්‍රවේගකාරී පිතිකරණය නිසා කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

බංගලාදේශය – කඩුලු 6ක් දැවී ලකුණු 155 (පන්දුවාර 20): මොසැද්දික් හුසේන් 34*, මහමදුල්ලා රියාද් 31, සෞම්‍ය සර්කාර් 29, සබ්බීර් රෙහ්මාන් 16, ශකීබ් අල් හසන් 11, ලසිත් මාලිංග 2/38, සීක්කුගේ ප්‍රසන්න 1/19, විකුම් සංජය 1/24, අසේල ගුණරත්න 1/24.

ශ්‍රී ලංකාව – කඩුලු 4ක් දැවී ලකුණු 158 (පන්දුවාර 18.5): කුසල් පෙරේරා 77, උපුල් තරංග 24, සීක්කුගේ ප්‍රසන්න 22, අසේල ගුණරත්න 17, මශ්රාෆි මොර්ටාසා 2/32, ටස්කින් අහමඩ් 1/33.

සම්පූර්ණ වාර්තාව: කුසල් ආර්. ප්‍රේමදාස පිටිය දෙවනත් කරයි; ජය ශ්‍රී ලංකාවට


ආනන්ද විදුහලට තියුණු ජයක්

පන්නල ජාතික පාසල සහ හලාවත ආනන්ද විද්‍යාලය අතර “වයඹ සුලෝහිත සංග්‍රාමය” නමින් ප්‍රථම වරට පැවැත්වුණු සීමිත පන්දු වාර ක්‍රිකට් තරගයෙන් හලවත අනාන්ද විද්‍යාලය ලකුණු එකක තියුණු ජයක් ලැබීය. තරගය ඊයේ (4) පන්නල ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

හලාවත අන්නන්ද විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 125 ( පන්දුවාර 40.3): මදුරංග සිල්වා 21, ඉෂාර මදුෂාන් 18, චමෝද් ලක්ෂණ 16, සිතුම් අකලංක 29/4, පුලස්ති කව්ෂාන් 28/3, හෂාන් මදුසංක 30/2

පන්නල ජාතික පාසල සියල්ලන් දැවී ලකුණු 124 ( පන්දුවාර 32.5): ශාමික රුක්ෂාන් 34, ඉසුරු සම්පත් 20, මදුෂාන් නිමේෂ් 19, සිතුම් අකලංක 18, නිශාඩ් බණ්ඩාර 21/4, අසින්ත මෙත්ත්සිංහ 9/2, මදුරංග සිල්වා 22/2


   බොක්සිං   

විද්‍යාරතනය ශූරතාවය දිනා ගනී

Sri Lanka Sports News

කනිෂ්ඨ ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් තරග ඊයේ (04) මාස් රාජකීය බොක්සිං කවයේ දී පැවති අතර එහි දී පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට හොරණ විද්‍යාරතන විද්‍යා පීඨය සමත් විය. ඔවුන්ට පමණක් දෙවැනි වූ රාජකීය විද්‍යාලයීය බොක්සිං කණ්ඩායම අනුශූරතාවයට පත්විය. කාන්තා අංශයේ ශූරියන් බවට පත්වූයේ පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයයි. එහි අනුශූරතාවය වත්තේගම දුනුහප්පාව කනිෂ්ඨ විද්‍යාලයට හිමිවිය.

.

සම්පූර්ණ වාර්තාව: ශූරතාවය විද්‍යාරතනයට; රාජකීයයන්ට දෙවැනි තැන

දිනයක අවසානය