ගෙවුනු දවස අප්‍රේල් 28 – ඉසිපතනෙන් සහිරාවන්ට ප්‍රබල ප්‍රහාරයක්

712

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

අර්ධ ශතක රැසක්

SLC Super Provincial Cricketසුපිරි පළාත් වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක්ම ඊයේ (28) සාර්ථක ලෙස නිමාව දුටු අතර, එම තරග වලින් බස්නාහිර මධ්‍යම, බස්නාහිර උතුර, වයඹ හා මධ්‍යම යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

බස්නාහිර මධ්‍යම – සියල්ලන්ම දැවී 295 (පන්දු වාර 49): සවන ප්‍රභාශ් 59, ඉරංග හශාන් 52, සිතාර හපුවින 34, පසිඳු සූරියබණ්ඩාර 30, සුහඟ විජේවර්ධන 27, මන්තිල විජේරත්න 3/27, විහාන් ගුණසේකර 3/39, ශසික සෙනෙවිරත්න 2/44

උතුරු මැද – 226/8 (පන්දු වාර 50): කවිඳු මදරසිංහ 69, විහාන් ගුණසේකර 44, මන්තිල විජේරත්න 40, සුහඟ විජේවර්ධන 4/38, විමුක්ති කුලතුංග 2/45

වයඹ – සියල්ලන්ම දැවී 225 (පන්දු වාර 50) : සමිත් ඩිල්ශාන් 64, නිපුන් ධනංජය 51*, පුබුදු ගනේගම 29, කවීන් බණ්ඩාර 21, සනෝජ් දර්ශික 5/29

බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 158 (පන්දු වාර 44.1) : ශෙහාන් ඩිල්ශාන් 39, චමිල් මිශාර 30, පුබුදු ගනේගම 2/22, කවීන් බණ්ඩාර 2/26

සම්පූර්ණ වාර්තාව: අර්ධ ශතක වැස්සකින් පිටිය වර්ණවත් වේ


රග්බි –

වෙස්ලි සහ ඉසිපතනට ජය

pic 2පාසල් රග්බි ලීග් වසන්තයේ දෙවැනි වටය ආරම්භ කරමින් එහි පළමු තරග ද්විත්වය ඊයේ පැවැත් විය. ඉසිපතන විද්‍යාලයට එදිරිව සහිරා විද්‍යාලයත් වෙස්ලි විදුහලට එරෙහිව සාන්ත ජෝසප් විද්‍යාලයත් තරග කළේය.

ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ ඉසිපතන ක්‍රීඩකයින් සහිරා ක්‍රීඩකයින්ව ලකුණු 48-10ක් ලෙස පරාජය කළ අතර අනෙක් තරගයෙන් 14-23ක් ලෙස ජයග්‍රහණය කළේ වෙස්ලි විදුහලයි.

ලකුණු සටහන

  • ඉසිපතන විදුහල 48-10 සහිරා විද්‍යාලය
  • සාන්ත ජෝසප් විදුහල 14-23 වෙස්ලි විදුහල

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න

දිනයක අවසානය