ගෙවුනු දවස අප්‍රේල් 27 – සදීරගේ දක්ෂතා නිසා ගාල්ල අවසන් සටනට

442

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

සදීරගේ දැවැන්ත ශතකය

pic 221 හැවිරිදි යොවුන් පිතිකරු සදීර සමරවික්‍රම වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් සුපිරි පළාත් සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීමට ඊයේ (28) ගාලු කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන්නේ ප්‍රතිවාදී දඹුල්ල කණ්ඩායමයි. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක විය.

සම්පූර්ණ වාර්තාව: ගාල්ල අවසන් සටනට ගෙන ගිය සදීරගේ ශතකය


පාපන්දු –

B කාණ්ඩයේ ශූරතාවය සෙලින්කෝ කණ්ඩායමට

pic 1වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “B” කාණ්ඩයේ තරග දෙකක් සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී අද (27) පැවැත්විය. එහි දී “B” කාණ්ඩයේ ශූරයින් බවට පත් වීමට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කණ්ඩායම සමත් වූ අතර පැවති අනෙක් තරගයෙන් ලේක් හවුස් කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

සම්පූර්ණ ලකුණු:

  • සෙලින්කෝ ඉන්ෂූවරන්ස් 01 – 01 HNB බැංකුව
  • ලේක් හවුස් 01 – 00 ජෝන් කීල්ස්

සම්පූර්ණ වාර්තාව: B කාණ්ඩයේ ශූරයෝ සෙලින්කෝ ඉන්ෂුවරන්ස්


මලල ක්‍රීඩා –

ගෝන් ප්‍රී තරගාවලියේ දෙවැනි වටය

pic 3චීනයේ ජියැන්ග් සිං නුවර පැවැත්වෙන ආසියානු ගෝං ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන වටයේ තරගවලින් රිදී හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (27) සමත් විය. මෙම තරගාවලියේ පළමු වටයේ තරගවලින් පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුවත් දෙවන වටයේ දී පදක්කම් දෙකකින් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදුවිය.

සම්පූර්ණ වාර්තාව: හිමාෂට සහ නිමාලිට පදක්කම්

දිනයක අවසානය